Home Politics News Room : මාලි­මාව වෛරය වපුරා ජය ලබ­තොත් රටට වන්නේ කුම­ක්දැයි ජන­තාව...

News Room : මාලි­මාව වෛරය වපුරා ජය ලබ­තොත් රටට වන්නේ කුම­ක්දැයි ජන­තාව සිතා බැලිය යුතුයි

0
0

  • මෙසේ දිග­ටම ගියොත් සංව­ර්ධිත රටක් යනු තවත් වච­න­යක් පම­ණක්ම නොවේ – අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන
  • මෙය අත්හදා බැලීම් කර­මින් ඉන්න සුදුසු අව­ස්ථා­වක් නොවෙයි – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත
  • වැරදි තීර­ණ­යක් ගත්තොත් ශ්‍රී ලංකාව බංග්ලා­දේ­ශ­යක් වීම වළ­ක්වන්න බෑ – පාර්ලි­මේන්තු මන්ත්‍රී මධුර විතා­නගේ
  • රණ­සිංහ ප්‍රේම­දාස මැති­තුමා සිටියා නම් එතු­මාගේ සහය ලැබෙ­න්නෙත් රනි­ල්ටයි – හිටපු ඇමැ­තිනි තලතා අතු­කෝ­රළ
  • බංකො­ලො­ත්භා­ව­යෙන් වේග­යෙන්ම මිදුණු රට ලෙස ශ්‍රී ලංකාව ඉති­හා­ස­යට එක් වුණා – හිටපු ඇමැති චන්දන කත්‍රි­ආ­රච්චි
  • පසු­ගිය සමයේ පැවති පෝලිම් යුගය මේ වන විට ඇතැ­මුන්ට අම­තක වෙලා – ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක
  • දරු­වන්ට පැහැ­දිලි අනා­ග­ත­යක් වෙනු­වෙන් රනිල් නැව­තත් ජන­පති කර­වමු – ජනා­ධි­පති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජන­රාල් සමන් රත්න­ප්‍රිය
  • සමා­ජ­වාදි පාල­න­ය­නක් යටතේ දියුණු වූ රටක් අද ලෝකයේ නැහැ – නව ජනතා පෙර­මුණේ නායක සුගී­ශ්වර බණ්ඩාර

මාලි­මාව රට පුරා වෛරය වපුරා ඔවුන් බලය ලබා­ගත හොත් අව­සා­නයේ රටට සිදු වන්නේ කුම­ක්දැයි ජන­තාව සිතා බැලිය යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අද­හස් පළ කළේ කැස්බෑව, පිළි­ය­න්දල, සෝම­වීර චන්ද්‍ර­සිරි ක්‍රීඩාං­ග­ණ­යේදී පෙරේදා (12) පැවති ‘රනිල්ට පුළු­වන්’ ජන රැලිය අම­ත­මිනි.

විවිධ දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යන් සහ­භාගි වූ මේ ජන රැලිය අම­ත­මින් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය:

“එදා අනුර කුමා­රට භාර දුන් කෘෂි­කර්ම අමාත්‍ය ධුරයේ වග­කීම නිසි ලෙස ඉටු කළා නම් අද රටේ කෘෂි­ක­ර්මා­න්තය දියුණු වී තිබිය යුතුයි. ප්‍රති­ප­ත්ති­ය­කින් තොරව වෛරය පම­ණක් වපු­රන ඔහුගේ වැඩ­පි­ළි­වෙළ රට විනා­ශය කරා ඇද දම­නවා. සියල්ල නොමිලේ දෙන බව කියන සජිත් මේ වන විටත් පරා­ජය පිළි­ගෙන අව­සන්. එබැ­වින් සජිත් ප්‍රේම­දා­සට සහ නාමල් රාජ­ප­ක්ෂට දෙන ඡන්දය අනුර කුමා­රට දෙන ඡන්ද­යක් බව ජන­තාව අම­තක නොකළ යුතුයි.

