Home Politics News Room : ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට

News Room : ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට

1
0

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි.

ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර ඇත.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර විවාදය 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සූදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here