9
ශිෂ්‍ය විරෝධතාව අතරතුර බංග්ලාදේශයේ පොලිස් ස්ථානවලින් හා විරෝධතාව මැඬ පැවැත්වීමට එක්වූ පොලිස් නිලධාරින්ගෙන් පැහැරගත් අවිආයුධ 3880ක් එරට යුද හමුදාව සිදු කළ මෙහෙයුමකින් සොයා ගෙන ඇතැයි ‘ඩකා ට්‍රිබියුන්’ පුවත් සේවය වාර්තා කළේය. බංග්ලාදේශයේ පොලිස් මූලස්ථානය එම තොරතුරු සමාජ මාධ්‍ය ජාලයට නිකුත් කර ඇති අතර, සිවිල් පුද්ගලයන් අතට පත්වී ඇතැයි කියන තවත් අවිආයුධ විශාල ප්‍රමාණයක් සොයා යුද හමුදාවේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ද ‘ඩකා ට්‍රිබියුන්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ශිෂ්‍ය විරෝධතාව පැවැති කාලසීමාවේදී සහ ඉන් පසුව එරට තරුණ කණ්ඩායම් විසින් පැහැරගත් බවට ලැයිස්තුගත කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව තුවක්කු හා පිස්තෝල හයදහසකට ආසන්න සංඛ්‍යාවක් හා ජීව උණ්ඩ ලක්ෂ හයකට වඩා ඇති බවට ලැයිස්තුගත කර ඇති බැවින් තවත් තුවක්කු දෙදහසක් සහ ජීව උණ්ඩ ලක්ෂ 3ක් පමණ සොයාගත යුතුව ඇතැයි බංග්ලාදේශ පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.
සොයාගත් අවිආයුධ අතර ජීව උණ්ඩ තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සහ කඳුළු ගෑස් කෑන් විසිදෙදහසක් ද තිබූ බව එම පුවත් සේවය සඳහන් කළේය.