Home Politics News Room : අද අපේ රටේ ජන­තා­වට අවශ්‍ය ආද­ර්ශ­වත් දේශ­පා­ලන භාවි­ත­යක්

News Room : අද අපේ රටේ ජන­තා­වට අවශ්‍ය ආද­ර්ශ­වත් දේශ­පා­ලන භාවි­ත­යක්

1
0

අපේ රටේ ජන­තා­වට අවශ්‍ය, ආද­ර්ශ­වත් දේශ­පා­ලන භාවි­ත­යක් බව ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බල­වේ­ගයේ මහ­නු­වර රැලි­යට පෙරේදා (11) සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අනුර කුමාර දිසා­නා­යක මහතා:

“අද දේශ­පා­ලන පොර­පි­ටිය වේග­යෙන් තීව්‍ර වෙමින් තිබෙ­නවා. පාලක කණ්ඩා­යම් අපට විරු­ද්ධව අව­ලාද, අසත්‍ය තොර­තුරු හා විකෘති කරන ලද තොර­තුරු වපු­ර­මින් ඉන්නවා. ඔවුන්ගේ එකම මෙව­ලම බවට පත් වී තිබෙන්නේ අසත්‍ය තොර­තුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළි­බ­ඳව කතා­වක් ඇදලා අර­ගෙන අව­ලාද නඟ­මින් ඉන්නවා. බුදු දහම මේ දක්වා ඉෂ්ට කළ කාර්ය­භා­රය පිළි­බ­ඳ­වත්, අපේ ශිෂ්ටා­චා­රය ගොඩ­නැ­ඟී­මේදී එය මූලික පද­නම දැමූ බවත් ඉතා නිර­වුල්ව හා පැහැ­දි­ලිව විශ්වා­සය කරන ව්‍යාපා­ර­යක්. එහෙත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ? හාමු­දු­රු­වන් වහන්සේ කණ්ඩා­ය­මක් එකතු කර­ගෙන අපට විරු­ද්ධව අසත්‍ය තොර­තුරු සහ අව­ලාද පතු­රු­වන්න පට­න්ගෙන තිබෙ­නවා.

“මම හිතන්නේ හොඳට හෝ නර­කට දේශ­පා­ලන වේදි­කාවේ ආගම් පිළි­බ­ඳව සාක­ච්ඡා­වට ගත යුතු නැහැ. එහෙත් මේ පාලක කණ්ඩා­ය­ම්වල ප්‍රය­ත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදි­කා­වට ආගම් පිළි­බඳ ප්‍රශ්නය ඇද­ගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදු දහම හෝ ක්‍රිස්ති­යානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසි­වක් අපේ වේදි­කාවේ ඡන්ද එකතු කර­ගැ­නීම සඳහා හෝ අනෙ­කාට විවේ­චන එල්ල කිරීම සඳහා හෝ කතා­බ­හට ලක් කරන්නේ නැහැ. ඒ ආග­ම්ව­ලට නිසි ගෞර­වය තිබෙන්නේ ඒවා දේශ­පා­ලන වේදි­කා­වට නොගෙන ඉන්න ප්‍රමා­ණ­ය­ටයි. දේශ­පා­ල­නය හා පට­ලවා නොගන්නා ප්‍රමා­ණ­ය­ටයි. ඒ ආග­ම්ව­ලට නිසි ගෞර­වය තිබෙන්නේ දේශ­පා­ලන වේදි­කාවේ එය සටන් පාඨ­යක් ලෙස අලෙවි නොක­රන තාක්කල්. එහෙත් අද බෞද්ධා­ග­ම­ටත් සෙසු ආග­ම්ව­ල­ටත් කරන්න පුළු­වන් නිග­රුව තමයි දේශ­පා­ලන වේදි­කා­වල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළි­බඳ කති­කාව. අපි භාවි­ත­යෙ­නුත්, අධ්‍ය­ය­න­යෙ­නුත් ආගම් පිළි­බ­ඳව අපේ ස්ථාව­ර­යන් අප ඉතා හොඳින් පැහැ­දිලි කර තිබෙ­නවා.

