Home Politics News Room : සජිත් ජනපති වුණොත් රට හැම අතින්ම දියුණු වෙනවා

News Room : සජිත් ජනපති වුණොත් රට හැම අතින්ම දියුණු වෙනවා

1
0

විපක්ෂ නායකවරයකු ලෙස සිටියදී පවා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් සුහුරු පරිගණක පන්ති කාමර, පාසල් බස් රථ, විවිධ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු පහසුකම් රැසක් ලබා දීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බවත්, ඒ අනුව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රට අර්ථික, සමාජයීය සහ සංස්කෘතික අතින් දියුණු කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පසුගියදා (15) පැවසීය.

මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩවත, කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මෙරිල් සැම්සන් පෙරේරා මහතාගේ නිවෙසේ පැවැති ජන හමුවකට සහාභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

Òහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ඇඟලුම් කර්මාන්ත ශාලා ඇති කර එම ඇඳුම් අපනයනය කර මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කළා. මේ වන විට රට තුළ පවතින ඇඟලුම් කර්මාන්ත ශාලා මඟින් මෙරටට අවශ්‍ය විදේශ විනිමය සහ රැකියා අවස්ථා රැසක් ලබා දීමට හැකි වී තිබෙනවා. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට තාවකාලිකව පැලැස්තර දමා විසඳුම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එහෙත් එය මෙරට ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය ස්ථිර විසඳුමක් වන්නේ නැහැ. මේ වන විට අපේ රටෙන් බිහි වන උගතුන්, බුද්ධිමතුන් මෙරට හැර විදේශ ගත වීමට කටයුතු කරනවා. අපේ අරමුණ මෙරට පවතින සාම්ප්‍රදායික දේශපාලනය අතහැර රටට වැඩක් කළ හැකි පුද්ගලයකු ජනාධිපති ලෙස පත් කර ගැනීමයි. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ හොරු, දූෂිතයන් රැසක් එක්ව සිටිනවා. 1988 – 1989 යන වසරවල ජනතා විමුක්ති පෙරමුණ මෙරට තරුණ, තරුණියන් රැසක් ටයර් සෑයවල මරා පුලුස්සා භීෂණය ඇති කළත් අද ජනතා විමුක්ති පෙරමුණට ඒ බව අමතක වීම කනගාටුවට කරුණක්. ජනතාව තම ජන්දය භාවිත කිරීමේදී මෙරට අනාගතය වෙනුවෙන් රටට සේවයක් කළ හැකි උගත්, බුද්ධිමත් ජනතා නායකයකු තෝරා ගත යුතුයි. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් මෙරට ආයෝජන ඇති කර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට කටයුතු කරනවා. මීට අමතරව කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබා දී ඔවුන්ට අවශ්‍ය සේවය ලබා දීමට කටයුතු කරනවා. ජනතාව අද බලාපොරොත්තු වන්නේ හොරකම, දූෂණය, වංචාවෙන් තොර රටක් බිහි කිරීමයි. මේ වන විට මෙරට ජීවත් වන පුද්ගලයන් ලක්ෂ 20ක් දිළිඳු භාවයේ පතුළටම වැටී සිටිනවා. මීට අමතරව පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් ලක්ෂ 16ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ අනුව මෙරට පවතින දිළිඳුකම තුරන් කර මෙරට සංවර්ධනය අතින් ඉහළට රැගෙන ඒමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනවා.Ó

මහර සමූහ ගණිදු රෝචන සමරතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here