Home World News Room : හිස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­ගත් පේජර් යන්ත්‍ර පිපු­රු­ම­කින් 12ක් මරුට

News Room : හිස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­ගත් පේජර් යන්ත්‍ර පිපු­රු­ම­කින් 12ක් මරුට

0
0

ඊශ්‍රා­ය­ලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් බහු­ලව භාවිත කරන ‘පේජර්‘ කෙටි පණි­විඩ යන්ත්‍ර තොග­යක් එක­වර පුපුරා යෑමෙන් එම සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු ඇතුළු 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්ව­රුවේ දකුණු ලෙබ­න­න­යේදී මේ විස්ම­ය­ජ­නක පේජර් යන්ත්‍ර පිපි­රී­මෙන් කුඩා දරු­වන් දෙදෙ­න­කුට ද ජීවිත අහිමි වූ බව වාර්තා වේ. තවත් තුන්ද­හ­ස­කට ආසන්න පිරි­සක් තුවාල ලබා ඇති අතර, ඉන් 200කගේ තත්ත්වය බර­ප­තළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. තුවාල ලැබූ පිරිස අතර ලෙබ­න­නයේ ඉරාන තානා­ප­ති­ව­රයා ද සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඊශ්‍රා­ය­ලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන්ගේ ජංගම දුර­ක­තන තරංග ඔස්සේ ඔවුන් සිටින ස්ථාන හඳුනා ගැනී­මට ඊශ්‍රා­යල හමු­දා­වට හැකි­යාව ඇති බැවින් පේජර් පණි­විඩ යන්ත්‍ර භාවිත කරන ලෙස මීට මාස කිහි­ප­ය­කට පෙර එම සංවි­ධා­නයේ නායක හසන් නස්රල්ලා උප­දෙස් දී තිබූ බවත්, ඒ අනුව එම සංවි­ධා­නයේ සියලු සාමා­ජි­ක­යන් පේජර් යන්ත්‍ර භාවිත කර­මින් සිටි බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

තායි­වා­නයේ නිෂ්පා­දන සමා­ග­ම­කින් ඇණ­වුම් කර තිබූ පේජර් යන්ත්‍ර තොගය ලෙබ­න­න­යට නැව්ගත කළ කාල­සී­මාව සඳ­හන් නොවූ­වද, හිස්බුල්ලා සංවි­ධා­න­යට ලැබී­මට පෙර ඊශ්‍රා­ය­ලයේ මොසාඩ් බුද්ධි ඒක­කය විසින් එහි සියලු පේජර් යන්ත්‍ර ඇතු­ළත පුපු­රණ ද්‍රව්‍ය සඟ­ව­න්නට ඇතැයි ද, පසුව හිස්බුල්ලා සාමා­ජි­ක­යන්ගේ භාවි­ත­යට ගැනී­මෙන් පසු ස්වයං­පා­ලන ආධා­ර­ය­කින් එක­වර පුපුරා දම­න්නට ඇතැයි ද ලෙබ­නන් රජය මෙන්ම හිස්බුල්ලා සංවි­ධා­නය ද සැක පහළ කර ඇතැයි වාර්තා වේ. මේ පිළි­බඳ ඊශ්‍රා­ය­ලය මෙතෙක් කිසිදු ප්‍රකා­ශ­යක් නිකුත් කර නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අතර සිය සමා­ගම විසින් නැව්ගත කරනු ලැබූ එම පේජර් යන්ත්‍ර තොගය මිට මාස කිහි­ප­ය­කට පෙර හංගේ­රි­යාවේ සමා­ග­මක් විසින් නිෂ්පා­ද­නය කළ බව තායි­වා­නයේ ගෝල්ඩ් ඇපලෝ සමා­ගම ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. සැල­සුම් සහ­ගත ලෙස ඊශ්‍රා­යල රජයේ අව­ශ්‍ය­තාව මත මොසාඩ් සංවි­ධා­නය විසින් එම ප්‍රහා­රය සිදු කර­න්නට ඇතැයි චෝදනා කරන හිස්බුල්ලා සංවි­ධා­නය ඊට ප්‍රති­චාර දක්වන බව නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පේජර් යන්ත්‍ර ළඟ තබා­ගෙන සිටින පුද්ග­ල­යන් පිපි­රී­මත් සමඟ බිම ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පට රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංස­ර­ණය වෙමින් පවතී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here