Home Sport News Room : වාරියපොළ ශ්‍රී සුමංගල-වත්තල ලයිසියම් අවසන් තරගය අද

News Room : වාරියපොළ ශ්‍රී සුමංගල-වත්තල ලයිසියම් අවසන් තරගය අද

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී සමුදිත ඒකනායකගේ නායකත්වයෙන් යුත් වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විදුහල සමඟින් තිනුක ජයසුන්දරගේ නායකත්වයෙන් යුත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරග වදියි.

වාරියපොළ ශ්‍රී සුමංගල පිල පළමු වටයේ දී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලද අතර, එහිදී කිරිඳිවැල මධ්‍ය මහා විදුහලත් තෙවැනි වටයේදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට එක්විය. එහිදී මහනුවර ත්‍රිත්ව ‘බී’ පරාජය කළ ඔවුන් අවසන් පූර්ව වටයේදී කෝට්ටේ ජනාධිපති විදුහල් ‘බී’ පිල සමඟ තරගය විසඳුමකින් තොරව නිමා වූ අතර, ප්‍රසාද ලකුණු අනුව ශ්‍රී සුමංගල පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

පළමු වටයේ දී තම කාණ්ඩයේ අනුශූරයන් වූ වත්තල ලයිසියම් පිල දෙවැනි වටයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලත්, තෙවැනි වටයේදී අනුරාධපුර මධ්‍ය මහා විදුහල පරාජය කළ අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී කොල්ලුපිටිය සාන්ත තෝමස් විදුහල පරාජය කළ ඔවුන්ට ද කොළඹ රාජකීය විදුහල් ‘බී’ පිල සමඟ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා කිරීමට සිදු විය. තරගාවලි කොන්දේසි අනුව ඉහළ ප්‍රසාද ලකුණු සාමාන්‍යයක් ලබා සිටීම හේතුවෙන් වත්තල ලයිසියම් පිලට අවසන් තරග වරම් හිමි විය.

මේ කණ්ඩායම් දෙක ඊළඟ තරග වාරයේ සිට 15න් පහළ පළමු කොටසේ තරගාවලියට උසස්වීම් ලැබ තරග වදිනු ඇත.

වත්තල ලයිසියම් සංචිතය: තිනුක ජයසුන්දර (නායක), තසිත් තනුවර, ශනුක් ජයවර්ධන, ඔවින් රදීෂ, කවීෂ මධුෂාන්, ඩිෂාන් පින්තෝ, තරුල් රණසිංහ, ශෂිදු සිල්වා, චෙනුල් කුලසේන, සෙනුක් ගුණසේකර, අනුසර වික්‍රමසේකර, මොවිඳු සෙනුල්, සෙනුද සිබේරා, අචිල ප්‍රේමරත්න, යෙනුල් බෝවිඳු, එසඳු මානසිංහ, තේනුක් තෙව්සර, සඳළු ඩයස්, තීක්ෂණ අබේරත්න (කණ්ඩායම් භාර ආචාර්ය), විරාජ් වීරසේකර (පුහුණුකරු), තරුෂාන් ජයමාන්න (පුහුණුකරු).

වාරියපොළ ශ්‍රී සුමංගල සංචිතය: සමුදිත ඒකනායක (නායක), ජනිත ඒකනායක, මතීෂ ලංසකාර, අමිෂ්ක ඉලංකෝන්, වෙහාන් සුදර්ශන, ඉන්දිර රත්නායක, සදීෂ සත්සර, ඉනුක දිසානායක, අරෝෂ බණ්ඩාර, ළිහිඳු පෙරේරා, කිදුරංග හේරත්, මියුරු ඒකනායක, සනිරු බන්නහැක, උදාන රාජපක්ෂ, ඉසිඳු බණ්ඩාර, මධුර පලුගස්වැව, සෙනුවර දිසානායක, බිගුන් හේරත්, අශේන් රත්නායක, දිදුල බණ්ඩාර, ටී.එම්.පී.එස්. තෙන්නකෝන් (කණ්ඩායම් භාර ආචාර්ය), සසංක ගස්පේ (ප්‍රධාන පුහුණුකරු), එච්.එම්.එම්.එස්. කරුණාරත්න (සහාය පුහුණුකරු).

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here