23
දේශපාලන අත්දැකීම්,ජාත්‍යන්තර සබඳතා සැසඳීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි අයකු ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා අතර නැති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේ රටේ අනාගතය තීන්දු කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වන බවයි.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පෙරේදා (17) ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනාධිපතිවරණ ප්රචාරක රැලියට සහභාගී වෙමිනි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් මේ රැලිය සංවිධානය කර තිබුණි.
එහිදී ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
“අනාගතයේ රට ගොඩගත හැකි නායකයා රනිල්.ඒ විශ්වාසය අපට තිබෙනවා. රට වැටුණ වෙලාවෙ පොහොට්ටුවෙ අපි කල්පනා කළා මේ රට භාරගන්න සුදුසු කවුද කියලා. ඒ අනුව අපි තීරණය කළා මේ රට භාරගන්න සුදුසුම නායකයා ඔබතුමා කියලා.
කඩවත රැස්වීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියා ඔබට ආරාධනා කළේ ඒ නිසයි. ඔබතුමා ඒ ආරාධනය පිළිගත්තා.
තමන්ගේ පක්ෂය අතෑරලා අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් දේශපාලන වේදිකාවක් හදන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.
මම හැමදාම දේශපාලනය කළේ පියාගේ ප්‍රතිපත්ති එක්කයි.හැමදාමත් මම පක්ෂයට වඩා රට ගැන හිතපු කෙනෙක්.ඒ නිසා තමයි ඔබතුමා ජයග්‍රහණය කරවන්න අපි පෙරමුණ ගත්තේ.
පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගම්පහ දිස්ත්‍රීක්කයේ වැඩි ඡන්ද ලක්ෂ තුන හමාරකින් ජයගත්තා.අපි මේ පාර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඔබතුමා ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවනවා.ඔබට දේශපාලනයේ විශාල අත්දැකීම් තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය –
එක්ව ජයගමු තේමාව යටතේ කඩවත පැවති ජන හමුවේදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමු කියා යෝජනා කළේ ප්‍රසන්න රණතුංග මහතා. මම මේක අවස්ථාවක් කරගන්නවා එතුමාට ස්තූති කරන්න.මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට, ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහන හැම කෙනා වෙනුවෙන්ම මේ අවස්ථාව කෘතවේදීත්වය පුද කරන්න අවස්ථාවක් කර ගන්නවා.