Home Sport News Room : නොම්මර එකේ රග්බි පුහු­ණු­කරු ජාතික පිල ස්වේච්ඡා­වෙන් පුහුණු කරන්න...

News Room : නොම්මර එකේ රග්බි පුහු­ණු­කරු ජාතික පිල ස්වේච්ඡා­වෙන් පුහුණු කරන්න ඉදි­රි­පත් වෙයි

0
0

ජාතික රග්බි කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස ස්වේච්ඡා­වෙන් කට­යුතු කිරී­මට අය­දු­ම්පත් යොමු කර­න්නැයි ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙරට සුදු­සු­කම් ලත් රග්බි පුහු­ණු­ක­රු­වන්ට කළ දැනු­ම්දී­මට අනුව ජාතික රග්බි පිලේ හිටපු පුහු­ණු­ක­රු­වකු වන නිල්ෆර් ඉබ්‍රා­හිම් මහතා ඉදි­රි­පත් වී ඇතැයි ආරංචි මාර්ග සඳ­හන් කළේය.

2014 වස­රේදී ඉති­හා­සයේ පළමු වතා­වට ශ්‍රී ලංකා රග්බි පිල ආසි­යාවේ තුන්වැනි ස්ථානය දක්වා රැගෙන යෑමට සමත්වූ නිල්ෆර් ඉබ්‍රා­හිම් පසුව එව­කට රග්බි ආය­ත­නයේ පරි­පා­ල­නයේ ‘කැපි­ල්ලට’ හසුවූ අතර, ඔහු මෙවර ප්‍රධාන පුහු­ණු­කරු ලෙස ස්වේච්ඡා­වෙන් කට­යුතු කිරී­මට ඉදි­රි­පත් වීම කැපී පෙනෙන සිදු­වී­මකි.

මහ­නු­වර කිංග්ස්වුඩ් විදු­හ­ලෙන් රග්බි ක්‍රීඩා­වට එක්වී 1998 සිට 2006 දක්වා ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කළ නිල්ෆර් ඉබ්‍රා­හිම් වසර 2011 සිට 2018 දක්වා වසර අටක කාලය තුළ පාසල් පුහු­ණු­ක­රු­වකු ලෙස මෙරට ප්‍රධා­න­තම පාසල් කණ්ඩා­යම් 3ක් සභා­පති කුස­ලාන පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ පාසල් රග්බි තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට රැගෙන යෑමට ක්‍රීඩ­ක­යන් මෙහෙ­යවූ අතර, ඉන් වසර 4ක්ම කුස­ලා­නය දිනා ගැනී­මට එම විදු­හල් සමත් විය.

2014දී ඉසි­ප­තන විදු­හල් පිල ලීග්, පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ සහ සත් සාමා­ජික රග්බි ශූරතා ත්‍රිත්ව­යත්, 2016දී ලීග් සහ පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ ශූරතා ද්විත්ව­යත්, 2017 වස­රේදී සාන්ත ජෝසප් විදු­හල් පිල ඉති­හා­සයේ පළමු වතා­වට පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ රග්බි ශූර­තා­වත් දිනා ගනු ලැබුවේ නිල්ෆර්ගේ පුහු­ණු­කා­රී­ත්වය යට­තේය.

15 සාමා­ජික සහ සත් සාමා­ජික රග්බි මුහු­ණු­වර ද්විත්ව­යේම දෙවැනි මට්ටමේ සහ­ති­ක­ලත් පුහු­ණු­ක­රු­වකු වන නිල්ෆර් ඉබ්‍රා­හිම් වසර 2022 සිට පොලිස් ක්‍රීඩා සමා­ජයේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරන අතර, වසර 33කට පසු පොලිස් ක්‍රීඩා සමා­ජ­යට පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ රග්බි ශූර­තා­වත්, වසර 35කට පසු සත් සාමා­ජික රග්බි ශූර­තා­වත් අත්කර ගැනී­මට විශිෂ්ට දාය­ක­ත්ව­යක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩා­ය­මට ස්වේච්ඡා­වෙන් කට­යුතු කිරී­මට පුහුණු කාර්ය මණ්ඩ­ල­යක් ඉල්ලා නිවේ­ද­නය කර ඇත්තේ වසර 2025 දී ආසි­යානු සත් සාමා­ජික රග්බි තර­ග­මා­ලා­වට ඇතු­ළත් වීම සඳහා නේපා­ලයේ පැවැ­ත්වෙන සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම­ටය. ඒ සඳහා සහ­භාගි වන ලෙස ආසි­යානු රග්බි සංග­ම­යෙන් ඇර­යුම් ලැබී ඇතැයි වාර්තා වේ.

ෆවුස් මොහො­මඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here