Home Politics News Room : ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් අද මැතිවරණ කොමිසමට

News Room : ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් අද මැතිවරණ කොමිසමට

0
0

2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වේ.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වන අතර අද (17) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී එය පැවැත්වේ.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇත.

මෙම නිරීක්ෂකයින් හෙට දිනයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෑමට නියමිත බැවින් ඔවුන් මෙලෙස අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවීමට නියමිතය.

මේ අතර ඡන්ද විමසීමට අදාල සියලු කටයුතු සූදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු සියලුම උපදෙස් ද නිකුත් කර අවසන් ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා කීවේය.

මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රත්නායක මහතා උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here