Home Politics News Room : අපේ ආණ්ඩුවකින් පළමුව කරන්නේ පවතින දේශපාලනය වෙනස් කිරීම

News Room : අපේ ආණ්ඩුවකින් පළමුව කරන්නේ පවතින දේශපාලනය වෙනස් කිරීම

2
0

මාලිමා ආණ්ඩුවක් යටතේ ආර්ථිකය හදන්නට පෙර පවතින දේශපාලනය වෙනස් කිරීම කළ යුතු බව හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉකුත් 11 වැනිදා ඉත්තෑපානදී පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“කවුරුත් අහන්නේ අපි මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා. මේ රටේ ආර්ථිකය හදන වැඩේ අපි මුලින්ම පටන් ගන්නේ දේශපාලන ක්‍රමය නිවැරදිව හදලා. මේ පවතින දේශපාලන ක්‍රමවේදය තුළ මැති ඇමැතිවරුන්ට, ජනාධිපතිවරයාට විශාල මහජන මුදලක් වැය කරනවා. ඒ සියල්ල අඩු කරමින්, කපා හරිමින් ආණ්ඩුවේ වියදම අඩු කිරීම තමයි අපි මුලින්ම කරන්නේ. අපි එහෙම කරනකොට මේ රටේ ආර්ථිකය ජනතාව විසින්ම හදා ගන්නවා. අපට ආයෙත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

රටේ ආදායම් උපදවන්නේ ජනතාව. ඒවා වියදම් කරන්නේ ආණ්ඩුව. ඒත් අද පවතින ක්‍රමය අනුව මැති ඇමැතිවරුන් සිතා සිටින්නේ හම්බ කරන්නේ තමන් බව. වැඩක් කළාම උත්සව තියන්නේ තමන්ගේ අතින් වියදම් වුණා වගේ.

පාලකයා, සේවකයා දෙන්නා මාරු වෙලා. පාලකයා විය යුත්තේ ජනතාව. පාලනය ක්‍රියාත්මක කරන සේවකයා දේශපාලකයා විය යුතුයි. ඒ අනුව මාලිමා රජයක් යටතේ පත්වන මන්ත්‍රීවරයා හෝ ඇමැතිවරයා හෝ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරන්නේ නැතිනම් ඔහු හෝ ඇය ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා. ඒ නිසා අපි දෙන ප්‍රතිපත්ති ප්‍රකාශය බත් මුල් ඔතන්න ගන්නේ නැතිව ළඟ තියා ගන්න.

අද රටේ ජනතාවගේ ලයිට් බිල, වතුර බිල ගෙවා ගන්න බැරි වුණාම කපනවා. හැබැයි මන්ත්‍රීවරයාගේ ලයිට් බිල, වතුර බිල ලක්ෂ ගණන් ජනතා මුදලින් ගෙවනවා. මේවා සම්පූර්ණයෙන් අපි වෙනස් කරනවා. පාර්ලිමේන්තු යන වාරයක් වාරයක් පාසා පැමිණීමේ දීමනා, කමිටුවල වාඩිවන වාරයක් වාරයක් පාසා සහභාගි වීමේ දීමනා මන්ත්‍රීවරුන් ගන්නවා. පාර්ලිමේන්තු සහභාගි වීම මන්ත්‍රීවරයාගේ රාජකාරිය. එයට වැටුපක් ගෙවනවා. ජනතාව තමන්ගේ හම්බ කරන මුදලින් ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා වගේ, තමන්ගේ වාහනය හදා ගන්නවා වගේ, අනෙකුත් අවශ්‍යතාව සපුරා ගන්නවා වගේ මන්ත්‍රීවරයා තමන් ලබන වැටුපෙන් ඒ අවශ්‍යතා ඉටු කර ගත යුතුයි. ඒත් අද කරන්නේ ජනතාව මුදල් උපයා එම අවශ්‍යතා ඉටු කර දෙන ක්‍රමයක්.”

මේ ජන හමුවේදී අගලවත්ත හිටපු එජාප සංවිධායක ගාමිණී නල්ලපෙරුම, කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේග විධායක සාමාජික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්වරු ද අදහස් දැක්වූහ.

ඉත්තෑපාන සමූහ – ප්‍රේමතිලක පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here