16
ශ්රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් 8 වැනි වරට සංවිධාන කළ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් විය.
යාපනය, මන්ඩතිව් ප්රදේශයේදී පසුගියදා පැවති මේ තරගාවලියේදී කාණ්ඩ 9ක් ඔස්සේ ශ්රී ලංකා යුද හමුදාව තරග වැදුණු අතර රන් පදක්කම් 8, රිදී පදක්කම් 5 සහ ලෝකඩ පදක්කම් 6 සමඟින් ශූරතාව දිනාගත් අතර, යුද හමුදාව අඛණ්ඩව සමස්ත ශූරතාව දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මේ තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ප්රධාන ලේකම් ලෙඩ්චුන්මනන් ඉලංගෝවන් මහතා සහභාගි වූ අතර, ගෞරවනීය ආරාධිතයන් ලෙස ආරක්ෂක සේනා ආඥාපති – යාපනය, ආරක්ෂක සේනා ආඥාපති – වන්නි, උතුරු නාවික විධානයේ ආඥාපති සහ යුද හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති සහභාගී වූහ.