Home Politics News Room : සෑම පවු­ල­ක­ටම අවම ලක්ෂ­යක ආදා­ය­මක් ලැබෙන වැඩ සැලැ­ස්මක්

News Room : සෑම පවු­ල­ක­ටම අවම ලක්ෂ­යක ආදා­ය­මක් ලැබෙන වැඩ සැලැ­ස්මක්

0
0

“අද වන විට මෙරට වාම­වාදී ජාතික දේශ­පා­ල­න­යක් පිළි­බඳ කතා කරන්න කඳ­වු­රක් නෑ. අන්න ඒ හිඩැස පුර­වන්න අපි සූදා­නම්. හැබැයි මමත් සාමාන්‍ය පවු­ල­කින් බිහිවූ කෙනෙක්. මගේ තාත්තා රජයේ සේව­ක­යෙක්. 80 ජූලි වර්ජ­ක­යෙක්. අම්මා පාසල් ගුරු­ව­රි­යක්. ඒ නිසා අපට ගැළ­පෙන සාමාන්‍ය මිනි­සුන්ගේ දේශ­පා­ල­නය ගැන කවු­රුත් කියා­දෙන්න අවශ්‍ය නෑ. සෑම පවු­ල­ක­ටම මාස­ය­කට අවම වශ­යෙන් ලක්ෂ­යක ආදා­ය­මක් ලැබෙන විදියේ වැඩ සැලැ­ස්මක් ඇති­වයි අපි ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉදි­රි­පත් වෙන්නෙ.” යැයි සර්ව ජන බලයේ ජනා­ධි­පති අපේ­ක්ෂක, නීතිඥ දිලිත් ජය­වීර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ පැවැ­සුවේ අය­ගම සති­පොළ භූමියේ පසු­ගිය 09 වැනිදා පැවැත් වූ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක රැලි­යක් අම­ත­මිනි.

ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ රත්න­පුර දිස්ත්‍රික් ලේකම්, අය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ජී. එම්. ජය­සු­න්දර මහතා ඇතුළු කොමි­යු­නිස්ට් පක්ෂ සංවි­ධා­න­යෙන් මේ රැස්වීම සංවි­ධාන කර තිබිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මමත් කලක සිටම ක්‍රියා­කා­රීව දේශ­පා­ල­නය කරන අයෙක්. 1985දී තමයි උසස් පෙළ සමත් වුණේ. ඔබේ ප්‍රදේ­ශයේ හිටපු දීප්ති­මත් මන්ත්‍රී­ව­ර­යකු වූ සරත් මුත්තෙ­ට්ටු­වේ­ගම මහතා කොළ­ඹදී දැන හඳු­නා­ගත්තා. ඔහු තුළ තිබූ අව්‍යා­ජ­ත්වය, නිර්භීත බව සහ නිවැ­රදි දෘෂ්ටි­යට අපි හැම­දාම ආද­රය කර­නවා. ඔහුගේ ලකුණ වූයේත් තරුව. අපට ආලෝ­කය දෙන්නෙත් ඒ ලකු­ණම තමයි. මේ යුගයේ මන්ත්‍රී­ව­රුන්, ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­ව­රුන්, උප සභා­ප­ති­ව­රුන්, ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් විවිධ ලංසු­ව­ලට අලෙවි වෙනවා. ඒත් මේ වේදි­කාවේ ඉන්න විමල්ලා, වලේ­බො­ඩලා, වීර­සු­ම­නලා එහෙම අලෙවි වුණේ නෑ. ඒ අයට ආත්ම ගරු­ත්ව­යක් තියෙ­නවා. ඒ අය දේශ­පා­ල­නය කරන්නේ ප්‍රති­ප­ත්තිය එක්ක, පොඩි මිනි­හගේ දේශ­පා­ල­නය තමයි.

මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය තවත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පම­ණක් නෙවෙයි. ඔන්න ඔහේ කාට හරි ඡන්දය දීලා දානවා කියලා හිතන්න එපා. මේ අහිං­සක පොඩි මිනි­සුන් බේරා­ගන්න ඕනෙ කියලා හිතා­ගෙන මේ පණි­වි­ඩය ගම්ව­ලට ගිහින් දැනු­ම්වත් කරන්න. තරුව ලකු­ණට ඡන්දය දෙන්න.

