7
ජනතා විමුක්ති පෙරමුණ විසින් තර්ජනාත්මකව ජනතාව තුළ භීතියක් ඇති කරමින් සිදුකරන මැතිවරණ ව්‍යාපාරය හේතුවෙන් රට තුළ නිහඬ ඡන්ද දායකයාගේ ප්‍රතිශතය වැඩිවීමට හේතුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බව පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවදුරටත් එම සහයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යනවද නැතිනම් ඉන් ඉවත් වී අස්ථාවර රාජ්‍යයක් වෙත ගමන් කරනව ද යන්න මෙම ජනාධිපතිවරණයේදී ජනතාව තීන්දු කළ යුතුව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් දා අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික ඝාතකයකු ලෙස මීට පෙර හැඳින්වූ ජාතික ජන බලවේගය විසින් තම රාජ්‍යයක් යටතේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන බවට ප්‍රකාශ කරනුයේ එය පිළිබඳව ජනතාව තුළ ඇති ආකර්ෂණය නිසා. ලබන වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරනවා. තුන්වන සමාලෝචනයෙන් පසුව හතරවැනි කාර්තුවේදී එම වාරිකය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයට කිසිදු ගැටලුවක් නැති වුණත්, එම එකඟතා යම්කිසි කඳවුරක් විසින් වෙනස් කිරීමට කටයුතු කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය වැඩසටහනෙන් ඉවත් වේවි. පොදු ජන පෙරමුණේ වැඩි පිරිසක් රට සහ ජනතාව ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අත්වැල් බැඳගනු ලැබුවේ එම කිසිවෙකුවත් දේශපාලන අනාගතයක් ගැන සිතා නොවෙයි. දයාසිරි ජයසේකර කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව ජනතා විමුක්ති පෙරමුණ දිනවීම නෙවෙයි. රටේ ජනතාවට යහපත් ආර්ථිකයක් ගොඩනැඟීමයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වනවිට තර්ජනාත්මකව ජනතාව තුළ භීතියක් ඇති කරමින් දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ හේතුවෙන්ම රට තුළ නිහඬ ඡන්ද දායකයන්ගේ ප්‍රතිශතය වැඩිවෙලා.”
අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක