40
රනිල් වික්‍රමසිංහ යනු දැක්මක් ඇති නායකයකු බවත්, ඉදිරි වසර ගණනාවක් දෙස බලමින් කටයුතු සැලසුම් කරනු මිස ‘එදා වේල ටුවර්ස්’ දේශපාලනයක් එතුමා තුළ නැති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය පළ කිරීම සඳහා අඟුණකොළපැලැස්සේදී පසුගියදා (15) පැවති තරුණ සමුළුවක් අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් ද පළ කළ ඇමැතිවරයා:
“අද ලොකුවට කතා කරන සජිත් හා අනුර රට වැටුණු අවස්ථාවේ බැහැ කියලා පැනලා යද්දී පුළුවන් කියලා රට භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රට ආර්ථිකමය වශයෙන් කඩාවැටුනු අවස්ථාවේ මේ රට භාර ගන්න කියලා අපි සජිත්ට හා අනුර දෙන්නටම කිවුවා. එහෙත් ඔවුන් දෙන්නාම අපිට මේ මරාලයට කර ගහන්න බැහැ කියලා පැනලා ගියා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් විතරක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මත රට භාර ගත්තා. ඒ වගේම එතුමා පසුගිය වසර දෙකේ තමාට පුළුවන් බව ඔප්පු කර පෙන්නුවා. රටේ මිනිස්සුන්ට කෑම ටික වත් ගන්න නොහැකිව තිබුණු ආර්ථිකය වසර දෙකක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර කළා. රනිල් කියන්නේ දැක්මක් ඇති නායකයෙක්. එතුමා වැඩ කරන්නේ වසර කිහිපයක ඉදිරිය දෙස බලමින් මිස, අද දවසේ එන ප්‍රශ්නවලට විසඳුම් දෙමින් එදා වේල ටුවර්ස් දේශපාලනයක් එතුමා තුළ නැහැ.
“අපි 2019දී අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීම අසාර්ථක වුණා. ඒ නිසා තමයි රට පුරා පෝලිම් නිර්මාණය වුණේ. ඒත් මේක අවස්ථාව අත්හදා බැලීම් කරන්න අවස්ථාවක් නොවෙයි. මොකද අපේ රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ යහපත් තත්ත්වයක නොවෙයි. අපට විශාල ණය කන්දරාවක් ගෙවන්න තිබෙනවා. දැනට ජාත්‍යන්තර මඑූල්‍ය අරමුදල සමඟ යම් යම් සහන සඳහා එකඟතාවකට ඇවිත් තිබුණත් 2028 දී එම සහන කාලය අවසන් වෙනවා. අප 2029 සිට නැවතත් ණය ගෙවීමට පියවර ගත යුතුයි. මේ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. දැනට අප ගෙන ඇති පියවර නිසා රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා. මේ තත්ත්වය කඩාවැටුණොත් නැවත අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ රට බංග්ලාදේශය, මාලදිවයින හා ඇෆ්ගනිස්ථානය වැනි රටවල් ඇදවැටුණු තත්ත්වයටම පත් වනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කළ යුතුයි.”
බුද්ධිකා ඉඹුලාන