18
මෙවර ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම අද(19) පෙරවරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවිය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුලු යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානි /යුරෝපා පාර්ලිමෙන්තු මන්ත්‍රී සැන්චෙස් ආමර් මහතා (Sanches Amor ) ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
මෙහිදි මැතිවරණයට අදාළ කටයුතු පිළිබදව ඔවුන් අදහස් හුවමාරු කර ගත් අතර පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ මධ්‍යම පළාතේ මැතිවරණ කටයුතු සාමකාමිව සිදු වන බවය.
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්විම සදහා අවශ්‍ය කටයුතු රජයේ නිලධාරින් ඇතුලු අනෙකුත් පාර්ශ්ව විසින් සිදු කරන බවද පැවසිය.
ජනාධිපතිවරණය සදහා රජයේ නිලධාරින් ඇතුලු ඒ හා සම්බන්ධ ආයතන විශාල සේවයක් ඉටුකරන බවත් ඔවුන් ඒ සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම කියා සිටියහ.