Home Politics News Room : ජාතික ජන බල­වේග ආණ්ඩුව යටතේ මේ මජර දේශ­පා­ල­නය අතුගා...

News Room : ජාතික ජන බල­වේග ආණ්ඩුව යටතේ මේ මජර දේශ­පා­ල­නය අතුගා දම­නවා

0
0

ඡන්ද ව්‍යාපා­රය අව­සන් වේගෙන එන විට උඩින්ම සිටි­නුයේ ජාතික ජන බල­වේ­ගය බවත්, ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව, පව­තින මජර දේශ­පා­ල­නය අතුගා දමන බවත් එහි නායක සහ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) හිරි­යාල, මැල්සි­රි­පුර පැවති ‘රට අනු­රට’ ජාතික  ජන බල­වේ­ගයේ ජන රැලි­යක් අම­ත­මිනි.

 

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේද පැවසීය:

“ඡන්ද ව්‍යාපා­රය අව­සන් වේගෙන එන විට අද උඩින්ම ඉන්නේ ජාතික ජන බල­වේ­ග­යයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණ­නා­වක් අපේ රට පාල­නය කළ මේ පාල­ක­යන් අපට අව­සා­නයේ ඉතුරු කර තිබෙන්නේ හැම අතින්ම කඩා­වැ­ටුණු රටක්. ජන­තා­ව­ගෙන් 68%කට පෝෂ්‍ය­දායි ආහාර වේලක් නෑ කියලා මහා බැංකු වාර්තා­වෙම තිබෙ­නවා. හරි­හ­මන් අධ්‍යා­ප­න­යක් නැති දරු­වන්, සිහින කඩා­වැ­ටුණු තරු­ණ­යන්, හරි­හ­මන් බෙහෙ­තක් හේතක් ගන්න බැරි හව්හ­ර­ණක් නැති මවු­පි­යන් ඉන්න රටක් බවට අපේ රට පත් වෙලා. නීති­යක් නැති, වින­යක් නැති, අප­රා­ධ­ව­ලින් ගහන රටක්, සියල්ල විනා­ශ­යට පත් වෙච්ච රටක් බවට අපේ රට පත් වෙලා තිබෙ­නවා. මේක තමයි අපි කියන 76 වස­රක ශාපය. මේ 21 දා එළ­ඹෙන්නේ අපේ රට අන්න ඒ ශාප­යෙන් මුදා­ගන්නා දින­යයි.

“මීට කලින් ආණ්ඩු හැදුවේ මාධ්‍ය විසින්. ඔවුන් විසින් ගොතන ලද ප්‍රබන්ධ මඟින්. මාධ්‍ය විසින් ප්‍රබන්ධ නාය­ක­යන් හද­නවා. මාධ්‍ය විසින් බිය, සැකය, අව­ලාද පතු­රු­ව­නවා. එහෙම කරලා තමයි මෙතෙක් ආණ්ඩු හැදුවේ. අද සම­හර මාධ්‍ය­ව­ලින් යම් තර­ම­කට අපට සහ­යක් තිබෙ­නවා. හැබැයි ඊට එහා ගිය ජන­තා­වගේ ස්වයං ක්‍රියා­කා­රි­ත්වය මඟින් තමයි අපට ජය­ග්‍ර­හ­ණය ගෙන දෙමින් සිටින්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමු වතා­වට මැර බලය, රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය පර­ද­මින් ජනතා බලය පෙරට පැමිණ තිබෙ­නවා.

