Home Politics News Room : කල­කි­රුණු එජාපයේ අය අද සමගි ජන බල­වේ­ගය වටා එකතු...

News Room : කල­කි­රුණු එජාපයේ අය අද සමගි ජන බල­වේ­ගය වටා එකතු වෙනවා

1
0

එක්සත් ජාතික පාක්ෂි­ක­යන් කල­කිරී ඇති බවත්, ඒ හේතු­වෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­පත්ති තිබෙන කණ්ඩා­යම සහ නාය­කයා සිටින සමගි ජන බල­වේ­ගය සමඟ ඔවුන් එක­තු­වෙ­මින් සිටින බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර් මහතා පැව­සීය.

මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ සමගි ජන සන්ධාන කාර්යා­ල­යේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වූ අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැව­සීය.

“අද වන විට එක්සත් ජාතික පාක්ෂි­ක­යන් කල­කි­රී­ම­කට ලක්ව සිටි­නවා. ඒ නිසා ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­පත්ති තිබෙන කණ්ඩා­යම සහ නාය­කයා සිටින සමගි ජන බල­වේ­ගය සමඟ එකතු වෙමින් සිටි­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා පසු­ගිය දව­සක ජන රැලි­ය­කදී ප්‍රකාශ කර­නවා ඔහුත් ඡන්දය දෙන්න ඉන්නේ අනුර දිසා­නා­ය­කට කියලා. රනිල් වික්‍ර­ම­සිංහ එක්සත් ජාතික පාක්ෂි­ක­යන්ට නොකියා කියන්නේ සජිත් ප්‍රේම­දාස මහ­තාට ඡන්දය නොදී අනුර දිසා­නා­ය­කට ඡන්දය දෙන්න කියලා.

එක්සත් ජාතික පාක්ෂි­ක­යන් කව­දා­වත් ජනතා විමුක්ති පෙර­මු­ණට ඡන්දය දී නෑ. ජනතා විමුක්ති පෙර­මුණ වෙනු­වෙන් පෙනී ඉඳ­ලත් නෑ. රනිල් සහ අනුර අතර තිබෙන දේශ­පා­ලන ගනු­දෙ­නුව තේරු­ම්ගෙන රට ගොඩ­ගැ­නී­මට වැඩ­පි­ළි‍වෙ­ළක් තිබෙන, කණ්ඩා­ය­මක් සිටින, නාය­ක­ත්ව­යක් තිබෙන සමගි ජන බල­වේ­ගය සමඟ එකතු වෙන්න කියලා එක්සත් ජාතික පාක්ෂි­ක­යන්ට ආරා­ධනා කර­නවා.

ශ්‍රී ලංකාව ස්ථාවර රටක් බවට පත් කර, ජන­තාව ශක්ති­මත් කරන ආර්ථික වට­පි­ටා­වක්, සමාජ වට­පි­ටා­වක්, නිෂ්පා­ද­නය දියුණු වන වට­පි­ටා­වක් රටේ නිර්මා­ණය කිරී­මට හැකි­යාව තිබෙන්නේ සමගි ජන බල­වේ­ගයේ කණ්ඩා­ය­මට පම­ණයි. දැනට රුපි­යල් ලක්ෂයේ සිට තමයි උප­යන විට ආදා­යම් බද්ද අය කරන්නේ. සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් බිහි කරන රජ­ය­කින් එය එක්ලක්ෂ පන­ස්ද­හස දක්වා බදු සීමාව නිද­හස් කරන්න කට­යුතු කර­නවා. සිය­යට 6 සිට සිය­යට 36 දක්වා ක්‍රියා­ත්මක වන බදු සූත්‍රය වෙනු­වට සිය­යට 1 සිට සිය­යට 24 දක්වා රාජ්‍ය සේව­ක­යන්ට සහ මධ්‍යම පන්ති­යට සහන ලැබෙන බදු සූත්‍ර­යක් නිර්මා­ණය කර­නවා.

පසු­ගිය වසරේ රාජ්‍ය ආදා­ය­මට උප­යන විට ආදා­ය­මෙන් බලා­පො­රොත්තු වුණේ රුපි­යල් බිලි­යන 100යි. නමුත් රජය රුපි­යල් බිලි­යන 144ක් පමණ එකතු කර තිබෙ­නවා. මේ වසරේ උප­යන විට ආදා­යම හරහා රජය උප­යන්න බලා­පො­රොත්තු වෙන්නේ රුපි­යල් බිලි­යන 200 ක්. උප­යන විට ආදා­යම් බදු ගෙවන පිරි­සට වැටුප ලබද්දී බදු ගෙවී­මට සිදු­වෙ­නවා වගේම භාණ්ඩ මිලදී ගැනී­මේ­දීත් වැට් බදු ගෙවී­ම­ටත් සිදු වෙනවා. පොදු මහ­ජ­න­තා­වට සහ­න­යක් වන ආකා­ර­යට සිය­යට 18 තිබෙන වැට් බද්ද සිය­යට 15 දක්වා අඩු කරන්න කට­යුතු කර­නවා.

රේගු ආදා­යම වැඩි­පුර ලැබෙන්නේ වාහන ආන­ය­න­යෙන්. ඒ නිසා සමගි ජන සන්ධාන රජ­ය­කින් වාහන ආන­ය­නය විවෘත කර ඒ හරහා ලැබෙන රේගු බදු ආදා­යම රටේ පොදු මහ­ජ­න­තා­වට දෙන්න කට­යුතු කර­නවා. දරි­ද්‍රතා රේඛාවේ පහ­ළම සිටින පිරි­සගේ සමාජ ආර­ක්ෂ­ණය වෙනු­වෙන් රුපි­යල් 20,000ක දීම­නා­වක් සහ ගොවීන්ට කිලෝ 50 පොහොර මිටි­යක් රුපි­යල් 5000ට දීමට කට­යුතු කර­නවා.”

 

රක්ෂණ ශ්රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here