Home World News Room : බංගලි ඇඟ­ලුම් සේව­කයෝ 4000ක් අඛණ්ඩ වැඩ වර්ජනයක

News Room : බංගලි ඇඟ­ලුම් සේව­කයෝ 4000ක් අඛණ්ඩ වැඩ වර්ජනයක

0
0

මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් දිස්ත්‍රි­ක්කයේ ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා දෙකක සේව­ක­යන් ඉල්ලීම් 13ක් මුල් කර­මින් ඊයේ උදෑ­සන වැඩ වර්ජ­න­යක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එරට ප්‍රමු­ඛ­තම අම්ට්‍රා­නෙට් සමුහ ව්‍යාපා­ර­යට අයත් එම ඇඟ­ලුම් කර්මා­න්ත­ශා­ලා­වල සේවක සේවි­කා­වන් හාර­ද­හ­සක් පමණ සේවයේ නිර­තව සිටින අතර, සිය ඉල්ලීම් ඉටු කර­න­තුරු අඛ­ණ්ඩව වැඩ වර්ජ­නයේ නිර­ත­වන බවට හිමි­ක­රු­වන්ට තර්ජ­නය කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වැඩ වර්ජ­නය හේතු­වෙන් කර්මා­න්ත­ශා­ලා­වල නිෂ්පා­ද­නය මුළු­ම­නින්ම නතර වී ඇති බව ද වාර්තා වේ. කර්මා­න්ත­ශා­ලා­වල ආර­ක්ෂාව සඳහා පොලිස් කණ්ඩා­ය­මක් යොදවා ඇතැයි ද, වැඩ වර්ජ­නය අව­සන් කර­ගැ­නී­මට දෙපා­ර්ශ්වය අතර සාක­ච්ඡා­වක් පොලි­සිය මැදි­හ­ත්වී­මෙන් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here