“ජාතික ජන බල­වේ­ගයේ අර­මුණ අපේ රට­ටත්, රටේ ජන­තා­ව­ටත් යහ­පත් තත්ත්ව­යක් උදා කර දීමයි. මා කියන්නේ මේ උදාර කර්ත­ව්‍යයේ කුඩා කොට­සක් පම­ණයි. ඔබ සියලු දෙනා තමයි විශා­ලම කොටස. අසා­ධා­ර­ණ­යට, අයු­ක්ති­යට එරෙ­හිව මේ රටේ ජන­තාව දිගු කාල­යක් තිස්සේ සටන් කර­මින් ඉන්නවා. ඒත් අපට ජය­ග්‍ර­හ­ණය අත්පත් කර­ගන්න බැරි වුණා. අද අපට ජය­ග්‍ර­හ­ණය කරන්න හැකි­යාව ලැබී තිබෙ­නවා. අපේ ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ කිසිදු සැක­යක් තබා­ගන්න එපා. මෙවර අප ජය­ග්‍ර­හ­ණය කර­නවා නිය­තයි. මේ 21 උදා වන්නේ ජාතික ජන බල­වේ­ගය මේ රටේ ආණ්ඩු බලය ගැනීමේ ආර­ම්භ­යයි.

“අප පිය­ව­රෙන් පිය­වර මේ රට හද­නවා. පළ­මුව දේශ­පා­ල­න­ඥ­යන් ඒ සඳහා ආද­ර්ශය දිය යුතුයි. අපේ රටේ දේශ­පා­ල­නය කිවුවේ බදා­ගැ­නී­මට. එහෙම කළේ වෙන කිසි­වක් කරලා නොවෙයි; භාණ්ඩා­ගා­රයේ ධනය හොර­කම් කරලා, මහ­ජ­න­තා­වට ලැබිය යුතු ධනය හොර­කම් කරලා. අපේ රට හදන්න නම් පළ­මුව මේ මජර දේශ­පා­ල­නය රටින් අතු­ගා­දැ­මිය යුතුයි. ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව සහ­තික ලෙසම එය ඉටු කර­නවා.

“පාර්ලි­මේ­න්තු­වට ගියාම අවු­රුදු 5ටම දින 20යි සහ­භාගි වෙන්න ඕනෑ. ඊට පස්සේ ජීවි­තා­න්තය දක්වා විශ්‍රාම වැටු­පක් හම්බ වෙනවා. අපේ ගොවි ජන­තාව කොන්ද කුදු වෙලා, හම ඇකි­ළිලා, අවු­රුදු 70ක් 75ක් වෙලත් අමා­රු­වෙන් කුඹුරු කොට­නවා; විශ්‍රාම වැටු­පක් නෑ. මේක සාධා­ර­ණද? ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප කපා­හ­රි­නවා. ජන­තා­වට නැති සියලු ප්‍රභූ වර­ප්‍ර­සාද අහෝසි කර­නවා. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිට එය කර­නවා. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් ජනතා මුද­ලින් නඩත්තු කරන එක හා ඔවුන්ට දෙන වර­ප්‍ර­සාද කපා­හ­රි­නවා. සජිත් ප්‍රේම­දාස මහතා අප කරන කියන හැම දෙයක්ම කොපි කර­නවා. හැබැයි මේවා නම් කොපි කරන්නේ නැහැ. එයා කිවු­වොත් මන්ත්‍රී­ව­රුන්ගේ වාහන පර්මිට් අහෝසි කර­නවා කියලා ඔක්කොම වේදි­කා­වෙන් බැහැලා යනවා.

“ජන­තා­වට, දේශ­පා­ල­කයා කෙරෙහි විශ්වා­ස­යක් ගෞර­ව­යක් තිබෙන රටක් ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­ව­කින් අප හද­නවා. ලෝකය දිනන්න පුළු­වන් විදි­යට අප අපේ රටේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය සැල­සුම් කර­නවා. මේ විනා­ශයේ මුව­දො­රට රැගෙන ගිහින් තිබෙන රට, ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව විසින් ඉන් මුදා­ගෙන දියු­ණුව කරා රැගෙන යන දිනය තමයි මේ විසි­එක. කිසි දැක්මක් නැති අපේ රටේ දේශ­පා­ල­ක­යන් පැරණි ජාති­වාදි, ආග­ම්වාදි මඩ ගොහො­රුව නැවත අවු­ස්සන්න පටන් අර­ගෙන තිබෙ­නවා.

