Home World News Room : ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට කඩිනම් පියවර ගත යුතුයි

News Room : ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට කඩිනම් පියවර ගත යුතුයි

2
0

දැඩි මූල්‍ය අර්බුදයකට මැදි වී සිටින මාලදිවයින රජය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට කඩිනම් පියවර ගත යුතුව ඇතැයි එරට හිටපු මුදල් ඇමැති ඉබ්‍රාහිම් අමීර් ප්‍රකාශ කළ බව මාලදිවයිනේ ‘සන්’ පුවත් සේවය වාර්තා කළේය. හිටපු මුදල් ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ දිගුකාලීන ආයතනික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩි’ පසුගියදා මාලදිවයිනේ ණය ශ්‍රේණිගත කිරීම දුර්වල තත්ත්වයේ (Caa1) සිට ඉතා ඉහළ ණය අවදානම් තත්ත්වය (Caa1) දක්වා පහත දැමීමෙන් විදෙස් ණය පැහැර හැරීමේ අවදානම් රටක් බවට පත් වීම සැලකිල්ලට ගෙන බවත් වාර්තා වේ.

ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600ක සහ 2026දී අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි විදේශ ණය වගකීමක් මාලදිවයිනට ඇති බවටත්, එම තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රජය මෙතෙක් සමත් වී නැති බවටත් හිටපු මුදල් ඇමැතිවරයා චෝදනා කර ඇතැයි ‘සන්’ පුවත් සේවය සඳහන් කළේය.

රජයේ දුර්වල පාලනය හේතුවෙන් අවුල්සහගත තත්ත්වයක් උදාවී ඇති මාලදිවයිනේ මූල්‍ය තත්ත්වය නැවත පිළිසකර කිරීමට ආයෝජකයන් සම්බන්ධව විශ්වසනීය හා ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් හිටපු මුදල් ඇමැතිවරයා අවධාරණය කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here