“ලබන සතිය අව­සන් වන විට ඡන්දය දී තමන්ගේ අනා­ග­තය තීර­ණය කිරී­මට මේ රටේ ජනා­ත­වට අව­ස්ථා­වට ලැබෙ­නවා. ඒ මත ජන­තා­ව­ගේත්, රටේත් අනා­ග­තය තීර­ණය වෙනවා. වසර දෙක­කට පෙර රටේ ජන­තා­වට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබූ අව­ස්ථාවේ මේ එක නාය­ක­යෙ­ක්වත් ජන­තා­වට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර දීමට ඉදි­රි­පත් වුණේ නැහැ. එදා ඒ නාය­ක­යන් කොහෙද හිටියේ කියා මම අහ­නවා. අද ජන­තාව ඉදි­රි­යට පැමිණ ඡන්දය ඉල්ලා සිටි­යත් එදා ඔවුන් දකින්න වත් හිටියේ නැහැ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප ජන­තා­වට ඉරි­පත් කර තිබෙ­නවා. ඒ වගේම ජන­තා­වගේ ජීවන බර සැහැල්ලු කිරී­මට අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා.

“එහෙත් හිටපු කෘෂි­කර්ම ඇමැති අනුර කුමාර කියන්නේ තමන් මේවාට සම්බන්ධ නැති බවයි. අප එළවා, මාලි­මා­වට ඡන්දය දෙන්නැයි ඔවුන් කිය­නවා. මාලි­මා­වට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ? ඩොල­රය රුපි­යල් 400 දක්වා ඉහළ යනවා. ඩොල­රය රුපි­යල් 370 වන විට දරා­ගන්න බැරි වුණා නම් එය 400–420 වන විට දරා­ගන්න පුළු­වන්ද? කියා සිතිය යුතුයි. ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකාශ අනුව අය­වැ­යක් හදලා දෙන්නැයි මම කිවුවා. ඔවුන්ගේ අය වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 4,000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපි­යලේ අගය අඩු වෙනවා. එවිට ඩොල­රය රුපි­යල් 420ට යනවා. එවිට මූල්‍ය අර­මු­දලේ සහාය ලැබෙන්නේ නැහැ. අද අනු­රලා කතා කරන්නේ ගණන් වහලා. ඔවුන් ජන­තා­වට ඇත්ත කියන්නේ නැහැ. ‘උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා’ කිය­නවා, ‘අපි හොරු­න්ගෙන් මුදල් අය කර­ග­න්නවා’ කිය­නවා.

“අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මේ කට­යුතු සඳහා එය පම­ණක් ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. මුදල් නැවත ලබා­ගැ­නී­මට නම් අප තවත් පිය­වර කිහි­ප­යක් ගත යුතුයි. අප­රා­ධ­ය­කින් අත්පත් කර­ගත් දේපළ පිළි­බඳ පනත් කෙටු­ම්පත අප ඉදි­රි­පත් කර තිබෙ­නවා. ඒක සම්මත කර­ගන්නා තෙක් මේ කට­යුතු කරන්න බෑ. ජනතා විමුක්ති පෙර­මුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේ­පාල අවු­රුදු තුන­කින් හොයා­ගත්තේ මොන­වාද? ඔහු නඩු දැම්මේ කාටද? කාගේ දේප­ළද ආපසු ගත්තේ? කියා මම අහ­නවා. ඒ නිසා මේ විදි­හට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම අනුර කුමා­රට කිය­නවා. බදු අඩු කරන බවත් ඔවුන් කිය­නවා. ගෝඨා­භය රාජ­පක්ෂ කරපු දේ ආපසු කරන්න අව­ශ්‍යද? මා කියන්නේ ජන­ප්‍රිය දේවල් නොවෙයි. මා සැම විටම ඇත්ත කිය­නවා. ඒ නිසා මේ අය­වැය පර­ත­රය පිය­වා­ගන්නේ කෙසේද කියා මාලි­මාව රටට කිව යුතුයි.

“ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරු­වන්ගේ අනා­ග­තය පිළි­බ­ඳ­වයි. නැත් නම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජ­න්ටි­නාව වැනි තත්ත්ව­යට පත් වනවා. එය වළක්වා ගැනී­ම­ටයි මම මේ උත්සාහ කරන්නේ. රටත්, ආර්ථි­ක­යත් බේරා­ගන්න සැප්තැ­ම්බර් 21 දා ගෑස් සිලි­න්ඩ­ර­යට ඡන්දය දෙන ලෙස මම සියලු දෙනා­ගෙන් ඉල්ල­නවා.”

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා:

“ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා උතුරේ සිට දකු­ණ­ටත්, නැඟෙ­න­හිර සිට බට­හි­ර­ටත් ජන­තා­වගේ මූලික අව­ශ්‍යතා හිඟ­ය­කින් තොරව සපයා දීමට කට­යුතු කළ නාය­ක­යෙක්. බංකො­ලොත් වී තිබූ රටක් නිවැ­රදි කළ­ම­නා­ක­ර­ණ­යක් තුළින් වේග­යෙන් යථා තත්ත්ව­යට ගෙන ඒමට කට­යුතු කළේ එතු­මායි. මේ රටේ සුව­හ­සක් කාන්තා­වන් වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ පනත් සම්මත කිරී­මට කට­යුතු කළේද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා පම­ණයි. එතුමා අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා ලෙස විද්‍යා පීඨ ආරම්භ කළා. ගුරු පුහුණු මධ්‍ය­ස්ථාන බහු­ත­ර­යක් ආරම්භ කළා. මේ රටේ ආර්ථි­කය කළ­ම­නා­ක­ර­ණය කර­මින් මෙතෙක් දුර පැමිණි මාවතේ නොනැ­වතී ගමන් කළ හොත් සංව­ර්ධිත රටක් යනු තවත් වච­න­යක් පම­ණක්ම නොවන බව කිව යුතුයි. ඒ වෙනු­වෙන් රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මගේ ජය­ග්‍ර­හ­ණ­යට ඔබේ සහාය දෙන ලෙස මා ඉල්ලා සිටි­නවා.”

අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා:

“නාය­ක­යන් බිහි වන්නේ අර්බු­ද­කාරි අව­ස්ථා­ව­ල­දීයි. නාය­ක­ත්වය යනු අභි­යෝග භාර ගැනීම මිස බයේ පැන දිවීම නොවෙයි. එදා බයෙන් පැන ගිය අය අද ජනා­ධි­පති අපේ­ක්ෂ­යන් බවට පත් වී සිටි­නවා. ඔවුන්ට ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙක් වෙන්න­වත් සුදු­සු­කම් තිබෙ­න­වාද කියා ඔබ ප්‍රශ්න කළ යුතුයි. මේ රටේ සිටින නාය­ක­යන් පිළි­බඳ ජන­තා­වට අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට එය හොඳ අව­ස්ථා­වක් වුණා. පසු­ගිය කාලයේ බංග­ලා­දේ­ශ­යෙන් ගත් ණය ගෙවී­ම­ටත් ශ්‍රී ලංකාව සමත් වුණා. එදා අපට ණය දුන් බංග්ලා­දේ­ශය අද මුහුණ දී තිබෙන අර්බු­දය නැව­තත් අපට පාඩ­මක් කියා දෙනවා. මෙය අත්හදා බලන්න සුදුසු අව­ස්ථා­වක් නොවෙයි. අද රටේම රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා වෙනු­වෙන් පිබි­දී­මක් තිබෙ­නවා. සීයට පන­හ­කට වැඩි ප්‍රති­ශ­ත­ය­කින් එතුමා ජය­ග්‍ර­හ­ණය කර­වී­මට එක් වන ලෙස මා ඔබ සැම­ගෙන් ඉල්ලා සිටි­නවා.”

ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක මහතා:

“පසු­ගිය පෝලිම් යුගය අද ඇතැ­මුන්ට අම­තක වෙලා. ආර්ථි­කය කඩා­වැ­ටුණු අව­ස්ථාවේ මේ රට ස්ථාවර කළේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මායි. මේ වන විට ආර්ථි­කය නිවැ­රදි ලෙස කළ­ම­නා­ක­ර­ණය වී රට ස්ථාවර වී තිබෙ­නවා. ලබන වසරේ රැකියා ලක්ෂ­යක් දීමට සැල­සුම් කර තිබෙ­නවා. ජාත්‍ය­න්තර වෙළෙ­ඳාම වර්ධ­නය කිරී­ම­ටද සැල­සුම් සකස් කර තිබෙ­නවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා මේ වන විටත් ආර්ථික පරි­ව­ර්තන පනත ගෙන ඒම­ටද කට­යුතු කර තිබෙ­නවා. මේ වැඩ­ස­ට­හන අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යා හැකි වුව හොත් බදු සහන සලසා දීම­ටද අව­ස්ථාව ලැබෙ­නවා. ඒ නිසා මෙම ආර්ථික වැඩ­පි­ළි­වෙළ බිඳ­දැ­මී­මට කට­යුතු නොක­රන ලෙස මා ඔබ සැම­ගෙන් ඉල්ලා සිටි­නවා.”

පාර්ලි­මේන්තු මන්ත්‍රී මධුර විතා­නගේ මහතා:

“සැප්තැ­ම්බර් 21 දා අප මේ රටට පත් කරන්නේ බිය­ගුලු නාය­ක­යෙක් නොවෙයි; අභි­යෝග හමුවේ පලා නොයන ඊට නිවැ­රදි විස­ඳුම් දිය හැකි නාය­ක­යෙක්; ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රයේ ඔසවා තැබිය හැකි නාය­ක­යෙක්; ඒ වගේම අනා­ගත පර­පුර වෙනු­වෙන් මේ රට දියු­ණුව කර ගෙන යන නාය­ක­යෙක් බව කිව යුතුයි. ඒ නාය­කයා වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මායි. ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂක ලැයි­ස්තුවේ සිටින පිරිස අත­රන් අභි­යෝ­ගය භාර ගත් එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා පම­ණයි. ජන­තාව මෙවර වැරදි තීර­ණ­යක් ගත­හොත් ශ්‍රී ලංකාව බංග්ලා­දේ­ශ­යක්, මාල­දි­ව­යි­නක් බවට පත් වීම වළ­ක්වන්න බෑ.”

හිටපු ඇමැ­තිනි තලතා අතු­කෝ­රළ මහ­ත්මිය:

“රණ­සිංහ ප්‍රේම­දාස මැති­තුමා අද ජීව­තුන් අතර සිටියා නම්, එතු­මාගේ සහ­යෝ­ගය ලැබෙ­න්නේද රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට බව විශ්වා­සයි. එදා ආර්. ප්‍රේම­දාස මහ­තාට දෝෂා­භි­යෝ­ග­යක් ඉදි­රි­පත් වූ අව­ස්ථාවේ එය පරා­ජය කිරී­මට නාය­ක­ත්වය ගත්තේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මායි. පක්ෂය රැක­ගෙන, ජන­තා­වත් රැක­ගෙන දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් දුන් එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මායි. මේ රටට ව්‍යස­න­කාරි අවස්ථා පැමිණි සෑම අව­ස්ථා­ව­කම රට බේරා­ගැ­නී­මට ඉදි­රි­පත් වූ එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මායි. එම නිසා කිසිම බයක් සැකක් නැතුව ඔබේ ඡන්දය එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් දෙන ලෙස මා ඉල්ලා සිටි­නවා.”