“නුවර දළදා පෙර­හර කියන්නේ අපේ රටේ සංස්කෘ­තික උරු­ම­යක්; අපේ රටේ ජන­තා­වගේ ඓති­හා­සික උරු­ම­යක්; ජාතියේ උරු­ම­යක්. ඒත් දේශ­පා­ල­කයෝ කරන්නේ මොකක්ද? ඒවා ගේනවා ඡන්ද වේදි­කා­වට. අපි ආවාම පෙර­හර නතර කර­න­වලු. හැබැයි කට්ටිය පෙර­හරේ බලා ඉන්න, අපි ආපු­ව­හම උසාවි යන්න; හිර­ගෙ­වල් ඇතු­ළට යන්න. ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව ආපු­ව­හම පන්ස­ල්ව­ලට දානය නැති වෙන­වලු. දානෙ දෙන්නේ පක්ෂද? ආණ්ඩුද? ගැසට් ගහ­ලද? ඒවා අපේ ශිෂ්ටා­චා­ර­යට අයිති දේවල්; ආගම පිළි­බඳ ශ්‍රද්ධාව. සජබ වේදි­කාවේ ඒවා දේශ­පා­ලන සටන් පාඨ බවට පත් කර­ගෙන. ඒවා ජාතික උරු­ම­යන්. ජාතික කොඩිය පවා ඡන්ද වේදි­කා­වට ගේන්න ඕනෑ එකක් නොවෙයි. ඒවා රටේ ජාතික උරු­ම­යන්. ඒවාට නිසි ගෞර­වය අප දෙන්න ඕනෑ. ජාතික කොඩිය අයිති පක්ෂ­ව­ලට නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝ­ටම අයිති ජාතික දෙයක්. ඒ ගොල්ලන් කිය­නවා අපි ආවාම ජාතික කොඩිය වෙනස් කරන්න යන­වලු. සජබ වේදි­කාවේ අද තිබෙන්නේ මඩ හා අව­ලාද පම­ණයි.

“අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අතේ තියා­ගෙන කිය­නවා අපේ පාල­න­යක් යටතේ අපි නිරා­ග­මික රාජ්‍ය­යක් හද­න­වලු. එක හාමු­දුරු නමක්, පොතේ නැති පට්ට­පල් බොරු දෙසා­බා­නවා. අපි ඒ පොඩි හාමු­දු­රු­වන්ට නම් යැවුවා එන්ත­ර­වා­සි­යක්. අපි කව­දා­වත් හාමු­දු­රු­වන් වහ­න්සේලා සමඟ නඩු කියන්න කැමැති අය නොවෙයි. නමුත් මේ කැත වැඩය කොත­නින් හෝ නතර විය යුතුයි. හිස්බුල්ලා මහතා එරා­වු­ර්ව­ලට ගිහිල්ලා ඒ වගේම බේගල් මුස්ලිම් ජන­තා­වට කිය­නවා. මුස්ලිම් ජන­තා­වගේ අවු­රු­ද්ද­කට රාම­සාන් සහ හජ්ජි කියලා ප්‍රධාන ආග­මික උත්සව දෙකක් තිබෙ­නවා. අපි ආවාම එකක් කර­න­වාලු. මුස්ලිම් ජන­තාව දව­ස­කට පස්ව­තා­වක් වන්දනා කර­නවා. අපි බල­යට ආවොත් ඒක නතර කර­න­වලු. අපිට වෙන වැඩ නැහැනෙ. අපි ආපු­ව­හම මුස්ලිම් ජන­තා­වට රැවුල් වවන්න දෙන්නෙ නැතිලු. මම එරා­වු­ර්ව­ල­ටත් ගිහිල්ලා කිවුවා මමත් රැවුල වවා­ගෙන ඉන්නෙ කියලා!

