17
දැනට අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් සහ මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා දශමයක හෝ වෙනසකට ලක්වුවහොත් කිසිම රජයකට මාසයකට වඩා කාලයක් මේ රට පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ තත්ත්වය මත 2048 දක්වා වන නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව, ඒ වැඩපිළිවෙළට අදාළ සැලසුම් නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයි ද හෙතෙම කීවේය.
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා හෝමාගම උඩුවන තොරමුල්ල ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ඒ වැඩපිළිවෙළ ඉදිරි වසර 5 දක්වා අඛණ්ඩව කරගෙන යෑමේ අරමුණින් පමණක් අප ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළා. ඒ හැර මෙය පුද්ගලයකු ජයග්‍රහණය කරවීමේ අරමුණින් කරන කටයුත්තක් නොවෙයි. ජාත්‍යන්තරය සමඟ එකඟතාවන්වලට එළඹ, අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන මේ වැඩපිළිවෙළ කිසිම ආකාරයකින් වෙනස් කර, සංශෝධනය කර රටට හෙටක් උදා කිරීමට හැකියාවක් නැහැ. මේ අවස්ථාවේ ඒ සඳහා හැකියාව, පළපුරුද්ද ඇති එකම අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.Ó
හෝමාගම ප්‍රදේශයේ ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කරමින්, ජාත්‍යන්තරයට ගෙනයෑමට සංවර්ධන කමිටු සභාපතිවරයා වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. රට පුරා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති ආරම්භ කළේ හෝමාගම ප්‍රදේශයෙන්. ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් ඇමැතිවරයා සහ මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් එවකට ඉතාමත් දුෂ්කර ප්රදේශයක්ව පැවති මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව තඹුත්තේගම, නුවරඑළිය, වේයන්ගොඩ, ඇඹිලිපිටිය, නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ ගණනාවක ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් ආරම්භ කළා.
අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් එකම ජාතික පාසලක්වත් නොතිබුණු මේ ප්‍රදේශයේ ආසියාවේ විශාලම ද්විතියික පාසල වන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කළා. සාම්ප්‍රදායික උසස් පෙළ විෂය ධාරා අතරට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකළා. තාක්ෂණ විද්‍යා පීඨ 251ක් ඇති කළා.
යුනෙස්කෝ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් දකුණු ආසියාවේ ගුරුවරුන් වෙනුවෙන් ආසියානු ගුරු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයක් මේ ප්‍රදේශයේ ආරම්භ කළා.
විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨ, රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රාශියක් මේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා.
පසුගිය දශක දෙකක කාලයේ ශ්‍රී ලංකාවේ වැඩිම සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ ප්‍රදේශය වුණේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයයි. ඒ තත්ත්වය මත ඕනෑම රජයක විශාල වගකීමක් අප වෙත පැවරුණා. සෑම අවස්ථාවකදී මේ රට වෙනුවෙන් අවශ්‍ය දේශපාලන තීන්දුවලට නිර්භීතව එළඹුණා.
පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාව වන විට මෙරට මාර්ග සංවර්ධනය සඳහා ලෝක බැංකුව මඟින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වෙන් වී තිබුණා. රටේ ඖෂධ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ගෑස්, පොහොර හිඟ වන විට වෙන් වී තිබූ ඩොලර් මිලියන 500න් 310ක ප්‍රමාණයක් එම ද්‍රව්‍ය ලබාගැනීමට නැවත ලබාගත්තා. ඒ තත්ත්වය මත සමස්ත ලංකාවේ කිසිදු මාර්ගයක් සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙතෙක් සෑම රජයක්ම එම සංවර්ධන කටයුතු කර තිබෙන්නේ ණය වශයෙන් ගත් මුදලින්. සුරුට්ටු කඩයක් හෝ පවත්වාගෙන ගොස් අත්දැකීමක් නැති අය කුමන ප්‍රකාශ කළත්, රජයක් පවත්වාගෙන යෑමට පවතින ආදායම ප්‍රමාණවත් නැහැ. විදේශීය ණය නොගෙවීම මත කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට ණය ආධාර ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව නිශ්චිත සැලැස්මකට කරගෙන යනවා. ඊට අදාළ පනත් සම්මත කර මේ වන විට රට යළිත් හුස්ම ගන්නා තත්ත්වයට පත් කර තිබෙනවා.
හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.