Home World News Room : බංග්ලා­දේ­ශයේ ජාත්‍ය­න්තර ඇඟ­ලුම් අප­න­ය­නය අන­තුරේ

News Room : බංග්ලා­දේ­ශයේ ජාත්‍ය­න්තර ඇඟ­ලුම් අප­න­ය­නය අන­තුරේ

1
0

බංග්ලා­දේ­ශයේ උද්ගත වී ඇති ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා වැසී යෑමේ අර්බු­දය කඩි­න­මින් විස­ඳී­මට අස­ම­ත්වු­ව­හොත් එළැ­ඹෙන සීත සෘතු­වේදී විදේ­ශීය ඇඟ­ලුම් ඇණ­වු­ම්ක­රු­වන්ගේ ඉල්ලුම සපු­රා­ලී­මට නොහැ­කි­වී­මෙන් බංග්ලා­දේ­ශයේ ජාත්‍ය­න්තර ඇඟ­ලුම් අප­න­ය­නය සැල­කිය යුතු අයු­රින් බිඳ වැටෙන බවට එරට ඇඟ­ලුම් කර්මාන්ත හිමි­යන් අන්ත­ර්වාර රජ­යට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශිෂ්‍ය නාය­ක­ත්ව­යෙන් යුතු බහු­ජන ව්‍යාපා­ර­යක් විසින් ගෙන එනු ලැබූ නාය­ක­ත්වයේ වෙන­සත් සමඟ බංග්ලා­දේ­ශයේ මතු වී ඇති වත්මන් අර්බු­දය ඉතා අභි­යෝ­ගා­ත්මක තත්ත්ව­ය­කට මුහුණ දී ඇතැයි ද, එරට ඇඟ­ලුම් නිෂ්පා­ද­ක­යන් ඉදි­රි­යේදී ජාත්‍ය­න්තර අප­න­ය­නය නිසි වේලා­වට සහ අව­ශ්‍ය­තාව පරිදි ඉටු කිරි­මට නොහැකි වනු ඇතැයි කන­ස්ස­ල්ලට පත්වී සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ආර්ථික වශ­යෙන් බංග්ලා­දේ­ශය අභි­යෝග රැස­කට මුහුණ දී සිටින අව­ස්ථා­වක ලෝක ඇඟ­ලුම් අප­න­යන ක්ෂේත්‍රයේ දෙවැනි විශා­ල­තම රට වන බංග්ලා­දේ­ශ­යට විදේ­ශීය ගැණු­ම්ක­රු­වන්ගේ ඉල්ලීම් සපු­රා­ලී­මට නොහැකි වුව­හොත් සමස්ත රට­ටම ඉන් දැඩි බල­පෑ­මක් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වැඩි වැටුප් ඉල්ලා ඩකා අග­නු­වර පිහිටි ආයෝ­ජන ප්‍රව­ර්ධන කලා­පයේ ප්‍රවේශ දොර­ටුව අස­ළින් ආරම්භ වූ විරෝ­ධ­තාව සියලු කර්මා­න්ත­ශාලා වෙත පැතිරී ගොස් ඇති අතර, ඇඟ­ලුම් ආය­ත­න­ව­ලට ප්‍රහාර එල්ල කළ සේවක සේවි­කා­වන් ප්‍රච­ණ්ඩ­කාරී අයු­රින් හැසි­රී­මට පටන් ගත් බවත් බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් නිෂ්පා­ද­ක­යන්ගේ සහ අප­න­ය­න­ක­රු­වන්ගේ සංග­මය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here