Home Politics News Room : අසීරු මොහොතේ රට භාර ගනිමින් ධනාත්මක තැනකට රට ගෙන...

News Room : අසීරු මොහොතේ රට භාර ගනිමින් ධනාත්මක තැනකට රට ගෙන ආවේ ජනපති රනිල් තමයි

1
0

අසීරු මොහොතේ රට භාර ගනිමින් යම් ධනාත්මක තැනකට රට ගෙන ආ පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ මත විශ්වාසය තබා කටයුතු කරන ලෙසත් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (04) පැවැති විවාදයට එක් වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

වරින් වර බලයට පත්වූ ආණ්ඩු වසර 75ක් පුරා ගත් අසමත් සහ වැරදි තීන්දු හේතුවෙන් රට අර්බුදකාරී තත්ත්වයට පත් වුණා. ඒ සියලු අවස්ථාවල එම ආණ්ඩු පත් කළේ ද ජනතාව විසින්. රටක් ලෙස මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට නම් ඒ සඳහා ඉවසීමක්, පැහැදිලි දැක්මක්, පරිණත දේශපාලන අවබෝධයක් ඇති නායකත්වයක් වෙත අවස්ථාව සලසා දීම ජනතාවගේ වගකීමක්.

එළඹෙන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව රැස්වන අවසන් දිනයේ මෙරට විශාල අර්බුදයකට ලක්වූ පසුගිය කාලවකවානුව තුළ එම තත්ත්වයන් අත්විඳි අයෙකු වශයෙන් සහ රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට අණ පනත් ගෙන ආ මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් තළ යුතු කරුණු කිහිපයක් පවතිනවා. රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තත්ත්වය අසාධ්‍ය බවත්, රට ආර්ථිකමය වශයෙන් හා ප්‍රජාතාන්ත්‍රික වශයෙන් විශාල ප්‍රශ්නයක සිටින බවත් පැවසුවා. කළ හැකි අයෙකු සිටී නම් මේ රට භාර ගන්නා ලෙස ඉල්ලීම් කළා. එහිදී එවකට සිටි ප්‍රධාන විපක්ෂයේ විසඳුම වූයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය අසාධ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here