Home Politics News Room : වෛරය පැතිරවීම ජනතා විමුක්ති පෙරමුණට ආවේණික ගතිගුණයක්

News Room : වෛරය පැතිරවීම ජනතා විමුක්ති පෙරමුණට ආවේණික ගතිගුණයක්

2
0

අපේ රටේ ඉතිහාසය ගත්තොත් වෛරය පැතිරවීම ජනතා විමුක්ති පෙරමුණට ආවේණික දෙයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ සමඟි ජන සන්ධාන කාර්යාලයේදී පසුගියදා (11) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා:

“අනුර කුමාර සහ ඔහුගේ කණ්ඩායමේ ජීවිතය වෙනස් වෙලා ඔහු අඳින විදිහ වෙනස් වෙලා, කාර්යාල වෙනස් වෙලා. ඔවුන් තනිකර උග්‍ර ධනවාදි වෙලා. කිසිම දෙයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නෑ. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පෞද්ගලික පාසල් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් රජයේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් මේවා සම්බන්ධයෙන් කිසිම උත්තරයක් නෑ. ජේවීපී එක වෛරයේ ප්‍රතිඵලයක් මිස සාධණීය රටක ප්‍රතිඵලයක් නොවේ. ආර්ථිකය සම්බන්ධයෙන් කිසිම ප්‍රායෝගික උත්තරයක් නෑ. වෛද්‍ය විද්‍යාවේ පොතක් කියවපු සැණින් ශල්‍යකර්මයක් කරන්න පුළුවන්. වාහනයක පොතක් කියවපු සැණින් පළපුරුද්දක් නැතිව වාහනයක් පදවාගෙන යන්න පුළුවන්ද? ජනතාවට මේ ටිකවත් තේරුම් ගන්න බැහැ නේ.

“අනුර කුමාර මහත්තයට ඇස් කරකවලා ඉතාමත් දක්ෂ ලෙස බොරු කියන්න පුළුවන්. ජනතාව ආවේගවලට තරහ ඇති වෙනවා. එක සොල්දාදුවෙක් කියනවා මරණවා පොහොට්ටුකාරයෝ, අලින්ට, ටෙලිෆෝන් කාරයින් දෙනවා හමුදාවේ නායකයන්ට ඔක්කෝටම ගේම් එක දෙනවා කියලා උදම් අනනවා. මේක තමයි ජේවීපීඑකේ පැවැත්ම. ඒක අපේ රටේ ඉතිහාසය ගත්තොත් ජේවීපීඑකේ ආවේණික දෙයක්. අපේ ඉන්න බුද්ධිමත් ජනතාවක්.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here