25
අප රටේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් නිවහල්ව නොමිලේ අධ්‍යාපනය ලබා දී ශක්තිමත් කරන බවත් මේ යටතේ පෙර පාසල් ගුරුවරියන් සහයක ගුරුවරියන් රැකගෙන ඔවුන්ට වේතනයක් ලබා දී නොමිලේ අධ්‍යාපනය පෙර පාසලේ සිට ආරම්භ කරන බවත් සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමඟි ජන බලවේගය හා සමඟි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ පසුගියදා (14) බණ්ඩාරවෙලදී පැවති හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:
“රටේ ජනතාවට පැහැදිලි තීන්දුවක් ගන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සන්ධානයට රට භාර දෙනවාද. එසේ නැති නම් රට ගොඩනඟන රට දිනවන ගමන සඳහා දුරකතනය ජයග්‍රහණය කරවනවා ද කියන තීන්දුව අද ජනතාව ඉදිරියේ තිබෙනවා. ඒ වගේම රටේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා තිබෙන නිදහස් අධ්‍යාපනය අපි ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම නිදහස් නිවහල් අධ්‍යාපන වැඩසටහන යටතේ පෙර පාසල් ගුරුවරියන් රැකගෙන ඔවුන්ට නිසි වැටුපක් ලබාදීලා රටේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම අපි ආරම්භ කරන්නේ පෙරපාසලින්.
“ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත්කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මැතිවරණයක් ළඟ එද්දි වතු ජනතාවගේ වැටුප වැඩි කරන බව ඇතැම් දේශපාලන නායකයන් ප්‍රකාශ කරනවා. වතු ප්‍රජාව සහ රැකියා විරහිත තරුණ ප්‍රජාව කුඩා වතු හිමියන් බවත් පත් කරන්න අපේ රජයක් තුළින් කටයුතු කරනවා. ඒ වගේම තේ වගාවේ සහ අනෙකුත් ගොවිතැන් කටයුතුවල නිරත වන රටේ ජනතාවට කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබාදෙනවා. ඒ වගේම ගොවීන්ගේ වගාවට ස්ථාවර මිලක් ලබාදීලා, ශීතාගාර, හරිතාගාර පහසුකම් ලබාදීලා සුහුරු කෘෂි කර්මාන්තයට අපි ගොවීන්ව යොමු කරන්න කටයුතු කරනවා. ඒ වගේම බදුලු දිස්ත්‍රික්කයේ සිටින මල් වගාකරුවන්ට අපි ශක්තිය ලබාදෙනවා. අනිවාර්යෙන්ම බදුලු දිස්ත්‍රික්කයට නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරලා රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ කර්මාන්තශාලා බිහිකරන කර්මාන්ත යුගය අපි බිහිකරනවා.
“ඒ වගේම නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කරන්න අපි කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම තොරුතුරු තාක්ෂණ උද්‍යාන සහ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවන්න කටයුතු කරලා නිපුණතා සංවර්ධනය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදී තරුණයන්ගේ නිපුණතා සංවර්ධනයට සහ කුසලතා සංවර්ධනයට අපි මුල් තැන ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ගෘහයේ සිටින කාන්තාවන්ට, රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදනයට දායකත්වය ලබාදීලා රටේ ආර්ථිකයට ශක්තිය ලබාදෙන කොටස්කරුවන් බවට පත් කරන්නට මේ රටේ සියයට 52ක් වන කාන්තාවන්ට ශක්තිය ලබාදෙනවා. මවුවරුන් වෙනුවෙන්, ළදරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පාසල් ළමුන්ට දිවා ආහාරයත් ලබාදීමට අපි කටයුතු කරනවා. අපි මුළු බදුලු දිස්ත්‍රික්කයම නව සංවර්ධිත යුගයක් කරා ගෙන යන්න කටයුතු කරනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා:
“බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ එක හමාරකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න අපි සූදානම්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටින බලවේගයට ජාති ආගම් කුල භේද නෑ. මුළු රටම අද එකතු වෙලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්න. ඒ වගේම කවුරු මොන කතා කීවත්, සමාජ මාධ්‍යවල මොන මොන කතා පැතිරුණත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියතයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය ඉවසාගැනීමට නොහැකිව එක එක දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.
