Home World News Room : ශිෂ්‍ය විරෝධතා අතරතුර බංග්ලාදේශ පාර්ලිමේන්තුවෙන් ටකා ලක්ෂ 90ක් අතුරුදන්...

News Room : ශිෂ්‍ය විරෝධතා අතරතුර බංග්ලාදේශ පාර්ලිමේන්තුවෙන් ටකා ලක්ෂ 90ක් අතුරුදන් වෙලා

0
0

බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාව උත්සන්න වීමෙන් අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසු විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුවට කඩා වැදීමෙන් පසු පාර්ලිමේන්තුවේ නිල හා පෞද්ගලික මුදල් ටකා ලක්ෂ 90ක් අතුරුදන් වී ඇතැයි පසුගියදා හෙළි වී තිබේ. එම මුදල් තොගය පසුගිය අගෝස්තු මස පස්වැනිදා ඩකා නුවර පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන්ගේ කොල්ල කෑමට ලක්වූ බවට පසුගියදා පැවැති රැස්වීමකදී තොරතුරු හෙළි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාර්ලිමේන්තුවේ වැඩබලන ලේකම් විසින් පාර්ලිමේන්තු මූල්‍ය කමිටුවේ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර ඇති අතර, අතුරුදන් වූ එම මුදල් නැවත සොයා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව බංග්ලාදේශ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ විවිධ කාර්යාලවලින් හා උපඅංශවලින් අස්ථානගත වූ විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් ද ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එම ලැයිස්තුව එක් එක් දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි අසුන් ගනිමින්ද, දුම්පානය කරමින් ද පාර්ලිමේන්තුව ගර්භයට දැඩි අලාභහානි සිදු කර ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය හා හමුදාව අසමත් වී තිබිණි. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here