Home Politics News Room : එදා ජවිපෙ දළදා මැඳු­රට තැබූ වෙඩි සල­කුණු තවම තියෙ­නවා

News Room : එදා ජවිපෙ දළදා මැඳු­රට තැබූ වෙඩි සල­කුණු තවම තියෙ­නවා

1
0

ජනතා විමුක්ති පෙර­මු­ණට සම්බන්ධ අවි ගත් කණ්ඩා­ය­මක් දාන­යක් දෙන මුවා­වෙන් එදා ශ්‍රී දළදා මැඳු­රට පැමිණ සිදු කළ වෙඩි ප්‍රහා­ර­වල සල­කුණු තාමත් හේවිසි මණ්ඩ­පය අසල ගල් කණු­වල ඇතැයි හිටපු දිය­ව­ඩන නිලමේ නෙරං­ජන් විජ­ය­රත්න මහතා පව­සයි.

හිටපු දිය­ව­ඩන නිල­මේ­ව­රයා මේ බව පැවැ­සුවේ මහ­නු­වර මධ්‍යම වෙළෙ­ඳ­පොළ ඉදි­රි­පිට පැවති සමගි ජන සන්ධා­නයේ ජන රැලි­ය­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු දිය­ව­ඩන නිල­මේ­ව­රයා මෙලෙස ද කීවේය.

“ශ්‍රී දළදා වහන්සේ උදෙසා රාජ­රාජ මහා­මා­ත්‍යා­දීන් පූෂ්පෝ­ප­හා­ර­යක් ලෙස පව­ත්වා­ගෙන ආ ඇසළ පෙර­හර මංග­ල්‍යය කරන්න නොදුන් අය අද මේ රට පාල­නය කරන්න බලය ඉල්ල­නවා. දළදා වහ­න්සේට දාන­යක් පූජා කර­නවා වගේ ඇවිත් මේ දේශ­පා­ලන ත්‍රස්ත­වාදී කණ්ඩා­යම එදා මාලි­ගා­වට බෝම්බ ගහලා පොලිස් මුර­පො­ළට පහර දුන්නා. 1989 ඇසළ පෙර­හර මංග­ල්‍යය කරන්න දුන්නේ නෑ. ඒක කන්ද උඩ­රට ජන­තාව දන්නවා. එදා මේ අවි ගත් කණ්ඩා­යම් කළ තර්ජන නිසා කුඹල් පෙර­හර පහම දළදා මාලි­ගාව තුළට සීමා කරන්න සිද්ධ වුණා. සතර මහා දේවාල පෙර­හර දේවාල පරි­ශ්‍ර­යට සීමා කළා. පෙර­හ­රට සම්බන්ධ වෙන්න කලා­ක­රු­වන්ට එන්න දුන්නේ නෑ. එදා පෙර­හර කර­ඬුව අරන් කුඹල් පෙර­හර පහම දළදා මාලි­ගාවේ වැඩ සිටින මහලේ හේවිසි මණ්ඩ­ලය ඇතුළේ තමයි කළේ. රන්දෝලි පෙර­හර පහෙන් හත­රක් කරන්න දුන්නේ නෑ. වාහ­ල්ක­ඩින් පහ­ළට කර­ඬුව ගේන්න නොදුන්න පිරි­සක් තමයි අද මේ රටේ පාල­නය ඉල්ලන්නේ. එදා අන්තිම රන්දෝලි පෙර­හර ආදා­හන මළුව දක්වා ගිහින් එහි කර­ඬුව තැන්පත් කළේ ජන­ප­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් මුළු නුව­රම ආර­ක්ෂාව තර කර­ලයි.

සුදු ජාති­ක­යන් සමඟ 1815දී අත්සන් කළ උඩ­රට ගිවි­සුමේ පස්වන වග­න්තියේ තිබෙ­නවා, බුද්ධ ශාස­නය ආරක්ෂා කරන්න ඕනෙ කියලා. 1972 සහ 78 ව්‍යව­ස්ථාවේ 09 වැනි වග­න්තියේ බුද්ධ ශාස­නය ආරක්ෂා කිරීම සහ පෝෂ­ණය කිරීම රජයේ වග­කීම කියලා තියෙ­නවා. ජනතා විමුක්ති පෙර­මුණ ආවොත් ආග­ම්ව­ලට නිසි තැන දෙන්නේ නෑ. අන්තර් ආග­මික කමි­ටු­වක් පත් කරන බව ඔවුන් කිය­නවා. මේ රටේ ජීව­ත්වන සියලු ජන­තාව අද­හන ආග­ම්ව­ලට පහර වදි­නවා. බුද්ධ­ශා­සන අමා­ත්‍යාං­ශය අහෝසි කරන්න ඉඩ තිබෙ­නවා. හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්ති­යානු කට­යුතු දෙපා­ර්ත­මේන්තු නැති කරයි. පිරි­වෙ­න්ව­ලට දෙන අධාර පවා අහෝසි කිරීමේ අව­දා­න­මක් තිබෙ­නවා.”

අසේල කුරු­ළු­වංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here