මේ දව­ස්වල ප්‍රති­පත්ති ප්‍රකා­ශන කිහි­ප­යක් නිකුත් කර තියෙ­නවා. ඒවා බොහොම සාමා­න්‍යයි. රනිල් කරන හැම­දේම ඊට වඩා හොඳින් කර­න්නත් කට්ටි­යක් සූදා­නම්. තව කට්ටි­යක් නිකුත් කර තියෙන එකේ සංස්කෘ­ති­යක් නෑලු. ඇත්ත නේන්නම් ඒ අයට සංස්කෘ­ති­යක් නෑ. ඒත් අපට රැක­ගත යුතු, දියුණු කර ගත යුතු සංස්කෘ­ති­යක් තියෙ­නවා. අප කාටත් වැර­දීම් වෙනවා. හැබැයි ඒවා නිවැ­රදි කර­ග­න්නත් පුළු­වන්. 21 වැනි­දාට ව්‍යව­සා­යක රාජ්‍ය­යක් බිහි කර ගැනී­මට තරුව ලකු­ණට ඡන්දය දෙන්න.”

හිටපු ඇමැති, පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා

“අපේ දේශ­පා­ල­ක­යන් බොහෝ දෙන­කුට හිතුණ හිතුණ විදි­හට කතා කරන්න පුළු­වන් වෙලා. අපි හදපු ආණ්ඩුව වැරදි පෙන්වා දෙන­කොට අපව ආණ්ඩු­වෙන් එළි­යට දැම්මා. ඒ වෙනු­වට එයා­ලට අවශ්‍ය අය ළං කර ගත්තා. මේ වේදි­කාවේ ඉන්න අයට විත­රයි අවං­කව දේශ­පා­ල­නය කතා කරන්න පුළු­වන්. දුප්පතා තව­දු­ර­ටත් හූරන් කාලා බදු වැඩි කර­ගෙන තම තමන්ගේ සුඛ විහ­ර­ණය පම­ණක් කර ගන්නා දේශ­පා­ල­න­යට අපි කැමති නෑ. නොගැ­ළ­පෙන කණ්ඩා­ය­ම්ව­ලට දීලා මේ රට තවත් බංග­ලි­දේ­ශ­යක් කරන්න එපා කියා මා ඉල්ලා සිටි­නවා.”

ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභා­පති, මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී වීර­සු­මන වීර­සිංහ මහතා

“2020 මහ මැති­ව­ර­ණ­යේදී තෝරා­ගත් පාර්ලි­මේ­න්තුව තමයි තව­මත් තියෙන්නේ. ඒත් එදා අපේ කණ්ඩා­ය­මට තෝරා­ගත් අය­ගෙන් වැඩි දෙනෙක් දැන් ඒ ආණ්ඩු­ව­ලින් පම­ණක් නෙමෙයි, කණ්ඩා­ය­මෙ­නුත් පිට ගිහින්. ඉතින් ජන නියෝ­ජ­න­යක් සිදු වෙන­වාද? අය­ගම ජන­තාව හැම­දාම ප්‍රග­ති­ශීලි තීන්දු ගන්නා අය. අපි තව­මත් ඔබලා ඡන්දය දීපු අර­මුණ වෙනු­වෙන් පෙනී සිටි­නවා. අය­ගම ඔබත් මුද­ලට විකි­ණෙන්නේ නැති නිසා 21 වැනිදා තරුව ලකුණ ජය­ග්‍ර­හ­ණය කර­ව­න්නැයි මා ඉල්ලා සිටි­නවා.”

ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීර­සිංහ, රත්න­පුර දිස්ත්‍රක් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගාමිණී වලේ­බොඩ, අය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ජී. එම්. ජය­සු­න්දර සහ මංජුල සුසන්ත මහ­ත්වරු ද මෙහිදී අද­හස් දැක්වූහ.

කල­වාන සමූහ – ඩබ්ලිව්. ඒ. සේනා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here