Home Politics News Room : ළමා මන්ද­පෝ­ෂ­ණය වැඩි වෙද්දී පාල­ක­යන්ගේ විදෙස් ගිණුම් තර වෙලා

News Room : ළමා මන්ද­පෝ­ෂ­ණය වැඩි වෙද්දී පාල­ක­යන්ගේ විදෙස් ගිණුම් තර වෙලා

1
0

ආසි­යා­තික රට­වල් අත­රින් ළමා මන්ද­පෝ­ෂ­ණය වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්වෙද්දී මේ රට පාල­නය කළ නාය­ක­යන්ගේ විදේ­ශීය ගිණුම් තරවී ඇතැයි ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා අංශයේ මහා­චාර්ය වසන්තා සුබ­සිංහ මහ­ත්මිය පැවැ­සු­වාය.

ඇය මේ බව පැවැ­සුවේ ගම්පහ නග­රයේ පැවති කාන්තා සමු­ළුව අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇය මෙසේ ද සඳ­හන් කළාය.

“පසු­ගිය වසරේ මම බන්ධ­නා­ගා­ර­වල නිරී­ක්ෂ­ණ­යක් කළා. ඒ වෙන­කොට බන්ධ­නා­ගා­ර­වල 47,000ක රැඳ­වූ­වන් හිටියා. ඒ අත­රින් 30,000ක් පහ වස­රට පම­ණයි ඉගෙ­න­ගෙන තිබුණේ. 62% පාසල් අධ්‍යා­ප­නය අත් හැරපු තරුණ පිරිස තමයි අද මත්ලෝ­ලීන් බවට පත්වෙලා ඉන්නෙ. මේ රට තට්ටු මාරු ක්‍රම­යට පාල­නය කළ පාල­ක­යන් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අවශ්‍ය කරන පොත්පත්, පෑන්, පැන්සල්, පාව­හන්, බෑග්, කව­කටු පෙට්ටි, මකන කෑල්ල ඉඳ­ලම බදු ගැහුවා. දරු­වන්ට අවශ්‍ය කරන පාසල් උප­ක­රණ මිලදී ගන්න මවු­පි­යන්ට වත්ක­මක් නෑ. දරු­වන් පාසල හැර ගිහින් යාචක ජාවා­ර­මට වැටුණා. වීදි ගාය­ක­යන් වැඩි වුණා. අද වෙන­කොට මාන­සික රෝහ­ල්වල, පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­වල, බන්ධ­නා­ගා­ර­වල ඉන්න මත්ලෝ­ලීන්ගේ ජීවිත කතාව අහන්න බැරි තරම් ශෝච­නී­යයි. අපේ රටේ ගම්වල තිබුණ සාම­කාමී බව අද කඩා වැටිලා. හැම ගම­කම අද මතට ඇබ්බැ­හි­වූ­වන් පහ­ළො­වක් විස්සක් ඉන්නවා. ගමේ සුන්ද­ර­ත්වය ගැන සාහි­ත්‍ය­ධ­ර­යන් කවි සින්දු කියපු කාලේ ඉව­රයි. මතට තිත තියන්න නම් දේශ­පා­ල­නය හරහා ඍජු තීන්දු­වක් තිබිය යුතුයි.

අද අපේ දරු­වන් පුස්ත­කා­ල­යෙන්, ක්‍රීඩා පිටි­යෙන් ඈත්වෙලා. අපේ රජ­යක් යටතේ රටේ දරු පර­පු­රට මුල්තැන හිමි වෙනවා. අපේ පාල­න­යක් යටතේ ගම් මට්ට­මින් කිලෝ­මී­ටර් තුනක් ඇතු­ළත අංග සම්පූර්ණ පාස­ලක් හද­නවා. මේ සෑම පාස­ල­කම භාෂා තුනෙන්ම දරු­වන්ට අධ්‍යා­ප­නය දීම අපේ ප්‍රධාන අර­මුණ වෙනවා. මොකද මේ රටේ අනා­ග­තය භාර ගන්න ඉන්න දරු­වන් උග­තුන් බුද්ධි­ම­තුන් විය යුතුයි. උගත් බුද්ධි­මත් දරු පර­පු­රක් අපේ රටට අව­ශ්‍යයි. මතක් කරලා බලන්න, මේ කාල සීමාවේ ඔබේ වැටු­පෙන් ඔබට පුළු­වන් වුණාද දරු­වාට අවශ්‍ය කරන පෝෂ්‍ය­දායී ආහාර ටික දෙන්න. නමුත් රට පාල­නය කළ ඇත්තන් ඒවා පම­ණ­ටත් වැඩි­යෙන් ඉටු කර­ගෙන ඉව­රයි.

අපේ රටේ පුර­වැ­සි­යන්ගේ වටි­නා­කම කති­ර­යට සීමා නොක­රන කොන්දේසි විර­හි­තව ජන­තා­වගේ සුබ­සි­ද්ධි­යට ඉදි­රි­පත්ව සිටින එකම දේශ­පා­ලන ව්‍යාපා­රය ජාතික ජන බල­වේ­ගය පම­ණයි.

අද අපේ රටේ කාන්තා­වන් තම­න්ගේම නිවෙ­සේදී සාහ­සික අන්ද­මින් ලිංගික දූෂ­ණ­යට, කෲර­ත්ව­යට, සාප­රාධී ලෙස ඝාත­න­යට ලක් වෙනවා. අද කාන්තා­ව­කට, තරු­ණි­ය­කට නොවේ වයෝ­වෘද්ධ මව­කට හෝ දෙතුන් හැවි­රිදි බිලි­ඳි­ය­ක­ට­වත් මේ රටේ නිද­හසේ ජීවත් වෙන්න බෑ. පොදු ප්‍රවා­හන සේව­යක යන්න බෑ.

මාලි­මාවේ රජ­ය­කින් කාන්තා­වන්ට මේ රටේ ආර­ක්ෂාව සහි­තව ජීව­ත්වීමේ අයි­තිය දෙනවා. ඒ ගැන අපි ඔබට සහ­තික වෙනවා.”

කැල­ණිය – කේ. එස්. හැන්නදි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here