Home Politics News Room : කෘෂිකර්මාන්තය විනාශ කළ අයට ගොවි ජනතාව ඡන්දය දෙන්නේ නෑ

News Room : කෘෂිකර්මාන්තය විනාශ කළ අයට ගොවි ජනතාව ඡන්දය දෙන්නේ නෑ

3
0

කාබනික පොහොර මුවාවෙන් අසූචි පොහොර ගෙනත් මේ රටේ කෘෂි කර්මාන්තය විනාශ කළ අය රනිල්ගේ හා නාමල්ගේ පිලේ සිටින බවත්, ඔවුන්ට මේ ගොවි ජනපදවල සිටින ජනතාව ඡන්දය නොදෙන බවත් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීමට අරලගංවිල, දිවුල්දමන ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.

“මේ රට බංකොලොත් කළා වගේම මේ රටට අසූචි පොහොර ගෙනත් කෘෂිකර්මාන්තය විනාශ කරන්න කටයුතු කළා. මම තමයි කිව්වේ ඒවාට අසූචි පොහොර කියලා. ඒවායේ තිබුණු විෂබීජ අපේ පොළොවට එකතු වුණා නම් අපේ පස විනාශ වෙනවා. ඩඩ්ලි සේනානායක මහතාගේ කාලෙත් මේක වුණා. මේවා තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නේ. ඒවායින් කොමිස් ගත්තා සමහර අය. මේ විනාශය කළ ඇමැතිවරුන් දෙන්නගෙන් එක් කෙනෙක් රනිල් ගාවත් අනික් කෙනා නාමල් ගාවත් අද ඉන්නවා. අද අනුර කුමාර කියනවා 88, 89 අමතක කරන්නලු. අපි අමතක කරන්නම්. හැබැයි අනුර කුමාරලා ඝාතනය කළ පවුල්වල අය අනුර කුමාර අමතක කරයි ද? එහෙම ලේසියෙන් අමතක කරන්නෙ නෑ. අදත් ඒ අය කඳුළු බොනවා. ඒ නිසා 60,000ක් දරුවන් අහිමි කළ අම්මලාට මේ ඡන්දයේදී අනුරට ඡන්දය දෙන්න පිස්සු තියෙයි කියලා අපි හිතන්නෙ නෑ.”

සිරිපුර – මදුශානි අබේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here