29
මේ රටේ කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් සිදු කළ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වීරකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති මුල්කිරිගල ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා:
“විශේෂයෙන් මා සතුටු වනවා අද දවසේ කාන්තාවන් කණ්ඩායමක් එක්ක මුල්කිරිගල ආසනේ මේ වගේ සාකච්ඡාවක යෙදෙන්න අවස්ථාව ලැබීම ගැන. මා විශ්වාස කරන්නේ මේ ඉල්ලන ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් කාන්තාවන්ට වැඩියෙන්ම ගෞරව කරන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මං එහෙම කියන්නේ සාක්ෂි ගොඩක් තියෙන හින්දා. එකක් තමයි පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායකතුමා ඉල්ලා අස් වෙනවා ඒ වෙලාවේ නම් ගොඩක් එනවා නියෝජ්‍ය කථානායකවරයා හැටියට පත් කරන්න. ඊට පස්සේ මගේ නම අපේ පක්ෂයෙන් යෝජනා කළාම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසක් තිබ්බා කාන්තාවක් දැම්මොත් වැඩිය හොඳයි කියලා. දැන් එතුමා බැලුවා කාන්තාවක් දාන්න. ඒ වෙලාවේ ලොකු ඡන්දයක් තිබුණේ. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කතානායකවරයෙක් තෝරනවා වගේ නෙමෙයි බොහොම සංකීර්ණ අභියෝගාත්මක ඡන්දයක්.අරගලය ඇවිල්ල පක්ෂ දේශපාලනය උඩු යටිකුරු වෙලා. ලොකු ප්‍රශ්න සහගත වෙලාවක්. ඒ නිසා ඒ වෙලාවේ කාන්තාවක් විතරක් ආවොත් සමහරවිට චන්දෙදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා අන්තිමට මගේ නමයි හැබැයි විපක්ෂයෙන් කාන්තාවකගේ නමක් ආවා. ඒ වෙලාවේ මාව වැඩි ඡන්දෙන් තේරුණා. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොයි වෙලෙත් කාන්තාවන්ට තැන දෙන්න තමයි කටයුතු කළේ.
“දැන් අපි පාර්ලිමේන්තුවේ තියෙනවා කාන්තා සංසදයක් අලුතෙන් හැදුවේ. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණාම තමයි ඒ කාන්තා සංසදය හැදුවේ. පාර්ලිමේන්තුවේ අලුතින් කාරක සභා 16 ක් පිහිටෙව්වා. ඒ කාරක සභාවල එකක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කළා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ කාන්තා මන්ත්‍රීතුමියන්ලා පමණක් එකතු කරලා තව එකක් හැදුවා ජනාධිපතිතුමා. ඒ තරම් කාන්තාවන්ට තැනක් දෙන්න ඕනෑ කියලා ඉන්න නායකයෙක්.
“ඒ විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔය අතන මෙතන කයිවාරු ගහන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග හදලා තියෙනවා අපේ රටේ. දැන් ඔය එක එක්කෙනා කියනවා ෆයිල් ගොඩවල් තියෙනවා, අච්චර තියෙනවා, මෙච්චර තියෙනවා. හොරකම් කරලා කියලා. ඒත් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වුණාට පස්සේ දූෂණ විරෝධි පනත සම්මත කළා. දැන් ඕනෑ කෙනකුට රුපියලක් හොරකම් කරත් යන්න තැනක් හදලා තියෙනවා. නීතියක් රටේ සම්මත කරලා තියෙනවා. ඒ විදිහට මේ රටේ රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න ලෝකයේ දියුණු රටවල් හා සමාන නීති පද්ධතියක් සකස් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අද අපේ රටේ කාන්තාවන් කියන්නේ කවුද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
“එතුමා මේ රටේ කළමනාකරණය හරියට කරපු නිසා එතුමාට අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රට ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ශක්තිමත් භාවය ඉස්සරහටත් අවශ්‍යයි. ශක්තිමත්භාවය නැති වුණොත් ඔබට දුක් විඳින්න වෙනවා. ඔබට තමයි ඔබේ මහත්තයා, ඔබේ දරුවා විඳින වේදනා දැනෙන්නේ. ඒ නිසා මේ රට විකෘති දේශපාලන තත්ත්වයන්ට භාර දෙන්න පුළුවන්කමක් නැහැ. දේශපාලන වේදිකාවේ බොරු බයිලා ගහලා ගහලා මේ රටේ මිනිස්සුන්ව රවට්ටන දේශපාලන ව්‍යාපාරවලට රට භාර දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි අපිත් සීයලා ආච්චිලා ගෙනාපු දේශපාලන සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්නේ. ඒකෙ ඇතුළේ දේශපාලනයක් අපේ නැහැ; ඒකෙ ඇතුළේ පක්ෂයක් නැහැ. මේ වෙලාවේ රටට වගකියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක විතරමයි අපට තියෙන්නෙ.ඒ නිසා ලබන 21 දා ඡන්ද පෙට්ටි පුරවන කොට ගෑස් සිලින්ඩර ලකුණ ඉස්සරහින් කතිරේ ගහලා ඡන්ද පෙට්ටි ගෑස් සිලින්ඩර ලකුණින් පුරවමු කියලා ඔබට ආරාධනා කරනවා.”
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.