Home Politics News Room : අපේ රටේ දේශ­පා­ල­න­ඥ­යන් බොහෝ වෙලා­වට සංව­ර්ධ­නය දැක්කේ වැරදි ඇස­කින්

News Room : අපේ රටේ දේශ­පා­ල­න­ඥ­යන් බොහෝ වෙලා­වට සංව­ර්ධ­නය දැක්කේ වැරදි ඇස­කින්

0
0

අසත්‍ය චෝදනා එල්ල කර­මින් තමා සහ තම පවුලේ සාමා­ජි­ක­යන්ට එරෙ­හිව ක්‍රියා­ත්මක වූ අධි­ක­රණ ක්‍රියා­මාර්ග සඳහා යහ­පා­ලන ආණ්ඩුව විය­දම් කළේ මේ රටේ මහ­ජ­න­තා­ව­ගෙන් අය කර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක, පාර්ලි­මේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

ඒ මහතා මේ බව පැවැ­සුවේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරී­මට මාතලේ, නාඋල නග­ර­යේදී පසු­ගිය 09 වැනිදා පැවති ජන හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපේ රටේ දේශ­පා­ල­න­ඥ­යන් බොහෝ වෙලා­වට සංව­ර්ධ­නය දැක්කේ වැරදි ඇස­කින්. එක පැත්ත­කින් ඒ අයට දැක්මක් තිබ්බේ නෑ රට හදන්න. ඒ අය කව­දා­වත් සිතුවේ නෑ මේ රටේ මාර්ග පද්ධ­තිය කාපට් වෙලා ගම සහ නග­රය යා කරයි කියලා. ඒ අය බොහෝ වෙලා­වට බැලුවේ මැති­ව­රණ වේදි­කා­වේදී පොරොන්දු ගොන්නක් දී ඒ පොරොන්දු අලුත් කර­ගෙන ඊළඟ මැති­ව­ර­ණ­යට යන්න. ඒ නිසාම තමයි අපි අවු­රුදු තිහක් දැක්කේ මැති­ව­රණ වේදි­කාවේ දූෂ­ණය, භීෂ­ණය, යුද්ධය ආදිය පෙරළ පෙරළා කිය­නවා. දැන් යුද්ධය කියන කාර­ණය අව­සන්. ඒ නිසා දැන් බොහෝ වෙලා­වට හොරු අල්ලන්න තමයි ජනා­ධි­ප­ති­ව­රුන් එන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ගියාම පොලි­සි­යට වෙනත් වැඩක් කරන්න වෙන්නේ නෑ. ජනා­ධි­ප­ති­ව­රුන් වෙන්නෙත් හොරු අල්ලන්න. යහ­පා­ලන ආණ්ඩු­වෙත් එහෙ­මම ආවා. කමි­ටු­ව­කුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමි­ටු­වට එකතු වෙලා හොරු අල්ල­න්නත් ගියා. අපට නඩු පිට නඩු දැම්මා. මම මේ මැති­ව­ර­ණය ඇතු­ළෙත් උසාවි ගිහිල්ලා ආවේ. නමුත් අපි ඒ හැම නඩු­ව­කින්ම නිදොස් කොට නිද­හස් වුණා. අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂි­යක් නෑ. ඒ නිසා එම නඩු­ව­ලින් නිද­හස් වුණා. නමුත් ඒ සෑම පරී­ක්ෂ­ණ­ය­ක­ටම විය­දම් කළේ මේ රටේ ජන­තා­ව­ගෙන් ගන්නා බදු මුදල්. සම­හ­ර­විට ගත් ණය වෙන්නත් පුළු­වන්. මේවා තනි­ක­රම දේශ­පා­ලන වේදි­කාවේ ඇමැති සටන් පාඨ. ලැම්බෝ­ගිනි හොයන්න අපේ ගෙව­ල්ව­ලට ඇවිල්ලා වැසි­කිළි වළ­ව­ලුත් හාරලා බැලුවා. දැන් බැලු­වාම අප­ටම හිනා යනවා. මෙහෙම නාය­ක­යන් ද රට පාල­නය කරන්නේ කියලා. අපේ අම්මට පෙර පාස­ලක් තිබෙ­නවා. ඒකෙ තිබෙ­නවා, මුහුදෙ දාපු හෙලි­කො­ප්ට­ර­යක්. ඒ ගැන පරී­ක්ෂ­ණ­යක් කර­න්නත් ආවා හෙලි­කො­ප්ට­ර­යක් තියෙ­නවා කියලා. එවැනි පිරි­සක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නේ. අපට වෛරය නෑ. අපට පළි­ගන්න වුව­ම­නා­වක් නෑ. නමුත් අපට වැඩ කරන්න ඕනෙ. අපට රට හදන්න ඕනෙ. අපි හැම­දාම විශ්වාස කළ අපේ සංස්කෘ­තිය, අපේ­කම, දේශී­ය­ත්වය, ව්‍යව­සා­ය­කයා, ව්‍යාපා­රි­කයා ආරක්ෂා කරන්න ඕනෙ. අපි මැති­ව­රණ වේදි­කා­වට එන්නේ ප්‍රති­ප­ත්ති­යක් එක්ක. පෞද්ග­ලික කාරණා මත නොවෙයි.

