32
රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් වීමත් සමඟ ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට පත් වීම සහතික බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය පුරා සංවිධාන වූ මැතිවරණ ප්රචාරක රැස්වීම් සඳහා පසුගියදා (14) සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:
“ජාතික කොඩිය අප මේ මැතිවරණයේදී භාවිත කරන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි. ජාතික අයවැය කාර්යාලයක්, ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන එකම ප්‍රතිපත්ති ප්රකාශනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙන නිසයි. එතුමා ලෝකයක් හොල්ලන්න පුළුවන් නායකයෙක්. එතුමා වාසනාවකට හෝ අවාසනාවකට ඉපදුණේ ශ්‍රී ලංකාවේ. හැබැයි එතුමාත් එක්ක තියලා බලන්න ඔය අනෙක් අපේක්ෂකයන්. ජනාධිපතිවරණයකට නෙමෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයකුටත් ඊට වැඩිය දැනුම තියෙනවා. ඔබ විහිළු සපයන්නේ නැතිව ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්න. මට එක සහතිකයක් දෙන්න පුළුවන්: රනිල් මහතා නවවැනි විධායක ජනාධිපති වූ විට ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට පත් වන බව සහතිකයි.”
නෙත්මි පූජනී රත්නායක