Home Sport News Room : දෙවැනි තර­ග­යෙන් කඩුලු 5ක ජයක් ‘ඒ’ සිව්දින තර­ගා­ව­ලියත් 2-0කින්...

News Room : දෙවැනි තර­ග­යෙන් කඩුලු 5ක ජයක් ‘ඒ’ සිව්දින තර­ගා­ව­ලියත් 2-0කින් ශ්‍රී ලංකාව ජය ගනී

1
0

දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩා­යම සමඟ බිනෝ­නි­හිදී පැවැ­ත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග දෙක­කින් සම­න්විත නිල නොවන සිව්දින තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, දෙපිල අතර එක්දින තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා­වයි.

තර­ගයේ අව­සන් දිනය වූ ඊයේ ජය­ග්‍ර­හ­ණය සඳහා හිමි වූ ලකුණු 254ක ඉල­ක්ක­ය හඹා­ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී තිබි­යදී ජය තහ­වුරු කර ගැනී­මට සමත් විය.

තර­ගයේ අව­සන් දිනය වූ බැවින් ශ්‍රී ලංකා­වට වේග­යෙන් ඉල­ක්කය හඹා යෑමට සිදු වූ අතර, මුල් කඩුලු 3 ලකුණු 63ක් තුළ බිඳ දැමී­මට දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් සිව්වැනි කඩු­ල්ලට පිටියේ එක් වූ නායක පසිඳු සූරි­ය­බ­ණ්ඩාර සහ පවන් රත්නා­යක ලකුණු 136ක සබ­ඳ­තා­වක් පිහි­ටු­ව­මින් ජය­ග්‍ර­හ­ණයේ අඩි­තා­ලම දැමූහ. පසිඳු පන්දු 67කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 52ක් රැස් කර සිටි­යදී දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා වුවද වේග­වත් පිති­හ­ර­ඹ­යක නිරත වූ පවන් ශත­ක­යක් රැස් කර­මින් ශ්‍රී ලංකා ජය තහ­වුරු කළේය.

පන්දු 61කින් සිය ශත­කය සම්පූර්ණ කර­ගත් පවන් නොදැවී ලකුණු 116ක් රැස් කළේ පන්දු 67කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සම­ඟිනි.

ලකුණු 15ක පළමු ඉනිමේ වාසි­යක් සමඟ පෙරේදා සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකා ‘ඒ’ පිල කඩුලු 9ක් දැවී තිබි­යදී ඉනිම අත්හි­ටු­වන විට ලකුණු 238ක් රැස් කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා­වට ලකුණු 254ක ජය­ග්‍රාහී ඉල­ක්කය හිමි විය. මේ තර­ගයේ පළමුව පන්දු­වට පහ­ර­දුන් දකුණු අප්‍රිකා ‘ඒ’ පිල පළමු ඉනි­මට ලකුණු 334ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 319ක් පමණි.

තර­ගයේ තෙවැනි දිනය (පෙරේදා) නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 112ක් රැස් කර සිටි දකුණු අප්‍රිකා ‘ඒ’ පිල ඊයේ තවත් කඩුලු 6ක් දැවී ලකුණු 126ක් එක් කර ගත්තේය. ලකුණු 45ක් රැස් කර සිටි ජීන් ඩු ප්ලෙසිස් තවත් ලකුණු 3ක් රැස් කිරී­මෙන් පසු දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඩෙවල්ඩ් බ්‍රෙවර්ස් සිය ඉනිම ලකුණු 74 දක්වා ඉදි­රි­යට ගෙන ගියේය. ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ ඔහු පන්දු 75කදි හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල කර තිබිණි. සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 20 සීමා­වට පිවි­සී­මට ශ්‍රී ලංකා පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි. පන්දු යැවී­මේදී ඉසිත විජේ­සු­න්දර, මොහො­මඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

දකුණු අප්‍රිකා ‘ඒ’ පළමු ඉනිම – 334 (ඕවර 92.1) නීල් බ්‍රෑන්ඩ් 129, ඩෙවල්ඩ් බ්‍රෙවිස් 49, මාර්කස් ඇක­ර්මන් 37 (සොනාල් දිනූෂ 48/3, ඒෂාන් මාලිංග 68/3, ඉසිත විජේ­සු­න්දර 60/2) සහ දෙවැනි ඉනිම – 238/9 (ඕවර 51.2) ඉනිම අත්හි­ටු­වන ලදි. ඩෙවල්ඩ් බ්‍රෙවර්ස් 74, ජීන් ඩු ප්ලෙසිස් 48 (ඉසිත විජේ­සු­න්දර 23/2, මොහො­මඩ් ශිරාස් 43/2, ඒෂාන් මාලිංග 55/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 319 (ඕවර 91) ළහිරු උදාර 129, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර 92 (ප්‍රෙනෙ­ලන් සුබ්‍ර­යින් 64/6, නීල් බ්‍රෑන්ඩ් 45/2) සහ දෙවැනි ඉනිම – 254/5 (ඕවර 41.3) පවන් රත්නා­යක නොදැවී 116, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර 52 (ප්‍රෙනෙ­ලන් සුබ්‍ර­යින් 108/3, බේයර්ස් ස්වැන්පෝල් 30/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here