Home Politics News Room : ආර්ථි­කය වැන­සුණ අවස්ථා දෙක­ක­දීම රට ගොඩ ගත් නාය­කයා රනිල්...

News Room : ආර්ථි­කය වැන­සුණ අවස්ථා දෙක­ක­දීම රට ගොඩ ගත් නාය­කයා රනිල් පම­ණයි

3
0

ලංකා ඉති­හා­සයේ වැටුණු රටක් ගොඩ ගෙන ක්‍රියා­වෙන් ඔප්පු කර පෙන්වූ එකම නාය­කයා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පම­ණ­කැයි ප්‍රවා­හන, මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ කහ­තු­ඩුව, උන්දු­රු­ගොඩ, පොල්ග­ස්ඕ­විට යන ප්‍රදේ­ශ­යන්හි ඊයේ (11) පැවති ජන හමු සඳහා සහ­භාගි වෙමිනි.

එම ජන හමු­ව­ලදී අමා­ත්‍ය­ව­රයා මෙසේද ප්‍රකාශ කළේය:

“නිද­හ­සින් පසු ලංකා ඉති­හා­සයේ ආර්ථි­කය කඩා­වැ­ටුණු අවස්ථා දෙකක් තිබෙ­නවා. පළමු අව­ස්ථාව වර්ෂ 2001දී ඉති­හා­සයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආර්ථි­කයේ වර්ධ­නය ඍණ එකයි දශම හත­රක් වීමයි. ලෝක වෙළෙ­ඳ­පොළේ ඛනිජ තෙල් මිල අසා­මාන්‍ය ලෙස ඉහළ යෑමත්, බාහිර කම්ප­න­යන්ට ඔරොත්තු දීමට ආර්ථි­කය ශක්ති­මත් නොවී­මත්, රජයේ විය­දම් අසා­මාන්‍ය ලෙස ඉහළ යෑමත් කරණ කොට­ගෙන පුළුල් වූ අය­වැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය නිසා දැවැන්ත ආර්ථික අර්බු­ද­යක් රටේ ඇති වුණා. මේ හේතු­වෙන් ඒ අව­ස්ථාවේ රට තුළ දේශ­පා­ලන අර්බු­ද­ය­කුත් නිර්මා­ණය වුණා. එදා 2001 ආර්ථික අර්බු­ද­යෙන් චන්ද්‍රිකා කුමා­ර­තුංග ආණ්ඩු­වට විස­ඳු­මක් සොයා­ගත නොහැකි වූ නිසා එම ප්‍රධාන පක්ෂයේ ලේකම් එස්.බී. දිසා­නා­යක, මහින්ද විජේ­සේ­කර, ජී.එල්. පීරිස් ඇතුළු අප ඒ ආණ්ඩු­වෙන් ඉවත වීම නිසා පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරිය අව­ස්ථාවේ රනිල් වික්‍ර­ම­සිං­හ­යන්ගේ නාය­ක­ත්ව­යෙන් එක්සත් ජාතික පෙර­මුණු ආණ්ඩු­වක් පිහි­ටෙ­වුවා.

“ඒ ආණ්ඩුවේ අග­මැති ධුරය දැරූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා වහාම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට ගොස් මේ වගේම විස්තී­රණ ණය ගිවි­සු­මක් ඇති කර­ගත්තා. ඒ කාලයේ මුදල් ඇමැති කේ.එන්. චොක්සි, ආර්. පාස්ක­ර­ලිං­ගම්, චරිත රත්වත්ත, හෆීස් මොහි­දීන්, රෝස් කුරේ වැනි මහත්ම මහ­ත්මීන් සමඟ කඩා­වැ­ටුණු ආර්ථි­කය ගොඩ­ගැ­නීම සඳහා විකල්ප ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කළා. විශේ­ෂ­යෙන් රාජ්‍ය සේව­යට බඳ­වා­ගැ­නීම් බර­ප­තළ ලෙස සීමා කරලා මුදල් අමා­ත්‍යංශ ලේකම් චරිත රත්වත්තේ ඉතා දැඩි චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කළා. රාජ්‍ය විය­දම් සීමා කිරීම සඳහා ඇමැ­ති­ව­රුන් ඒ ආණ්ඩුවේ වැටුප් ගත්තේ නැහැ; අමා­ත්‍යං­ශ­වල තිබුණු පරණ වාහන පාවිච්චි කළා; අලු­තෙන් වාහන ගන්න දුන්නේ නැහැ.

“බදු සැල­සුම් කර ආදා­යම් වැඩි කර, විය­දම් අඩු කර විනි­මය අනු­පා­තය කෘත්‍රිම ලෙස පාල­නය නොකර අවු­රු­ද්දක් යන විට රට නැව­තත් කලින් තිබුණු තත්ත්ව­යට පත් වුණා. ආර්ථි­කය වර්ධ­නය වෙන්න පටන් ගත්තා. නැවත වතා­වක් මෙවැනි තත්ත්ව­යක් ඇති නොවෙන්න පාර්ලි­මේ­න්තු­වෙන් නීති­යක් සම්මත කළා. ඒ 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ වග­කීම් පනත.