ජනා­ධි­පති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජන­රාල් සමන් රත්න­ප්‍රිය මහතා:

“සජිත් ප්‍රේම­දා­සගේ සහෝ­ද­රිය හොර මුදල් අච්චු ගහලා නීතියේ රැහැ­නට හසු වුණා. එහෙම අයට රට පාල­නය කරන්න පුළු­වන්ද? ඒ වගේම එවන් පුද්ග­ල­යෙ­කුට මේ රට භාර දෙන්න කියා ඉල්ලා සිටී­මට සදා­චා­රා­ත්මක අයි­ති­යක් තිබෙ­න­වාද කියා මා ප්‍රශ්න කර­නවා. සිසු දරු­වන්ට වසර දහ­තු­නක අධ්‍යා­පන අයි­තිය වගේම ජන­තා­වට, අස්වැ­සුම දුන්නේ, හෘදය රෝගීන්ට නොමිලේ ස්ටෙන්ත් දුන්නේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මායි. මේ එතු­මාගේ සේව­යෙන් අංශු මාත්‍ර­යක් පම­ණයි. නොවැ­ටෙන ආර්ථි­ක­යක්, සංව­ර්ධිත රටක්, දරු­වන්ට පැහැ­දිලි අනා­ග­ත­යක් වෙනු­වෙන් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා නැව­තත් ජනා­ධි­පති ධුර­යට පත් කිරී­මට එක් වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටි­නවා.”

නව ජනතා පෙර­මුණේ නායක සුගී­ශ්වර බණ්ඩාර මහතා:

“අභි­යෝ­ග­යට මුහුණ දෙන්නෙ නැතිව, අභි­යෝ­ගය රටෙන් පහව ගියාට පසුව බලය ඉල්ලන නිවට නාය­ක­යන් ගැන ජන­තාව සිහි බුද්ධි­යෙන් සිටිය යුතුයි. සමා­ජ­වාදි කණ්ඩා­ය­මක පාල­නය යටතේ දියුණු කළ රටක් අද ලෝකයේ නැහැ. අනුර කුමාර දිසා­නා­යක රට භාර ගත්තොත් ශ්‍රී ලංකාව බංග්ලා­දේ­ශ­ය­ටත් එහා ගිය රටක් බවට පත් වනවා. ඒ නිසා ශ්‍රී ලංකා­වට මේ යුගයේ අවශ්‍ය වන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාගේ නාය­ක­ත්වය පම­ණයි. එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් අප සියලු දෙනා කැප වෙමු.”

හිටපු ඇමැති චන්දන කත්‍රි­ආ­රච්චි මහතා:

“අරා­ජි­කව තිබූ රටක් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා ප්‍රාති­හා­ර්යක් පෑ ලෙස යථා තත්ත්ව­යට පත් කිරී­මට කට­යුතු කළා. ලෝකයේ බංකො­ලොත් භාව­යෙන් වේග­යෙන්ම මිදුණු රට ලෙස ශ්‍රී ලංකාවේ ඉති­හා­ස­යට එක්ව තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා වසර දෙකක් තුළ කළ විශිෂ්ට ආර්ථික කළ­ම­නා­ක­ර­ණයේ ප්‍රති­ලාභ අද ජන­තාව අත්වි­ඳි­මින් සිටි­නවා. ජන­තාව පෝලිම් ගානේ දුක් විඳින විට ඒ අභි­යෝ­ගය භාර නොගත් පක්ෂ, කණ්ඩා­යම් හා පුද්ග­ල­යන් වේදිකා මත සිහින විකු­ණ­මින් සිටි­නවා. අර්බුද අව­ස්ථා­වේදී පලා ගිය නාය­ක­යන්ට නැවත රට භාර දුන්නොත් රටේ ඉර­ණම ඛේද­නීය වනවා නොඅ­නු­මා­නයි.”

ඡායා­රූප – රංජිත් අසංක

ජය­සිරි මුණ­සිංහ, මැද කොළඹ සමූහ – ආරි­ය­රත්න ගණේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here