20
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය සම්බන්ධව මෙතෙක් සාර්ථක ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් ලබන වසරේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා පාකිස්තාන රුපියල් ට්‍රිලියන 9.3ක දේශීය ණය ඇස්තමේන්තුවක් සකස් කිරීමට රජයට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත පාකිස්තානයේ දේශීය ණය මුදල ඉහළ යෑමෙන් එරට රජය දෙබිඩි ණය උගුලක පැටලී සිටින බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තානයේ ආර්ථික විශේෂඥවරුන්ට අනුව පසුගිය ජූලි මාසය වන විට එරට දේශීය ණය රුපියල් බිලියන 537කින් ඉහළ ගොස් ඇතැයි ද, රාජ්‍ය යාන්ත්‍රණයේ වියදම් සීඝ්‍ර වශයෙන් ඉහළ යෑම ඊට හේතු වී ඇතැයිද වාර්තා වේ. මේ තත්ත්වය මත දේශීය ණය ගැනීම් තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, පසුගිය ජූනි මාසයේ පාකිස්තාන රුපියල් ට්‍රිලියන 68. 914ක් වූ රටේ මුළු දේශීය ණය ප්‍රමාණය ජූලි මාසය වන විට ට්‍රිලියන 69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මාසයක් ඇතුළත රුපියල් බිලියන 690කින් බව ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.