Home World News Room : බංග්ලා­දේ­ශයේ දෛනික විදුලි හිඟය මෙගා­වොට් 2000කට නඟී

News Room : බංග්ලා­දේ­ශයේ දෛනික විදුලි හිඟය මෙගා­වොට් 2000කට නඟී

0
0

බංග්ලා­දේ­ශයේ දෛනික විදුලි හිඟය මෙගා­වොට් 2000 ඉක්මවා ඇතැයි ද, පැය 12කට අධික කාල­යක් දෛනික විදුලි කප්පා­දු­ව­කට මුහු­ණ­දී­මට සිදු­වී­මෙන් එරට නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යට සහ ජන­තා­වගේ දෛනික ජීවි­ත­යට දැඩි බාධා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය දින කිහි­ප­යේදී දින­කට මෙගා­වොට් 1500ක පමණ විදුලි හිඟ­ය­කට මුහුණ දුන් බංග්ලා­දේ­ශයේ තත්ත්වය තවත් උත්සන්න වීම එරට ආර්ථි­ක­යට දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇතැයි ද වාර්තා වේ. රාංග්පූර් නුවර පිහිටි බර­පු­කු­රියා ගල් අඟුරු බලා­ගා­රය පසු­ගි­යදා තාක්ෂ­ණික ගැට­ලු­වක් හේතු­වෙන් වසා දැමී­මට සිදු­වී­මෙන් තත්ත්වය තවත් බර­ප­තළ වී ඇතැයි ද වාර්තා වේ.

එම බලා­ගා­රයේ ටර්බ­යින ක්‍රියා­ත්මක කිරී­මට විදත් හයි­ඩ්‍රො­ලික් පොම්ප දෙකක් අවශ්‍ය බවත්, මේ වන­විට එක් පොම්ප­යක් බිඳ වැටී­මෙන් බලා­ගා­රය දින තුනක් පුරා වසා දැමී­මට සිදුවී ඇති බවත් එහි ප්‍රධාන ඉංජි­නේ­රු­ව­රයා ප්‍රකාශ කර ඇත. එහි අලු­ත්වැ­ඩියා කට­යුතු සිදු කරන තුරු එක් විදත් හයි­ඩ්‍රො­ලික් පොම්ප­ය­කින් පම­ණක් ටර්බ­යින ක්‍රියා­ත්මක කළ බවත්, එම පොම්පය ද බිඳ වැටී­මෙන් බලා­ගා­රය වසා දැමී­මට සිදුවූ බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. එරට දෛනික විදුලි ඉල්ලුම මෙගා­වොට් 16,200ක් බවත්, මේ වන විට පව­තින ආර්ථික අර්බු­දය හේතු­වෙන් සැප­යු­ම්ක­රු­වන්ගේ හිඟ මුදල් ගෙවී­මට නොහැ­කි­වීම මත දින­කට නිප­ද­වනු ලබන්නේ මෙගා­වොට් 13,900ක් පම­ණක් බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here