19
ඉන්දියාවේ චෙන්නාහි ශ්‍රීමත් ජවහර්ලාර් නේරූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 17ක් සමඟ පදක්කම් 35ක් දිනා ශ්‍රී ලංකාවට පැමිණියහ.
ශ්‍රී ලංකාවට සටනක් දුන් ඉන්දියාව රන් පදක්කම් 21ක්, රිදී 22ක් හා ලෝකඩ 5ක් සමගින් පදක්කම් 48ක් දිනා සමස්ත ශූරතාවට හිමිකම් කියූ අතර, ශ්‍රී ලංකා යොවුන් පිල අනුශූරතාවට හිමිකම් කීය.
මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර වෙනත් කිසිදු රටකට රන් හෝ රිදී පදක්කම් දිනා ගැනීමට නොහැකි වූ අතර, බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 3ක්, මාලදිවයින ලෝකඩ පදක්කම් 2ක් හා නේපාලය ලෝකඩ පදක්කම් 1ක් දිනා ගත්හ.
දකුණු ආසියාවේ අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බැලීම වෙනුවෙන් මේ තරගාවලිය සංවිධාන කළ අතර, ශූරතාවලියේ අවසන් දිනයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් පහක් හිමි විය.
පිරිමි මීටර් 100 සහාය දිවීමේ තත්පර 40.28ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම, පිරිමි උස පැනීම ලෙසඳු අර්තවිදු මීටර් 2.17ක දක්ෂතාවකින් රන් පදක්කම, පිරිමි මීටර් 200 ඉඳුසර විදුශාන් තත්පර 21.33ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක්ද සමඟ රන් පදක්කම, පිරිමි මීටර් 400 සහය දිවීම මිනිත්තු 3.09.27ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම, පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ ඩී.එම්.එච්. කාවින්ද මීටර් 15.09ක දක්ෂතාවකින් රන් පදක්කම අවසන් දිනයේදී දිනා ගත්හ.
මේ ශූරතාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ලෙස මීටර් 100 රන් පදක්කම දිනූ මෙරෝන් විජේසිංහ කිරුළ පැලඳීය.
ඡායාරූපය – කටුනායක – ටී.කේ.ජී. කපිල