“ඡන්ද ව්‍යාපා­රය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපට තිබෙන්නේ 3%යි. කතාව පටන් ගත්තේ එතැ­නින්. කොහො­මද 3%, 50% වෙන්නේ කියලා. ඒක මහා හාස්ක­මක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉව­රයි කියලා. දැන් කිය­නවා දිනු­වොත් මෙහෙම වෙයි කියලා. තව අය කිය­නවා දිනු­වොත් මාස 6ක් වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ට 21 වැනිදා වෙන කල් දිනු­වොත් කිය කියා ඉන්න පුළු­වන්. 22න් පස්සේ අපි දිනුවා. එච්ච­රයි.

“දැන් ඊළ­ඟට සමා­ජය ඇතුළේ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනු­ව­හම 22 දා කල­බල ඇති වෙයිලු; ගැටුම් ඇති වෙයිලු; අපි එහෙම කුම­න්ත්‍ර­ණ­යක ඉන්න­වාලු. නැහැ. අපේ රටේ දේශ­පා­ල­නයේ වෙන­සක් ඕනෑ. හැම දේකම වෙන­ස්ක­මක් අව­ශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශ­පා­ල­නයේ තිබුණේ මොකක්ද? ජය­ග්‍ර­හ­ණය කළාම පරා­ජි­ත­යට පහර දෙනවා; පරා­ජි­ත­යාට වෙඩි තිය­නවා. පරා­ජි­තයා හිංසා­ව­ලට ලක් කරන ඉති­හා­ස­යක්. ඒක අපි ඇති තරම අත්විඳ තිබෙ­නවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොන­වාද? මේ දේව­ල්වල ඉඳන් වෙන­සක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව සැප්තැ­ම්බර් 22 ඔප්පු කර­න්නම් අනෙ­කාට රිද­වන්නේ නැතිව, ජය­ග්‍ර­හ­ණය සම­රන්නෙ කොහො­මද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමා­ණ­ය­කින් බියක් සැකක් ඇති වී තිබෙ­නවා නම්, අපි සහ­ති­ක­යක් දෙනවා, ඔබට ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව කිසිදු පුර­වැ­සි­ය­කුට, අපට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩ­කි­න්වත් හානි­යක් වෙන්න ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැම දෙනාම අප ආරක්ෂා කර­නවා, අප ආර­ම්භ­යේ­දීම අලුත් දේශ­පා­ලන සංස්කෘ­ති­යක් මේ රට තුළ නිර්මා­ණය කර­නවා. ඉන් පසු පිය­ව­රෙන් පිය­වර මේ රට ගොඩ­නැ­ඟීමේ වැඩ­පි­ළි­වෙ­ළට අපි අව­තීර්ණ වෙනවා.

“මේ රටේ ජන­තා­වට අවශ්‍ය වෙලා තිබුණේ ජනා­ධි­පති ධුරය වෙනස් කිරීම පම­ණක් නොවෙයි. මේ පාර්ලි­මේ­න්තුව පිරි­සිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාල­යක් තිස්සේ ඉල්ලා සිටියා. මේ රට ගොඩ­න­ඟන්න, මේ පාර්ලි­මේ­න්තුව පිරි­සිදු කරන්න ඕනෑ. ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනූ ගමන් අපට ඒක තාව­කා­ලි­කව කරන්න පුළු­වන්. මහා මැති­ව­ර­ණය දින­වලා ඒක සම්පූ­ර්ණ­යෙන් කරන්න ඔය­ගොල්ලෝ අපට සහාය දෙන්න.

“ආද­ර්ශ­වත් දේශ­පා­ලන භාවි­ත­යක් අපේ රටේ ජන­තා­වට අව­ශ්‍යයි. ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව අනි­වා­ර්ය­යෙන්ම ඒ දේ කර­නවා. ආර්ථි­කය පිය­ව­රෙන් පිය­වර වර්ධ­නය කරන්න ඕනෑ. සෑම දෙනාම නීතිය ඉදි­රියේ සමා­නයි කියන වැකි­යට පණ දෙන්න ඕනෑ. හැම දෙනාම නීතිය ඉදි­රියේ සමාන වන රටක් ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­ව­කින් අපි හද­නවා.

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනු­වර්ණ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

උපාලි කරු­ණා­රත්න, අසේල කුරු­ළු­වංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here