Home Politics News Room : රනිල්ට ගම් මට්ට­මින් හිතු­වා­ටත් වඩා සහ­යෝ­ග­යක් ලැබෙ­මින් පව­ති­නවා

News Room : රනිල්ට ගම් මට්ට­මින් හිතු­වා­ටත් වඩා සහ­යෝ­ග­යක් ලැබෙ­මින් පව­ති­නවා

0
0

සිතු­වා­ටත් වඩා විශාල සහ­යෝ­ග­යක් ග්‍රාමීය මට්ට­මින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට තිබෙන බවද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ඡන්ද ප්‍රමා­ණය තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් තිබෙන බවද කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනා­රත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැව­සුවේ සිරි­කොත පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමු­වට එක් වෙමිනි.

එහිදී වැඩි දුර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී රාජිත සේනා­රත්න මහතා:

“අපේ දිස්ත්‍රි­ක්කය බැලු­වාම සහ වෙනත් පළා­ත්වල අයත් සමඟ කතා කළාම ගෙයින් ගෙට යෑමේදී තමයි ඇත්ත තත්ත්වය අපට වට­හා­ගන්න පුළු­වන් වෙන්නේ. මොකද, අපි හිතු­වට වඩා විශාල සහ­යෝ­ග­යක් ග්‍රාමීය මට්ට­මින් ජනා­ධි­ප­ති­තු­මාට තිබෙ­නවා. ඇයි මේ වගේ නිශ්ශබ්ද සහ­යෝ­ග­යක් ලැබෙන්නේ. මාලි­මාව ගෙයින් ගෙට යෑමේදී ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ, දැන් ඔවුන් රටේම දින­නවා, ඕගොල්ලෝ තනි­වෙන්න එපා. ඕගො­ල්ලොත් අපට සහය දෙන්න. ඕක තමයි අනුර කුමාර දිසා­නා­යක උතු­රට ගිහි­ල්ලාත් කිවුවේ. උතුරේ ජන­තා­වට තනි වෙන්න එපා කිවුවා දකුණු ජන­තා­ව­ගෙන්. පොඩි පොඩි තර්ජ­නය තමයි ගෝල බාලයෝ කරන්නේ. ඇයි තනි වුණාම තියෙන ප්‍රශ්නය මොකක්ද? මෙච්චර කල් ජනතා විමු­ක්තිය පෙර­මුණ සිය­යට තුනක් ගන්න කොට තනි වුණේ නැද්ද ගම්වල? මේකෙන් ඔවුන් කියන්නේ අපි තමයි දිනන්නේ, එනිසා බලා­ගමු. ඒක තමයි මේ දෙන පණි­වි­ඩය. නැතුව තනි වීම ඒගො­ල්ලොන්ට සුපු­රුදු දෙයක්. හැට­හතේ ඉඳලා දිග­ටම තනි වෙලා තමයි හිටියේ ඒගොල්ලෝ. එ තනි වීම තුළ තමයි ඔවුන් තීර­ණ­යක් ගත්තේ හැත්තෑ සන්නද්ධ කැරැ­ල්ලට. ආපහු අසූ­දෙකේ ඡන්ද කරලා, ආපහු දෙලක්ෂ හැත්තෑ දාහ­කට සීමා වෙලා ආපහු තනි වුණාම තමයි තීර­ණය කළේ 88/89 කැරැල්ල ගහන්න.

“මේ සැරේ මේ ගොල්ලෝ ජය­ග්‍ර­හ­ණය කර­නවා කියලා මහ ලොකු­වට හිතා­ගෙන ඉඳලා  දැන් කිය­නවා තනි වෙන්න එපා කියලා. ඊට පස්සේ අහ­නවා කාටද සහ­යෝ­ගය දෙන්න කියලා. කිවු­වාම පොතේ ලකුණු කර­ග­න්නවා. ඕකම තමයි රෝහණ විජේ­වීර මහ­ත්මයා 1982 කළෙත්. 1982 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රෝහණ විජේ­වීර ලංකාව වටේ සමී­ක්ෂ­ණය කළා මේ වගේ. ලක්ෂ දාහ­ත­රක් ආවා ඔහුගේ ඡන්ද. මමත් මැති­ව­රණ ව්‍යාපා­රයේ අනෙක් පැත්තෙන් කොබ්බෑ­ක­ඩුව මහ­ත්ම­යාට. මගේ මිතුර වෛද්‍ය­ව­රුන් ඇතුළු සහ­යෝ­ගය දුන් සියලු කණ්ඩා­යම් කිවුවේ ඒගොල්ලෝ ජය­ග්‍ර­හ­ණය කර­නවා කියලා. මම කිවුවා මට නම් බිමේ එහෙම දෙයක් පේන්නේ නැහැ කියලා. එහෙත් ඔවුන් මහා විශාල ජය­ග්‍රාහි මට්ටමේ හිටියේ. ඒ ගොල්ලො උතුරු නැඟෙ­න­හි­රින් තුන් ලක්ෂ­යක්ද කොහෙද ලැබෙ­නවා කියලා බලා­පො­රො­ත්තු­වෙන් හිටියේ. එහෙත් අව­සා­නයේ මැති­ව­රණ ප්‍රති­ඵල බැලු­වාම දෙලක්ෂ හැත්තෑ­දා­හයි ඡන්ද හම්බ වුණේ. ඊට වඩා ඡන්ද ප්‍රමා­ණ­යක් ඔසී ගුණ­සේ­කර මැති­තුමා ගත්තා. විජය කුමා­ර­තුංග ඝාත­නය වුණාට පස්සේ, අපි ඊට වඩා ඡන්ද ප්‍රමා­ණ­යක් ගත්ත වාමාං­ශික ව්‍යාපා­ර­යක් විදි­හට. මේකෙන් පස්සේ තමයි රෝහණ විජේ­වීර මාස තුනක් ගෙදර ඉඳලා ඇති­වෙලා කිවුවේ, සහෝ­ද­රයා මේ ක්‍රම­වේ­දය තුළ අපට ජය­ග්‍ර­හ­ණය කරන්න බෑ. ඒ නිසා අපි විකල්ප ක්‍රම­වේද හොයන්න ඕනෑ. ඒ විකල්ප ක්‍රම­වේ­දය තමයි 88/89 මිනී­ම­රන වැඩ­පි­ළි­වෙළ. මම කියන්නේ මේකම තමයි අද ජවි­පෙට වෙලා තියෙන්නේ.

