26
සජිත් අනුර ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ජනතාවට දෙන බවත්, ජනතාවට බොරු පොරොන්දු දී මේ රට ගොඩනැංවිය නොහැකි බවත් හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
හිටපු ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (09) ගාල්ල කොටුවේ පැවති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොකුරු රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“මේ මැතිවරණය ඉතාම තීරණාත්මක එකක්. විශාල ආර්ථික පසුබෑමක් රටේ තිබෙන වෙලාවක මේ රට භාර ගන්න බෑ කියලා ඇතැම් නායකයන් පැනලා යද්දී රට භාර ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩනඟා තිබෙනවා.
මේ තත්ත්වයට හදපු රට නැවත වට්ටන්න අපට පුළුවන්කමක් නෑ. රට ස්ථාවරව තබා ගනිමින් ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ මහතාට අත්දැකීම් රාශියක් තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා තියෙනවා. ඒ මහතාට සම කළ හැකි අපේක්ෂකයෙක් නෑ. ඒ නිසා රට ගොඩගත්, ආර්ථිකය ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට සිය ඡන්දය දීමට ජනතාව තීරණය කර තිබෙනවා. 21 වැනිදා ජනතාවගේ වැඩි ඡන්දයෙන් නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙනවා.
ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් අතරින් රනිල් වික්‍රමසිංහ මහතාට සම කරන්න නෙවෙයි ඒ මහතාට ළංවෙන්නවත් කෙනෙක් නෑ. මොවුන් සියලු දෙනාම රනිල් ඉදිරියේ අසමත්. රනිල් කියන දේ කරන, කරන දේ කියන ලෝකය පිළිගත් බොරු නොකියන ඇත්ත කියන අවංක නායකයෙක්. 22 වැනිදා ඒ මහතාමේ රටේ නව වන ජනාධිපතිවරයා වනු දැක්ම සමස්ත ජනතාවගේම අපේක්ෂාවයි.”