“ජාතිය, ආගම වැනි දේවල් කිසි දිනෙක දේශ­පා­ලන වේදි­කා­වට ගත යුතු දේවල් නොවෙයි. ඒවා ජාතික උරු­ම­යන්. අපේ ශිෂ්ටා­චා­රය. ඒවා දේශ­පා­ල­නික සටන් පාඨ කර­ගත යුතු නැහැ. නමුත් සජබ මුළු වේදි­කා­වම අද ඒවා අතට අර­ගෙන. මේ රට ගොඩ­න­ඟන හැටි, ආර්ථි­කය ගොඩ­න­ඟන හැටි, විදේශ සමග රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ගොඩ­න­ඟන හැටි වැනි ගැඹුරු දේවල් සජිත් ප්‍රේම­දාස මහ­තාට සාකච්ඡා කරන්න පුළු­වන්ද? බැහැ.  ඉස්කෝල ටික විදෙස් කෝටි­ප­ති­යන්ට බාර­දෙ­න­වාලු. අන්ති­මට සජිත් කියයි මුළු රටම විදේ­ශ­ව­ලට බාර දෙනවා කියලා. ඒ වගේ සිඟිති ආතල් කතා තමයි සජිත් මහතා කියන්නේ.

“මේ රට බේරා­ගන්න තමයි මාලි­මාවේ ආණ්ඩුව එන්නේ. අපට විශ්වා­සයි මේ රටේ ජන­තාව මේ 21 දාට තියෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්ද පෙට්ටි මාලි­මාවේ ඡන්ද­ව­ලින් පුර­ව­නවා. දැන් නම් ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය කිසි­ව­කු­ටත්, මොන දේ කළත් වළ­ක්වන්න බැහැ. ඒක ඒ තර­ම­ටම සහ­ති­කයි. අපේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පස්සේ අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.”

ජාතික ජන බල­වේ­ගයේ ‘අදි­ටන’ සාමූ­හි­කයේ රියර් අද්මි­රාල් ෆ්‍රෙඩ් සෙනෙ­වි­රත්න මහතා:

“දූෂිත දේශ­පා­ලන පක්ෂ තමන්ගේ රැස්වීම් සඳහා මහ­ජ­න­තාව එකතු කර­ගැ­නී­මට අරක්කු කාලක්, බත් පැකට් එකක්, අතට මුද­ලක් දී රැලි­ව­ලට කැඳ­වා­ගන්නා පරි­ස­ර­යක් තුළ කිසිම ප්‍රති­ලා­භ­යක් අපේක්ෂා නොකර මෙත­නට රැස් වී සිටින දස දහස් සංඛ්‍යාත ඔබ දුටු විට මා තුළ විශාල ගෞර­ව­යක් ඇති වනවා. ඔබ අපට ශක්ති­යක්. මගේ කතා­වට ප්‍රථම ඔබට සුභ ආරං­චි­යක් දැනුම් දීමට තිබෙ­නවා. මම අදි­ටන සමූ­හයේ ක්‍රියා­කා­රි­ක­යකු ලෙස පසු­ගිය අවු­රුදු එක හමා­රක පමණ කාලය තුළ රට වටේම ඇවිද්දා. අපේ ව්‍යාපා­රය වෙනු­වෙන් අප ත්‍රිවිධ හමු­දාවේ විශ්‍රා­මි­ක­යන් හමු වුණා. ඒ වගේම ඔවුන්ගේ පවු­ල්වල උද­විය සහ වට­පි­ටාවේ මහ­ජ­න­තාව සම­ඟත් කතා­බහ කළා. ඒ අනුව අපේ දේශ­පා­ලන ගණන් බැලී­මට සහ ඒ ලද අත්දැ­කී­ම්ව­ලට අනුව මේ වන විට ජාතික ජන බල­වේ­ගය දින­වීම සඳහා කෝටි­ය­කට ආසන්න ජන­තා­වක් පෙළ­ගැසී සිටින බව මම නිර්භ­ය­වම ප්‍රකාශ කර සිටි­නවා.

