11
මාතර නගරයට සැතැප්ම 12 පමණ දුරින් නිල්වලා ගඟ අසබඩ සුවපහසු ශාන්ත පරිසරයක ඇති අතුරලිය නගරයේ ඇති අභයවර්ධන වික්රමසිංහ පරපුරේ නස්නාරංකැටිය වලව්ව මාතර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන මන්ත්රීන් හතර දෙනෙකුගේ මහ ගෙදර විය.
ඉංග්රීසි යටත්විජිත පාලනය පැවති සමයේ මාතර ප්රදේශයේ ප්රාදේශීය පාලකයන් වශයෙන් ක්රියා කළේ විදානච්චි නමින් හැඳින්වූ නිලධාරියෙකි. දොස්තර සුශීෂ්වර වික්රමසිංහයන්ගේ මුත්තණුවන් ද පියා ද මේ තනතුරු දැරූවකි. ප්රදේශයේ ගම්මුලාදෑනීන් කිහිපදෙනකු අතරින් උසස් මුලාදෑනියකු වූ විදානච්චි, පළාත භාර මහ මුදලාලිට ගම් රාශියක වගකිවයුත්තා විය.
දොස්තර සුශීෂ්වර වික්රමසිංහ උපත ලබන්නේ මේ අතුරලියේ නස්නාරංකැටිය වලව්වේ පරපුර….
දොන් ප්රදිනන්දිස් අභයවර්ධන වික්රමසිංහ (මුත්තණුවන්) (අතුරලිය වසමේ විදානච්චි), තේදියස් ප්රදිනන්දිස් අභයවර්ධන වික්රමසිංහ (පියා) (නස්නාරංකැටියේ රාලහාමි) (අතුරලිය වසමේ විදානාරච්චි ), දෝන ගබෝනා වික්රමසිංහ නොහොත් ගබෝනා නාගහවත්ත (මව) (ගාල්ල – හපුගල)
සහෝදර – සහෝදරියන් පිරිස :
ඩබ්ලිව්.පී.ඒ. වික්රමසිංහ නොහොත් පුණ්යසෝම වික්රමසිංහ නීතිඥ (වැඩි මහල් සහෝදරයා) 1952 අකුරැස්ස මග ජන මන්ත්රී විය., එඩී වික්රමසිංහ හෙවත් සොක්ඛතිස්ස අභය වර්ධන වික්රමසිංහ (මල්ලී) හිටපු ඇමැති දයානන්ද වික්රමසිංහගේ (පියා), ලීනා අභය වර්ධන වික්රමසිංහ (සහෝදරිය) ලියා අභය වර්ධන වික්රමසිංහ (සහෝදරිය) ලෝරා අභයවර්ධන වික්රමසිංහ (සහෝදරිය) ඩොරින් විනිෆ්රීඩා යං වික්රමසිංහ (දොස්තර සුගීෂ්වර වික්රමසිංහගේ බිරිය) අකුරැස්ස මන්ත්රිනී, අධි නීතිඥ සූර්යා වික්රමසිංහ (දියණිය) වරලත් ගෘහ නිර්මාණ ශිල්පි සුරේන් වික්රමසිංහ (පුතා) වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනි මායා වික්රමසිංහ (දොස්තර සුගීෂ්වර වික්රමසිංහගේ මිණිබිරිය ලංකාවේ ජීවත් වෙයි) වරලත් ගෘහ නිර්මාණ ශිල්පි සාෂා වික්රමසිංහ (දොස්තර සුගීෂ්වර වික්රමසිංහගේ මුණුබුරු දැනට අතුරලිය නස්නාරංකැටිය වලව්වෙ හි හිමිකාරිත්වය පැවරී ඇත්තේ මොහුටය ලංකාවේ ජීවත් වෙයි.) සංගීතඥ සෝනියා වික්රමසිංහ (දොස්තර සුගීෂ්වර වික්රමසිංහගේ මිණිබිරිය දැනට එංගලන්තයේ වෙසෙයි.)
අතුරලිය වලව්වේ ජායාරූප අකුරැස්ස විජිත සල්ගාදුගෙනි.)