Home Politics News Room : සජිත්ගේ නියත ජය­ග්‍ර­හ­ණය මාලි­මා­වට උහු­ලා­ගන්න බැරි වෙලා

News Room : සජිත්ගේ නියත ජය­ග්‍ර­හ­ණය මාලි­මා­වට උහු­ලා­ගන්න බැරි වෙලා

1
0

සමඟි ජන සන්ධා­නයේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය ජාතික ජන බල­වේ­ග­යට ඉව­සුම් නොදෙන තත්ත්ව­ය­කට පත්ව ඇති බව සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස අත්ත­නා­යක මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ සමඟි ජන සන්ධාන කාර්යා­ල­යේදී පෙරේදා (12) පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි:

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ තිස්ස අත්ත­නා­යක මහතා:

“ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රණ කට­යු­තු­ව­ලින් සිය­යට 70%ක් පමණ මේ වන විට අව­සන් කර තිබෙ­නවා. සමඟි ජන බල­වේ­ගයේ පක්ෂ නායක ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහතා සහ­භාගි වන ජන රැලි විශාල ප්‍රමා­ණ­යක් පවත්වා අව­සන් කර තිබෙ­නවා. මධ්‍යම ප්‍රමා­ණයේ රැස්වීම් සහ බිම් මට්ටමේ ජන­තාව දැනු­වත් කිරීමේ ව්‍යාපාර සාර්ථ­කව අව­සන් කර­මින් තිබෙ­නවා. ඡන්ද­දා­ය­ක­යන් පෞද්ග­ලි­කව දැනු­වත් කිරීමේ ව්‍යාපා­රය දියත් කිරීම තමයි අපගේ මූලික අර­මුණ වුණේ. ඒ අනුව අපගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය ගෙයින් ගෙට ගොස් බෙදා බෙදා­හැ­රීමේ පළ­වෙනි වටය සාර්ථ­කව අව­සන් කර තිබෙ­නවා. 14 සහ 15 යන දින දෙක සමඟි ජන සන්ධා­නයේ මැති­ව­රණ ප්‍රකා­ශය පෞද්ග­ලි­කව නිවා­ස­ව­ලට බෙදා­දී­මට සහ ජන­තාව දැනු­වත් කිරී­මට එම දින දෙක යොදා ගැනී­මට තීර­ණය කර තිබෙ­නවා. මෙවර මැති­ව­රණ ව්‍යාපා­රය පිළි­බඳ ජනතා මතය ඉතාම පැහැ­දි­ලියි. එකම ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­වය ඇති ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා සජිත් ප්‍රේම­දාස මහතා බව සෑම දෙනා­ටම හොඳින් වැටහී තිබෙ­නවා. මේ රටේ ඡන්ද දාය­ක­ය­න්ගෙන් බහු­ත­ර­යක් දෙනා ඡන්දය ලබා දෙන්නේ කාටද කියන තීර­ණය ගෙන අව­සන්.

“අපට ලැබෙන වාර්තා සහ විවිධ සමී­ක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේම­දාස මහතා ඉදි­රි­යෙන් සිටින බව මේ වන විට වාර්තා වෙනවා. ඒව­ගේම මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර අපට වාර්තා වෙනවා. සමගි ජන සන්ධා­නය සහ සමඟි ජන බල­වේ­ගයේ මැති­ව­රණ කාර්යාල විනාශ කිරීම සහ සමඟි ජන බල­වේ­ගයේ පාක්ෂි­ක­යන්ට තර්ජ­නය කිරීම පිළි­බ­ඳව තොර­තුරු වාර්තා වෙලා තිබෙ­නවා. සමඟි ජන සන්ධා­නය සහ සජිත් ප්‍රේම­දාස මහතා වෙනු­වෙන් ඡන්දය ප්‍රකා­ශය කරන සියලු ඡන්ද දාය­ක­යන් ප්‍රච­ණ්ඩ­ත්ව­යට හසු වන්නේ නැතිව, ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලට සම්බන්ධ වන්නේ නැතිව සාම­කා­මීව මැති­ව­රණ ව්‍යාපා­රය අව­සන් කිරී­මට කට­යුතු කළ යුතුයි. ඒ ඉල්ලීම සමස්ත රට වැසි­ය­න්ගෙන් අප ඉල්ලා සිටි­නවා. අපට සිය­යට සීයක විශ්වා­ස­යක් තිබෙ­නවා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්නේ සජිත් ප්‍රේම­දාස මහතා බව.

“සමඟි ජන සන්ධා­නයේ ජය­ග්‍ර­හ­ණය ජාතික ජන බල­වේ­ග­යට ඉව­සුම් නොදෙන තත්ත්ව­ය­කට පත් වෙලා. ජාතික ජන බල­වේ­ගයේ ක්‍රියා කලා­පය සම්බ­න්ධ­යෙන් කල­බල නොවී ඉව­සී­මෙන් කට­යුතු කරන ලෙස අප ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. සමඟි ජන සන්ධා­නයේ සහ සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය සිය­යට සීයක් ස්ථිරයි. අව­සාන සතිය සාම­කා­මිව කට­යුතු කරන ලෙස අප අපේ පාක්ෂි­ක­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here