“මේ පනතේ ප්‍රධාන අර­මුණු තුනක් තිබුණා. පළමු අර­මුණ: 2006 වන විට අය­වැය හිඟය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට පහ දක්වා අඩු විය යුතු අතර, ඉන් ඉක්බිති කවර ආණ්ඩු­වක් බල­යට ආවත් අය­වැය හිඟය සිය­යට පහක් නොඉ­ක්ම­විය යුතුයි යන්නයි. දෙවැන්න: 2013 වන විට නොපි­යවා ඇති මුලු ණය ප්‍රමා­ණය දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට හැට පහක් දක්වා අඩු කළ යුතුය යන්නයි. තෙවැන්න: රජය ණය සඳහා ඇප විය හැක්කේ දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට හත­රයි දශම පහක් පම­ණක් යන්නයි.

“මේ නිය­ම­යන්ට අනුව ඊට පසුව එන ආණ්ඩු රට පාල­නය කළා නම් ශ්‍රී ලංකාව සහ­තික වශ­යෙන්ම කව­දා­වත් බංකො­ලොත් වන්නේ නැහැ. එහෙත් රටේ අවා­ස­නා­වට චන්ද්‍රිකා ජන­ප­ති­නිය සම­හර අමා­ත්‍යාංශ එතු­මිය යට­තට පව­රා­ගෙන ඇති කළ දේශ­පා­ලන අර්බු­ද­යෙන් පසු පැව­තුණු මැති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩුව පරා­ජ­යට පත් වුණා.

“ඊට පසුව බල­යට පත් වූ ආණ්ඩුව 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනත සංශෝ­ධ­නය කර­මින් රට නැව­තත් පරණ පාරෙම ගමන් කෙරෙ­වුවා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ගිවි­සු­මෙන් ඉවත් වුණා. ඊට පසු රට නැව­තත් රට දරුණු ලෙස කඩා­වැ­ටුණේ 2022 වස­රේ­දීයි. එහි ආර්ථික වර්ධන වේගය ඍණ හතයි දශම අට­කට අඩු වුණා විත­රක් නෙවෙයි, 2023දීත් ආර්ථි­කය ඍණ වුණා. නිද­හ­සින් පසු ලංකා ඉති­හා­සයේ පිට පිට වසර දෙකක් ආර්ථික වර්ධ­නය ඍණ වෙලා තිබෙන්නේ මේ කියන වසර දෙකේදී පම­ණයි. ඒ අව­ස්ථා­වේදී තෙල් නැති, ගෑස් නැති, විදු­ලිය නැති, ආහාර පාන නැති, බඩු මිල උසු­ලා­ගත නොහැකි මේ තත්ත්වය ඇති වන විට 2022දීත් දේශ­පා­ලන අර්බු­ද­යක් ඇති වුණා. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා රටින් පිටව ගියා. මිනී­මරු ප්‍රචණ්ඩ භීෂ­ක­යන් මන්ත්‍රී­ව­ර­යකු මරා­ද­මලා, ව්‍යව­ස්ථා­දා­ය­කයේ හැත්තෑ දෙක­කට උන් හිටි තැන් අහිමි කරලා, ගෙවල් ගිනි තියලා, බස් ගිනි තියලා දහස් ගණ­න­කට ශාරී­රික වද හිංසා පැමි­ණෙ­වුවා; පාර්ලි­මේ­න්තුව ගිනි තබා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මළ­ගම ඇති කරන්න උත්සාහ කළා. රට භාර ගන්න කෙනකු නැතිව අරා­ජික වූ අව­ස්ථාවේ නැව­තත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා රට භාර ගෙන, ප්‍රචණ්ඩ මිනී­මරු අර­ග­ල­ක­රු­වන්ට තේරෙන භාෂා­වෙන් උත්තර දී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කර පොහො­ට්ටුවේ හැට­නව ලක්ෂ­යත් රැක­ගත්තා.

“ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ කලින් වතාවේ මෙන්ම වෙනම ගිවි­සුම් අත්සන් කර, ඊට අති­රේ­කව විදේශ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය සඳහා ජාත්‍ය­න්තර ආය­තන සමග ගිවි­සුම් අත්සන් කර, ඒවාට සම­ගා­මිව පාර්ලි­මේ­න්තුවේ අණ පනත් රැසක් සම්මත කර, දෙවැනි වතා­ව­ටත් වැටී තිබූ රට එතුමා ගොඩ ගත්තා. ඒ අනුව ලංකා ඉති­හා­සයේ දෙව­රක්ම, වැටුණු රටක් ගොඩ ගෙන ක්‍රියා­වෙන් ඔප්පු කර පෙන්වූ එකම නාය­කයා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පම­ණයි.”

 

රක්ෂණ ශ්රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here