Home World News Room : පාසල් යටි­තල පහ­සු­කම් සැප­යී­මට මුදල් නෑ

News Room : පාසල් යටි­තල පහ­සු­කම් සැප­යී­මට මුදල් නෑ

1
0

පාකි­ස්තා­නයේ පාසල් යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරි­මට සහ අධ්‍යා­ප­නය නඟා සිටු­වී­මට රජ­යට ප්‍රමා­ණ­වත් මුදල් නොමැති වීමෙන් එරට පාසල් සිසුන් මිලි­යන 26කට අධික පිරි­සක් පාසල් අධ්‍යා­ප­න­යෙන් ඉවත්ව සිටින බව එරට අධ්‍යා­පන හා වෘත්තීය පුහුණු අමා­ත්‍යාං­ශය පාර්ලි­මේ­න්තු­වට දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

පාකි­ස්තා­නයේ මේ වන­විට දරු­වන් මිලි­යන 26.20කට පාසල් අධ්‍යා­ප­නය අහිමි වී ඇති බවත්, ඒ අතර අවු­රුදු 5-9 අතර දරු­වන් මිලි­යන 10කට වඩා සිටින බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. මීට අම­ත­රව අවු­රුදු 10-12 අතර වයස් කාණ්ඩයේ දරු­වන් මිලි­යන 5කට අධික පිරි­සක් පාසල් අධ්‍යා­ප­න­යෙන් ඉවත්ව සිටින බවත්, අවු­රුදු 13-14 වයස් කාණ්ඩයේ දරු­වන් මිලි­යන 4.5ක් ද, අවු­රුදු 13-16 වයස් කාණ්ඩයේ දරු­වන් මිලි­යන 6ක් ද මේ වන­විට පාසල් අධ්‍යා­ප­න­යෙන් බැහැ­රව සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පළ­පු­රුදු ගුරු­ව­රුන් බඳවා ගැනීම, පාසල් සඳහා විද්‍යා­ගාර පිහි­ටු­වීම, තොර­තුරු තාක්ෂ­ණික දැනුම ලබා­දීම ඇතුළු පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම සඳහා මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කිරී­මට රජය අස­මත්වී ඇති අතර, වර්ත­මා­නයේ පව­තින දරුණු ආර්ථික අර්බු­දය විස­ඳී­ම­ට­ අ­ව­ධා­නය යොමු කිරී­මට සිදු­වී­මෙන් පාකි­ස්තාන රජ­යට පාසල් අධ්‍යා­ප­නය කෙරෙහි ඇති අව­ධා­නය පහත වැටී ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here