“ජනතා විමුක්ති පෙරමුණේ භිෂණකාරී වැඩපිළිවෙළ දැන් එළියට එමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව කියන බැටලුහම පොරවාගෙන සිටියාට යටින් ප්රචණ්ඩත්වය එළි දක්වමින් සිටිනවා. මොවුන් රට තුළ විවිධ ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වන්න.
“අපි සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්නේ කතිරයෙන් සහ ජනතා ආශීර්වාදයෙන්. අපි ප්රචණ්ඩත්වය භාවිත කරලා සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරන්න කටයුතු කරන්නේ නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කුවට බෑ කතිරය නවත්වන්න. ඒ වගේම දෙවැනි මනාප, තුන්වෙනි මනාප අවශ්‍ය වෙන්නේ නෑ. පළමු මනාපයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වෙනවා එය ස්ථීරයි.”
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:
“2024 රැලිවලින්, සමාජ මාධ්‍යවලින් කයියනායකලා ජනාධිපති වුණාට රටේ ජනතාවගේ ආශීර්වාදෙයන් සැප්තැම්බර් 22 වැනිදා රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා. යහපාලන ආණ්ඩුව පැවැති සමයේ සංස්කෘතික අරමුදලින් රටේ පන්සල්, පල්ලි, කෝවිල් හදන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. එහෙත් අනුර දිසානායක කියන හොර ෆයිල් හදන, හොරු සමඟ ගනුදෙනු කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහගේ කීමට ෆයිල් එකක් හැදුවා. ඒ ෆයිල්වලින් තමයි අනුරගේ හෙළුව හෙළි වුණේ. අනුර කුමාර හොරුන්ගේ ෆයිල් කියලා ෆයිල් වගයක් රටට පෙන්නලා ඒ හොරුන්ගෙන් මුදල් ගන්නා විලි ලැජ්ජාව නැති දේශපාලන නායකයෙක්.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක මහතා:
“ප්රජාතන්ත්රවාදය රකිනවානම්, මේ ලංකාව බේර ගන්නවානම්, බංකොලොත් කරපු ආණ්ඩුවෙන් එකෙක් පාර්ලිමේන්තු ගිහින් ජනාධිපති වෙච්චි මේ රටේ 21 වැනිදා අපි අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරනවාමයි. මා මීට පෙර බණ්ඩාරවෙල මෙවන් ජනතාවක් ජීවිතේට දැකලා නැහැ.
බණ්ඩාරවෙලින් අපිට ප්‍රතිවාදීන් දහ දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. කෝ මේ දහ දෙනා. ගමට ආවද? මේ අවුරුදු පහේ ගමට වැඩක් කළාද? ගෑස් සිලින්ඩරයේ පෝස්ටරයක් එහෙම දැක්කද? ගෑස් සිලින්ඩරේ එක කාර්යාලයක් හදලා තියෙනවාද? හැබැයි ජයගමු ශ්‍රී ලංකා.
“මේ බදුල්ලට සංවර්ධනයක් ප්‍රේමදාස යුගයක් ඇති කරනවා නම් 21 තමයි දවස. අධිවේගී මාර්ගය අවුරුදු දෙකෙන් ගේනවා. හැම ආසනයකටම කර්මාන්තපුර ඇති කරනවා. මෙමඟින් රැකියා හැම ආසනයකටම ලැබෙනවා. ගම්උදාව නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා. මෙහේ සියයට පනහක් වතුකර ජනතාව ඔබලා කිසිදේකට බය වෙන්න එපා. ඔබලා ගැන අප බලාගන්නවා.”
රක්ෂණ ශ්‍රියන්ත