27
බංග්ලාදේශයේ කොමිෂන් ලත් හමුදා නිලධාරීන්ට විනිසුරුවන්ට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලයට සමාන බලයක් සහිතව දින 60ක කාල සීමාවකට රටේ සාමය ස්ථාපිත කිරීමට හමුදා බලය යෙදවීමට එරට අන්තර්වාර රජය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අවසර දුන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
අන්තර්වාර රජය මේ පියවර ගෙන ඇත්තේ ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ වැටී මාසයකට වැඩි කාලයක් ගතවූවද එරට තැනින් තැන තවමත් ප්රචණ්ඩ ක්‍රියා සිදුවීම සැලකිල්ලට ගෙන බව ද වාර්තා වේ.
බංග්ලාදේශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් අන්තර්වාර රජය හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට බලය ලබා දී ඇත්තේ එරට අපරාධ නීතිය යටතේ බවත්, ඒ අනුව කොමිෂන් ලත් ඕනෑම හමුදා නිලධාරියකුට යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සහ සිරගත කිරීමට අවසර ඇති අතර, ආත්මාරක්ෂාව පිණිස වෙඩි තැබීමට ද හැකියාව පවතින බව වාර්තා වේ. බංග්ලාදේශයේ හමුදාවට මෙවැනි බලයක් රජයෙන් ලබාදුන් පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
බංග්ලාදේශ පොලිසිය මෙතෙක් එරට සාමය හා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැති බවත්, කඩාකප්පාල්කාරී ක්‍රියා ඩකා අගනුවර ඇතුළු නගර රැසක සිදුවන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.