Home World News Room : නෙදර්ලන්තයේ අධ්‍යාපනයට විදෙස් සිසුන් ගැනීම ආරක්ෂක හේතු මත සීමා...

News Room : නෙදර්ලන්තයේ අධ්‍යාපනයට විදෙස් සිසුන් ගැනීම ආරක්ෂක හේතු මත සීමා කරයි

5
0

නෙදර්ලන්තයේ අධ්‍යාපනය ලබන චීන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව සිදු කිරීමෙන් එරට සංවේදී ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය අඩාළවීමට හේතුවනු ඇතැයි චීනයේ රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ නෙදර්ලන්තයේ අයින්ඩොවෙන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන චීන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධව එරට අමෙරිකානු තානාපතිවරයා කනස්සල්ල පළ කළ බව එම විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා අනාවරණය කිරීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සංවේදි තාක්ෂණය හැදෑරිම සඳහා සිසුන්ට ප්‍රවේශය ලබාදීමේදී විශ්වවිද්‍යාලය අතිශය ප්‍රවේශම් සහගතව කටයුතු කරන බවත්, ඇතැම් විට චින සිසුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට සිදුවනු ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ලොව ප්‍රමුඛතම හා ප්‍රමිතියෙන් උසස් සංවේදී තාක්ෂණ සැපයුම්කරු වන නෙදර්ලන්තයේ ඒ සම්බන්ධව ස්ථාපිත කර ඇති අයින්ඩොවෙන් විශ්වවිද්‍යලයේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 25% ක්ම විදේශ සිසුන් බව ද වාර්තා වේ. ගෝලීය තාක්ෂණ උපකරණ පර්යේෂණ සඳහා එම විශ්වවිද්‍යාලය යුරෝ මිලියන 80ක් ආයොජනය කර ඇති අතර, ඉදිරි වසර 10 ඇතුළත එහි ආචාර්ය උපාධි වැඩසටහන වෙනුවෙන් අරමුදල් සැපයීමට තවත් යුරෝ මිලියන 100කට වඩා ආයෝජනය කිරිමට ද එම විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here