21
මධ්‍යම බංග්ලාදේශයේ ගාසිපූර් දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවකයන් ඉල්ලීම් 13ක් මුල් කරමින් ඊයේ උදෑසන වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එරට ප්‍රමුඛතම අම්ට්රානෙට් සමුහ ව්‍යාපාරයට අයත් එම ඇඟලුම් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් හාරදහසක් පමණ සේවයේ නිරතව සිටින අතර, සිය ඉල්ලීම් ඉටු කරනතුරු අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරතවන බවට හිමිකරුවන්ට තර්ජනය කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වැඩ වර්ජනය හේතුවෙන් කර්මාන්තශාලාවල නිෂ්පාදනය මුළුමනින්ම නතර වී ඇති බව ද වාර්තා වේ. කර්මාන්තශාලාවල ආරක්ෂාව සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද, වැඩ වර්ජනය අවසන් කරගැනීමට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පොලිසිය මැදිහත්වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.