Home World News Room : විදුලි අර්බුදය මැද කරච්චි නුවර ගෑස් හිඟයකුත් මතුවෙයි

News Room : විදුලි අර්බුදය මැද කරච්චි නුවර ගෑස් හිඟයකුත් මතුවෙයි

1
0

ආර්ථික අර්බුදයෙන් රටේ විදුලි ඉල්ලුම සපුරා ගැනීමට අසමත් වී සිටින පාකිස්තානයේ කරච්චි නුවර ගෑස් හිඟයක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට සුයි සදර්න් ගෑස් සමාගම කරච්චි නුවර ඇතැම් ප්‍රදේශවලට ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කර ඇතැයි ද, කරච්චි නුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බලපාන පරිදි රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා ගෑස් සැපයුම අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. තම සමාගමේ ගෑස් සැපයුම් පද්ධතිය මුහුණ පා ඇති ගෑස් හිඟයක් හේතුවෙන් එම පියවර ගත් බවට අදාළ සමාගම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ තත්ත්වය මත කරච්චි නුවර බොහෝ නිවැසියන්ට දර ලිප් මත ආහාර පිසීමට සිදුවී ඇති බවත්, දැනටමත් විදුලි කප්පාදුවකට මුහුණ දෙමින් සිටින නගරවාසීන් ගෑස් හිඟය හේතුවෙන් දැඩි කෝපයට පත්ව සිටින බවත් වාර්තා වේ. ගෑස් සැපයුම නැවත කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවට අදාළ ගෑස් සමාගම නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here