26
අමෙරිකානු ඩොලර් බිලියන 7ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ පනවනු ලැබූ කොන්දේසිවලට අනුව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු නොකරන්නේ නම් එම වැඩසටහනෙන් ඉවත්වීමට පාකිස්තානයට සිදුවනු ඇතැයි එරට මුදල් ඇමැති මොහොමඩ් අවුරන්ගසාබ් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය ජූලි මස 12 වැනිදා පැවැති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට අනුව ප්‍රමුඛතා කොන්දේසි ඉටු කිරීමට පාකිස්තාන රජය අසමත්වීම හේතුවෙන් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ද මෙතෙක් පාකිස්තානය ඇතුළත් කර නැති බව මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට අනුව සියලුම කොන්දේසි ක්‍රියාත්මක කළ යුතු බවත්, එය විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට පාකිස්තානය ඇතුළත් නොකිරීමට හේතු වී ඇත්තේ කාර්ය මණ්ඩල ගිවිසුම් ප්‍රකාරව පාකිස්තාන රජයේ කටයුතු පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා බවත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ නියමයන් හා කොන්දේසිවලට යටත් නොවන්නේ නම් පාකිස්තානයට තවදුරටත් ණය මුදල් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු නොකරනු ඇතැයි ද, එසේ වුවහොත් එම වැඩසටහනෙන් ඉවත්වීමට පාකිස්තානයට සිදුවනු ඇතැයි ද එරට මුදල් ඇමැතිවරයා රජයට අනතුරු අඟවනු ලැබූ බව වාර්තා වේ.