ශෙයික් හසීනාගේ පාලනයට එරෙහිව සිදුකළ විශ්වවිද්‍යාල විරෝධතාව හේතුවෙන් බිඳ වැටුණු බංග්ලාදේශයේ සංචාරක ව්‍යාපාරය මේ වනවිටත් යථා තත්ත්වයට පත්වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඩකා අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වනවිටත් දරුණු මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව වාර්තා වේ.
අන්තර්වාර රජය පත්වීමෙන් මාසයක කාලයක් ගතවූවද තරු පන්තියේ හෝටල් රැසකට සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති අතර, කාමර වෙන් කරගැනීම් සහ සංචාරකයන්ගේ පැමිණීම එම හෝටල්වල 30% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.
විරෝධතා අතරතුර සියලු හෝටල්වල සේවිකාවන්ට නිවාඩු ලබා දී සේවකයන්ට පමණක් හෝටල් පරිශ්‍රයේ නවාතැන් ගනිමින් රැකියාවට වාර්තා කිරීමට පහසුකම් සලසා තිබූ අතර, මේ වන විටත් සම්පූර්ණ කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් සංචාරකයන් පිරිසක් හෝටල් කරා නොපැමිණෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
The post තරු පන්තියේ හෝටල් රැසක් හිස් වෙයි appeared first on දිනමිණ.