21
“රනිල් මේ රටේ තිබුණ ප්‍රශ්නවලට උත්තර හෙව්වේ නැත්නම් අදටත් අපට උත්තරයක් නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිකමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කර ගත්ත නිසා තිබුණු පෝලිම් නැති වුණාට, වැටිච්ච ආර්ථිකය අප යන්තම් දුරට නැගිට්ටව ගත්තාට, අපි තවත් මේක ස්ථාවර කර ගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ඔබතුමන්ලාගෙන් ජනවරමක් ඉල්ලන්නේ. ඒ නිසා තමයි අපි ප්‍රධාන පක්ෂ 3ක් එකට එකතු වෙලා රට දිනවන්න, වැටිච්ච රට නැඟිට්ටවන්න, ආර්ථිකය බංකොලොත් වෙච්ච රටේ ශක්තිමත් ආර්ථිකයක් කරා යන ගමනේ කොටස්කාරයෝ, පංගුකාරයෝ වෙන්න කියලා ආරාධනා කරන්නේ. පොහොර නැතිව රුපියල් 45,000ටත් පොහොර ගන්න නැතිව අපි හූල්ලනකොට වගාව ඇස් පනා පිට නැති වෙන කොට පක්ෂ භේදයක් තිබුණේ නෑ. ඒ වගේම දැන් අපි හැමෝම එකතු වෙලා තියෙන්නෙත් ඒ වගේම පක්ෂ භේදයක් නැතිව මේ රට නැඟිට්ටවන්න. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තේමා පාඨය වෙලා තියෙන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ කියලා. පුළුවන් ශ්‍රී ලංකා කියලා රටක් නැඟිට්ටවන්න තමයි අද අපි මේ සූදානම් වෙන්නේ. මේ ගමන යන කොට අපි රට නැඟිට්ටවන්න යනවා වගේම තවත් කට්ටියක් බලය ඉල්ලනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් බලය ඉල්ලනවා. ඒ වගේම අනුර කුමාර මහත්තයාත් බලය ඉල්ලනවා. හැබැයි අපි දන්නවා අපි පෝලිමේ ඉන්න කොට ඒ පෝලිමේ ශ්‍රී ලංකාකාරයෝ, පොහොට්ටුකාරයෝ විතරක් නෙමෙයි හිටියේ, එක්සත් ජාතික පක්ෂයේ අය විතරක් නෙමෙයි හිටියේ ජේවීපී එකේ අයත් හිටියා, සජබේ මිනිස්සුත් හිටියා. හැබැයි අඩුම තරමේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ සජබේ මිනිස්සු වෙනුවෙන්වත් පොහොර ටිකක් ගේන විදිහක් ගැන හිතුවා ද? තෙල් ටිකක් ගේන විදිහක් ගැන හිතුවා ද? එහෙම නැත්නම් විපක්ෂ නායක විදිහට රට ගොඩනඟන්න මම නායකත්වය දෙන්න ඕන කියලා එදා ඒ නායකත්වය භාර ගත්ත ද? නෑ. එදා පැනලා ගියා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ඒ අයට බැරි නිසා තමයි ඒ අය භාර ගත්තේ නැත්තේ. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගයන්න ඕන කාරණයක් තියෙනවා, මේ හැමෝම බෑ කියනකොට එතුමා පාර්ලිමේන්තුවේ තනි පුද්ගලයෙක් විදිහට අපෙන් ඉල්ලුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට, දේශපාලන පක්ෂ විදිහට, අපි එතුමා එක්ක සාකච්ඡා කරද්දී එතුමා කිව්වෙ මම වැඩේ භාර ගන්නම්, මම නායකත්වය දෙන්නම්, හැබැයි මට පාර්ලිමේන්තුව ඇතුළේ ඔයගොල්ල හයිය දෙන්න කියලා. ඒ කියන්නේ එතුමාට අවශ්‍ය රැකවරණය, පාර්ලිමේන්තුවේ ඡන්ද ටික පක්ෂ විදිහට සහයෝගය දෙන්න කිව්වා. එතුමා නායකත්වය ගන්නම් කියලා කිව්වා. එතුමාට ලෝකයේ නායකයෝ එක්ක සම්බන්ධතා තියෙනවා. අමාත්‍යාංශ කරලා, ආණ්ඩු කරලා, එයාගේ දේශපාලන පක්ෂයේ නායකයෝ එක්ක වැඩ කරලා ඒ අත්දැකීම් තියෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ භාර ගත්ත දවසේ ඉඳන් නෑ, බෑ කිය කිය හිටියේ නෑ දවසින් දවස උත්තර හොයලා දුන්නා. දවසින් දවස ප්‍රශ්න ටික ලෙහුවා. දවසින් දවස ආර්ථිකය ශක්තිමත් කළා. බංකොලොත් ආර්ථිකයක් තිබුණු රටේ, තෙල් ටික ගෙන්වාගන්න සල්ලි නැතිව හිටිය රටේ පඩිය ගෙවාගන්න, වැඩිහිටි දීමනාව ගෙවාගන්න බැරිව හිටිය රටේ අස්වැසුම 15,000ක් දෙන්නේ, ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් නැඟිට්ට නිසා නේද? ඒ නැඟිට්ටුවේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළත් එක්කයි. හුළු අතු අරන් සජබයි ජේවීපී එකයි හන්දි ගානේ හිටපු හැටි මතකයිනේ. බැරි වෙලා හරි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා ලයිට් දෙන්න උත්තරය හැදුවේ නැත්නම් තාමත් හුළු අත්ත නේද අතේ තියෙන්නේ. පොහොර නෑ කියලා බෝඩ් අල්ලන එකයි, පුච්චන එකයි, පඹයෝ හදන එකයි, ආණ්ඩුවට බණින එකයි, ඇමැතිවරුන්ට බණින එකයි කළේ. ආපස්සට හැරිලා බැලින්නම් දෙන්න එකෙක් නෑ. අපිවත් දක්කන් ගිහින් තියෙනවා අපිවත් දන් නැතිව එක එකාට බණින්නයි අරවා මේවා කරන්නයි. රනිල් මේකට උත්තර හෙව්වේ නැත්නම් අදටත් අපට මේ ප්‍රශ්නවලට හොයන්න උත්තරයක් නෑ.”
එප්පාවල – තිසර සමල්