හැම ආණ්ඩු­ව­කම හැම ජනා­ධි­ප­ති­ව­ර­යෙක් යට­තේම හිටපු ඇමැ­ති­ව­රුන් ඉන්නවා. අප­ටත් තිබුණා දේශ­පා­ල­නික වශ­යෙන් මාරු වෙන්න. අපි ප්‍රති­ප­ත්ති­යක් එක්ක දේශ­පා­ල­නය කර­නවා. මහින්ද රාජ­පක්ෂ මහතා එදා මොන්ටි ගොප­ල්ලව මැති­තු­මාලා එක්ක ගොඩ­න­ඟපු දේශ­පා­ලන බල­වේ­ගය අපි දන්නවා. ප්‍රති­ප­ත්ති­ග­රුක දේශ­පා­ල­න­යක් තිබෙන්න ඕනෙ. අපි පැහැ­දි­ලිව රට හදන පැත්තේ සිට ගනු­දෙනු කර­නවා. අපි අද­ටත් විශ්වාස කර­නවා, මේ රටේ දේශීය ව්‍යාපාර රකින්න ඕනෙ කියලා. මාතලේ දිස්ත්‍රි­ක්ක­යට එන­කොට කුඩා කර්මාන්ත සඳහා හොඳ මිලක් දෙන්න, ව්‍යාපා­රි­ක­යන්ට සහන දෙන්න අපි කට­යුතු කර­නවා. අපේ රටේ නිෂ්පා­ද­නය කරන්න පුළු­වන් සෑම බෝග­යක්ම නිෂ්පා­ද­නය කර­නවා. දේශීය ව්‍යාපා­රි­කයා, කම්ක­රුවා, ව්‍යාව­සා­ය­කයා ආරක්ෂා කරන්න අපේ ආණ්ඩු­වක් තුළ කට­යුතු කර­නවා. ඒ අය කෙරෙහි විශ්වා­ස­යක් තිබෙ­නවා. මේ රට ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ අපි ක්‍රියා­ත්මක කර­නවා. මේ රටේ තරුණ තරු­ණි­යන්ට විදෙස් ගමන් බල­ප­ත්‍රය, ජාතික හැඳු­නු­ම්පත, රියැ­දුරු බල­ප­ත්‍රය පෝලි­ම්වල නොසිට ඉතා ඉක්ම­නින් හදා­ගන්න පුළු­වන් වැඩ­පි­ළි­වෙළ අපි ක්‍රියා­ත්මක කර­නවා.

සැබෑ පෝලිම ඉවත් කර­නවා. වංචාව හා දූෂ­ණය මැති­ව­රණ වේදි­කා­වෙන් ඉවත් කර­නවා. තාක්ෂ­ණය සහ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලියේ සිට ටෙන්ඩර් පටි­පා­ටිය දක්වා තර­ග­කාරී ලංසු ක්‍රම­යට තාක්ෂ­ණය හඳු­න්වාදී විනි­වි­ද­භා­වය සහ ගුණා­ත්ම­ක­භා­වය ආරක්ෂා කිරීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. අපි ගනු­දෙනු කරන්නේ ලෝක­යත් එක්ක. අපි ගනු­දෙනු කරන්නේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න මව්පි­යන්ගේ දරු­වන්ගේ ආර්ථි­කය සුර­ක්ෂිත කරන්න. තොර­තුරු තාක්ෂණ අංශය වෙන්න පුළු­වන්, ආයෝ­ජන හා නිෂ්පා­දන අංශය වෙන්න පුළු­වන්, සේවා අංශය වෙන්න පුළු­වන්, විදේශ රැකියා අංශය වෙන්න පුළු­වන්, රැකියා ලක්ෂ විස්සක් ඊළඟ වර්ෂය දහයේ ඔබේ දරු­වන් වෙනු­වෙන් නිර්මා­ණය කිරීමේ අභි­යෝ­ගය මම භාර ගන්නවා. මම දන්නවා මේ රටේ තරු­ණ­යන්ගේ අව­ශ්‍ය­තාව මොකක්ද කියලා. මේ රටේ තරුණ තරු­ණි­යන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත කරන විදිය මම දන්නවා. අපේ දරු­වන් වෙනු­වෙන් රාජ්‍ය සම්පත් සංව­ර්ධ­නය කර අලු­තින් රැකියා උත්පා­ද­නය කර­මින් දේශීය ආර්ථි­කය ශක්ති­මත් කර­මින් දියුණු රටක් ගොඩ­න­ඟන අභි­යෝ­ගය අපි භාර ගන්නවා.”

මාතලේ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේ­ගොඩ මහතා

“අද අපි රටක් ලෙස අභි­යෝ­ගා­ත්මක අව­ස්ථා­ව­කට මුහුණ දෙමින් ඉන්නවා. අසා­මාන්‍ය දේශ­පා­ලන වාතා­ව­ර­ණ­යක විශාල පිරි­සක් මේ ස්ථාන­යට පැමිණ සිටි­නවා. එදා මැයි මාසයේ 9 වැනිදා මගේ කාර්යා­ලය ගිනි තිබ්බා. නිවෙස විනාශ කළා. අර්බු­ද­යක් ඇති කර ආණ්ඩුවේ නාය­ක­ත්වය මාරු කළා. 2020 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය අපි විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගත්තා. එයින් පසුව මැති­ව­රණ පවත්වා නෑ. නමුත් ඒ අවු­රුදු හතර ඇතු­ළත වසං­ගත තත්ත්ව­යක් ආවා. ආර්ථික අර්බු­ද­යක් ආවා. ඒවා දඩ­මීමා කර­ගෙන මේ රටේ දේශ­පා­ල­නයේ වෙන­ස්කම් සිදු වුණා. ඒවා සියල්ල සිදු වුණේ කුම­න්ත්‍ර­ණ­ව­ලින්. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ නියෝ­ජ­නය කරන්නේ මේ රටේ ජාති­ක­වාදී කඳ­වු­රයි. මේ රටේ දේශී­ය­ත්වය නියෝ­ජ­නය කරන්නේ නාමල් රාජ­ප­ක්ෂයි. අනෙක් සියලු අපේ­ක්ෂ­ක­යන් විදෙස් බල­වේග සමඟ එක්ව සිටි­නවා. ඡන්ද­යෙන් ගන්න නොහැකි අව­ස්ථාව විවිධ කුම­න්ත්‍ර­ණ­ව­ලින් ගන්න ඔවුන් උත්සාහ කළා. මේ රටේ අර­ග­ල­යක් නිර්මා­ණය කළා. ඒවා කෘත්‍රි­මව නිර්මා­ණය කළා. තෙල් ගබ­ඩා­වල දත්ත පද්ධ­තිය එදා සම්පූ­ර්ණ­යෙන්ම මකා දමා තිබෙ­නවා. එදා පෝලිම් හදපු විදිය අපි දන්නවා. බලය අල්ලා ගැනී­මට ඔවුන් මෙවැනි ක්‍රියා­මාර්ග ගෙන තිබෙ­නවා.  ”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි මහතා

“වියත් මඟෙන් පැමිණි විය­තුන් තමන්ගේ උග­ත්කම භාරදී බාර් ලයි­සන්, රුපි­යල් ලක්ෂ 2000ට 3000ට මහින්ද රාජ­පක්ෂ කඳ­වුර පාවාදී ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ ඉති­රිවු එකම කෙනා නාලක කෝට්ටේ­ගොඩ මහතා පම­ණයි. ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්, ජනක බණ්ඩාර තෙන්න­කෝන්, රෝහණ දිසා­නා­යක සියලු දෙනා පැන ගියා. මහින්ද මහ­තාගේ ආණ්ඩුව කාලයේ මේ අය ඇමැ­ති­කම් ගෙන රට සංව­ර්ධ­නය කළා. නමුත් ඒවාට සල්ලි දුන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා. නමුත් අව­සා­නයේ අපිව දාලා ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ අභි­මා­නය ආරක්ෂා කර ගන්න නාලක කෝට්ටේ­ගොඩ මහතා සමත් වුණා. ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යාට රුපි­යල් ලක්ෂ 10ක් හිමි වුණා. එහෙම මුදල් අර­ගෙන අපේ කඳ­වු­රෙන් වෙන්ව ගියා. ”

දිගා­ම­ඬුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩී. වීර­සිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

 

ඡායා­රූප – සුලෝ­චන ගමගේ 

 

මහින්ද අලු­ත්ගෙ­දර මාතලේ සිට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here