“ඔබේ ආස­න­යත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වැඩි ඡන්ද 30,000කට වඩා වැඩි ප්‍රමා­ණ­ය­කින් අපේ අනුර සහෝ­ද­රයා ජය­ග්‍ර­හ­ණය කරන බව මා ස්ථිර­වම ප්‍රකාශ කර සිටි­නවා. එහෙම කියන්නේ මිනි­සුන්ගේ සිතුම් පැතු­ම්ව­ලින් මා උක­හා­ගත් දේව­ල්ව­ලින්. මා ඔබ­ගෙන් ප්‍රශ්න කිහි­ප­යක් අහ­නවා. ඒක නිසා මා සමඟ අම­නාප වෙන්න එපා. පළමු ප්‍රශ්නය: ඔබලා මේ දව­ස්වල කන්නේ බොන්නේ කොහො­මද? මේකට උත්තර දෙන්න බොහෝ අයට අප­හ­සුයි කියලා මා දන්නවා. අම්මා තාත්තා නොකා හිටි­යත් දරු­වට කන්න දෙන මවු­පි­යන් ඉන්න රටක් මේක. මගේ දෙවැනි ප්‍රශ්නය: මෑතදී ඔබ අලුත් ඇඳු­මක් පැල­ඳු­මක් ගත්තාද? පවුලේ අයට එහෙම අරන් දුන්නාද? ඒක­ටත් දැන් ඔබේ හිතේ තිබෙන උත්ත­රය මම දන්නවා. මම ඊළ­ඟට අහ­නවා: ඔබ කොප­මණ කල­කින් චිත්‍ර­ප­ට­යක් බැලු­වාද? කියලා. පවුලේ අය සමග නාට්‍ය­යක් බලන්න ගියාද? ඒකට ඔබේ උත්ත­ර­යත් මම දන්නවා. ඔබ විනෝද ගම­නක්, වන්දනා ගම­නක් ගියාද? ඒ ගැන හිත­න්න­වත් පුළු­වන්ද? අප කවු­රුත් ආසයි පිට­තට ගිහිල්ලා හෝ ගෙද­රට ගෙන්නා­ගෙන විශේෂ කෑමක් බීමක් පරි­භෝ­ජ­නය කරන්න. ඒත් අද අපට එහෙම කරන්න පුළු­වන්ද? මේවාට උත්තර ඔබේ හිත ඔබට කොඳුරා කියාවි. ඇයි අපට මෙහෙම වුණේ? මේකට මෙතෙක් මේ රට පාල­නය කළ දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම මහ­ජ­න­තාව හැටි­යට අපත් වග­කිව යුතු නොවේද?

“නැව­තත් මේ පාල­ක­යන්ම පත් වුණොත් මේ රටට කුමක් වේවිද? හැබැයි හොඳ වෙලා­වට මේ සැරේ එහෙම වෙන්නේ නැහැ. මේ සැරේ ඒ ඔක්කෝම ගෙදර. මේ 21 දායින් පසු ජාතික ජන බල­වේ­ගයේ රජ­යක් මේ රට තුළ ගොඩ­න­ඟ­නවා නිය­තයි. ඒ සඳහා අපට තිබෙන සහ­ති­කය කුමක්ද? ඒ තමයි ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­යාගේ සිට පහ­ළම සාමා­ජි­කයා දක්වා තිබෙන දේශ­පා­ලන භාවි­තය. ඔවුන්ට නිවැ­රදි දැක්මක් තිබෙ­නවා රට හදන්න. ඔවුන්ට හොඳ කණ්ඩා­ය­මක් ඉන්නවා. අව­සාන වශ­යෙන් අප ඔබට එකක් කිය­නවා. මේ 21 දා අපේ අනුර සහෝ­ද­රයා ස්ථිර ලෙසම ජනා­ධි­පති වෙනවා. ඊළ­ඟට එන මහ මැති­ව­ර­ණ­යත් අප දින­නවා. ඒ වගේම මේ රට ඉති­හා­සයේ ප්‍රථම වතා­වට නව පුන­රුද යුග­ය­කට පා තබ­නවා.”

මේ අව­ස්ථා­වට ජාතික ජන බල­වේ­ගයේ නාය­ක­යන්, මහා සංඝ රත්නය ඇතුළු පාක්ෂි­කයෝ විශාල පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

ඡායාරූප – සුදත් නිෂාන්ත

 

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here