Home World News Room : බලු­කි­ස්තා­නයේ අර­ග­ල­යෙන් ඩොලර් බි. 60ක පාකි­ස්තාන සංව­ර්ධන ව්‍යාපෘති අන­තුරේ

News Room : බලු­කි­ස්තා­නයේ අර­ග­ල­යෙන් ඩොලර් බි. 60ක පාකි­ස්තාන සංව­ර්ධන ව්‍යාපෘති අන­තුරේ

0
0

දකු­ණු­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් එම ප්‍රාන්තයේ සිදු කරන අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 60ක චීන ආයෝ­ජන ව්‍යාපෘ­ති­යට දැඩි බල­පෑම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බලු­කි­ස්තාන ප්‍රාන්තයේ ගැඹුරු මුහුදේ ග්වාඩර් වරායේ ඉදි කිරීම් කට­යුතු මෙන්ම තවත් චීන ආයෝ­ජන ව්‍යාපෘති රැසක සංව­ර්ධන කට­යුතු බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව පසු­ගි­යදා එල්ල කළ ප්‍රහා­ර­ව­ලින් අඩාළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය මාසයේ අග­භා­ගයේ බලු­කි­ස්තා­නය හරහා දිවෙන අධි­වේගී මාර්ග­යේදී එම ප්‍රාන්තයේ නොවන සිවිල් වැසි­යන් 74 දෙනකු ඝාත­නය කිරීම හේතු­වෙන් එරට සෙසු ප්‍රාන්ත­වල සිට බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සංව­ර්ධන ව්‍යාපෘති සඳහා කම්ක­රු­වන්ගේ පැමි­ණීම මුළු­ම­නින්ම නතර වී ඇතැයි ද, ආයෝ­ජන ව්‍යාපෘ­ති­වල සේවයේ නිරත චීන ඉංජි­නේ­රු­ව­රුන් ඉලක්ක කර­මින් ප්‍රහාර එල්ල කිරී­මෙන් පාකි­ස්තාන රජය චීනයේ උද­හ­සට ලක්වී ඇතැ­යිද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

බලු­කි­ස්තාන විමුක්ති හමු­දාව එම ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ප්‍රාන්තයේ ආයෝ­ජන ව්‍යාපෘති සඳහා චීනය ඉදි­රි­පත් වී ඇත්තේ අරාබි මුහුද සමඟ චීන සම්බ­න්ධතා වර්ධ­ණය කිරීමේ අර­මු­ණින් බවට චෝදනා කර­මින් බව ද වාර්තා වේ.  පව­තින ආර­ක්ෂක තර්ජන හේතු­වෙන් එම ආයෝ­ජන සඳහා තව­දු­ර­ටත් දාය­ක­ත්වය සැප­යී­මට චීනය පසු­බට විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here