“රැස්වී­මක් තියෙ­නවා නම් ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒකට යනවා. ඒ කාලෙත් එහෙ­මනේ. ජන­තාව විමුක්ති පෙර­මුණ රෝහණ විජේ­වීර ඉන්න කාලෙත් හම්බ­න්තොට රැලි­යක් තිබ්බත් කොළඹ මිනි­ස්සුත් ඒකෙ ඉන්නවා. ඒක පුහුණු කරලා තියෙන්නෙ ඒ පක්ෂ­යට. අද වාණිජ අන්ද­මින් ඔවුන් ඒක කර­නවා. ඔවුන්ට මුදල් ගෙව­මින් බස්වල දාගෙන ශ්‍රී ලංකාවේ හැම තැනම යන ඒගො­ල්ලන්ගේ වෙනම කණ්ඩා­ය­මක් තියෙ­නවා. දර්ගා නග­රයේ තිබෙන රැස්වීම, දර්ගා නග­රයේ කිසිම සිංහල කෙනෙක් නැහැ. ඉන්නේ ඔක්කොම මුස්ලි­ම්වරු. මුස්ලි­ම්ව­රුන්ගේ මක්කම වගේ කියලා තමයි දර්ගා නග­ර­යට කියන්නේ. දැක්කා නේද ඒකේ පින්තූර? එක මුට්ට­ක්ක­ළි­යක් නෑ. එක තොප්පි­යක් නෑ. එතන ඉන්නවා ගවුම් ඇඳපු ළමයි. සාරි ඇඳපු අය. එහෙම අය නැහැ දර්ගා නග­රයේ. මං දැක්කා සමාජ මාධ්‍යයේ ලියලා තියෙ­නවා, දර්ගා නග­ර­යත් සිංහල වෙලා නේ කියලා. මේ පිම්බීම තුළ ඒගො­ල්ලොන්ට ආක­ර්ෂ­ණ­යක් තිබුණා. මොකද ජන­තා­වට තේරු­මක් තිබුණේ නැහැ මේ මැති­ව­ර­ණ­යේදී මොකක්ද කරන්නේ කියලා.

“මේ වෙන කොට ජන­තා­වට හොඳ­ටම තේරිලා, අපි ඉදි­රි­පත් කරන කරුණු දැක්වීම් අනුව ඔවුන් දන්නවා රනිල් වික්‍ර­ම­සිංහ නැති වුණොත් මේ රට විශාල අගා­ධ­ය­කට යනවා කියලා. එනිසා යම් බියක් ඇති වෙලා තියෙ­නවා රටේ  මේ තියෙන වැඩි පිළි­වෙළ නැති වුණොත් මේ රට ගිනි ගොඩක් බවට පත් වනවා. දරු­වාට කිරි පැකට් එකක් හොයා­ගන්න බැරි තත්ත්ව­යක් ඇති වෙනවා. ගෙයින් ගෙට යන­කොට සීයට අසූ­වක් කියන්නේ රනිල් වික්‍ර­ම­සිංහ කියලා. මගේ දිස්ත්‍රි­ක්ක­යෙන් පිට අනෙක් දිස්ත්‍රි­ක්ක­වල මිත්‍ර­යි­න්ගෙන් මම ඇහුවා කොහො­මද තත්ත්වය කියලා. ඒ ඔක්කොම කියන්නේ සිය­යට 80 ක් කියලා අපි කියමු සිය­යට 80 පැත්ත­කට දාලා සිය­යට 60 ආවත් සිය­යට 20 අයින් කලත් අති­වි­ශාල ජය­ග්‍ර­හ­ණ­ය­කට රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා ජය­ග්‍ර­හ­ණය කර­නවා.”

 

නෙත්මි පූජනී රත්නා­යක, මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here